Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

අස්වද් ඉබ්නු යසීද් තුමා මෙසේ පවසයි:

Available in 41 languages
«අස්වද් ඉබ්නු යසීද් තුමා මෙසේ පවසයි: නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් එතුමාණන්ගේ නිවසේ සිදු කරමින් සිටියේ කුමක් දැ?යි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසන ලදී. ඇය: එතුමා තම නිවසේ කටයුතුවල නිරතවන්නෙකු වූහ. -එනම් නිවැසියන්ට වැඩපල කර දුන්හ) නමුත් සලාතයේ වේලාව පැමිණි විට සලාතය සඳහා පිටත්ව ගියහ.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ නිවසේ එතුමාණන්ගේ තත්ත්වය කෙසේ වී ද? එතුමාණන් කුමක් සිදු කරමින් සිටියේ ද? යැයි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසන ලදී. ඇය, "එතුමාණන් සෙසු මිනිසුන් මෙන් කටයුතු කරන්නෙකු වූහ. මිනිසුන් තම නිවෙස්වල සිදු කරන ක්‍රියාවන් එතුමාණෝ ද සිදු කළහ. තමන් වෙනුවෙන් මෙන්ම තම නිවැසියන් වෙනුවෙන් ද වැඩපල කර දුන්හ. එතුමාණන් එළිච්චියගෙන් කිරි දෙවූහ. ඇඳුම් මසා ගත්හ, පාවහන් අළුත් වැඩියා කර ගත්හ. බඳුන් අලුත් වැඩියා කර ගත්හ. නමුත් සලාතය ඉටු කරන වේලාව පැමිණි විට, එතුමාණෝ ප්‍රමාද කිරීමකින් තොරව ඒ සඳහා පිටත්ව ගියහ." යැයි පැවසීය.

Source
رواه البخاري
Download image

Saved at original quality