Hadith for the World
Tap the image to view it full size
ප්රතිපත්තිය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී.

Available in 71 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "අහස් සහ මහපොළොව මැවීමට වසර පනස් දහසකට පෙර අල්ලාහ් මැවීම්වල ඉරණම (පෙර නියමයන්) නියම කළේය. එතුමා තවදුරටත් මෙසේ පැවසීය: ඔහුගේ දේවාසනය ජලය මත විය."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

ජීවිතය, මරණය, පෝෂණය හා මැවීම්වලට සිදුවීමට නියමිත සෙසු සියලු ඉරණම් පිළිබඳව සවිස්තරාත්මකව "ලව්හුල් මහ්ෆූල්" නම් ආරක්ෂිත ඵලකයේ, අහස් සහ මහපොළොව මැවීමට වසර පනස් දහසකට පෙර සර්වබලධාරී අල්ලාහ් ලියා ඇති බවත් අල්ලාහ් තීන්දු කළ දෑට අනුව ඒවා සිදුවන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. ඒ අනුව පවතින සියලු දෑ අල්ලාහ්ගේ තීන්දුව හා පෙර නියමය අනුව ක්‍රියාත්මක වේ. ගැත්තාට සිදු වූ දෑ ඔහුට මඟ හැරෙන්නට තිබූ දෙයක් නොවීය. ඔහුට මඟ හැරුණු දෑ ඔහුට සිදුවන්නට තිබූ දෙයක් නොවීය.

Source
رواه مسلم
Download image

Saved at original quality