ආගමික නීති හා එහි මූලධර්ම
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
Available in 43 languages
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "උත්තරීතර අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් කිසිදු හෙවණක් නැති දිනයේ ඔහුගේ හෙවණ තුළ ඔහු හෙවණ ලබා දෙන හත් දෙනෙකු සිටිති. යුක්ති ගරුක නායකයා, අල්ලාහ්ගේ නැමදුම තුළ වැඩුණු තරුණයා, දේවස්ථාන සමග ඔහුගේ හදවත බැඳුණු මිනිසා, අල්ලාහ් විෂයයෙහි එකිනෙකා ආදරය කරන මිනිසුන් දෙදෙනා, ඔවුන් දෙදෙනා ඔහු වෙනුවෙන් රැස්වෙති. ඔහු වෙනුවෙන් වෙන්ව යති. නිලය හා අලංකාරය ඇති කාන්තාවක් ඔහුට (කාමයේ වරදවා හැසිරීමට) ඇරයුම් කළ විට, "සැබැවින්ම මම අල්ලාහ්ට බිය වෙමි" යැයි පවසන මිනිසා, ඔහුගේ දකුණත වියදම් කළ දෑ ඔහුගේ වමතට නොදැනෙන තරමට එය සඟවාගෙන දන් දෙන මිනිසා, හුදෙකලාවේ අල්ලාහ්ව මෙනෙහි කරමින් ඔහුගේ ඇස්වලින් කඳුළු සළන මිනිසා."»Meaning translation ·
Saved at original quality







