ප්රතිපත්තිය
Available in 17 languages
«ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු අල්ලාහ් හමුවීමට ප්රිය කරන්නේ ද අල්ලාහ් ද ඔහු හමුවීමට ප්රිය කරයි. කවරෙකු අල්ලාහ් හමුවීමට පිළිකුල් කරන්නේ ද අල්ලාහ් ද ඔහුව හමුවීමට පිළිකුල් කරයි.“ එවිට මම, “අල්ලාහ්ගේ දූතයාණනි, එය මරණය පිළිකුල් කිරීම ද? එසේ නම් අපි සියලු දෙනා මරණය පිළිකුල් කරන්නෙමු ද යැයි පැවසුවෙමි. එවිට එතුමා, “එය එසේ නොවේ. නමුත් දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අයකු අල්ලාහ්ගේ කරුණාව, ඔහුගේ තෘප්තිය, ඔහුගේ ස්වර්ගය පිළිබඳ සුභාරංචි දන්වනු ලැබූ විට අල්ලාහ්ව හමුවීමට ඔහු ප්රිය කරනු ඇත. එවිට අල්ලාහ් ද ඔහුව හමුවීමට ප්රිය කරයි. දෙවියන් ප්රතික්ෂේප කරන අයකුට අල්ලාහ්ගේ දඬුවම ඔහුගේ කෝපය ගැන දන්වනු ලැබූ විට ඔහු අල්ලාහ්ව හමුවීම පිළිකුල් කරයි. අල්ලාහ් ද ඔහු හමුවීමට පිළිකුල් කරයි.“ යනුවෙන් පැවසුහ.»Meaning translation ·
Saved at original quality








