Hadith for the World
Tap the image to view it full size
ශුද්ධ වූ අල්කුර්ආනය සහ එහි ක්ෂේත්ර

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 43 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම අල් කුර්ආනය සමග බැඳුණු තැනැත්තා බැඳ දමන ලද ඔටු හිමිකරුවකු මෙනි. ඔහු ඔවුන්ට සලකන්නේ නම් ඔහු ඔවුන්ව රඳවාගනු ඇත. ඔහු ඔවුන්ව අතහැර දැමුවේ නම්, ඔවුන් පළා යනු ඇත."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

අල් කුර්ආනය හදාරා, එය බලමින් හෝ කටපාඩමින් කියවීමට ඇල්ම දක්වන උදවිය ඔටුවකුගේ පාදය ලණුවකින් බැඳ දමා ඇති ඔටු හිමියෙකුට උපමා කළහ. ඔහු එසේ බැඳ තබන්නේ නම් ඔහු එය රඳවාගනු ඇත. උගේ පාලනය මුදා හැරියේ නම් ඌ පළා යනු ඇත. එලෙසම අල් කුර්ආනය සමග බැඳී කටයුතු කර එහි ඇති දෑ ඔහු කියවන්නේ ද එය ඔහුව මෙනෙහි කරනු ඇත. එසේ නොවූ විටෙක එය අමතක කර දමනු ඇත. එබැවින් අල් කුර්ආනය සමග වූ බැඳියාව පවතින කල්තාක් ආරක්ෂාව ද පවතිනු ඇත.

Source
متفق عليه
Download image

Saved at original quality