ප්රතිපත්තිය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
Available in 55 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම කීර්තිමත් උත්තරීතර අල්ලාහ් ස්වර්ග වාසීන් දෙස බලා මෙසේ පවසයි. “අහෝ ස්වර්ග වැසියනි! එවිට ඔවුහු: (එසේය,) අපගේ පරමාධිපතියාණනි! ඔබ සමීපයට පැමිණ ඔබෙන් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය.” යැයි පවසයි. එවිට ඔහු නුඹලා තෘප්තිමත් වූයෙහු ද? යැයි විමසයි. එවිට ඔවුහු: “අපගේ පරමාධිපතියාණනි! ඔබේ මැවීම් කිසිවකුට ඔබ නොදුන් දෑ සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත.” යැයි පවසති. එවිට ඔහු: “මීට වඩා උතුම් දෙයක් මම නුඹලාට පිරිනමමි.” යැයි පවසයි. ඔවුහු: “අහෝ පරමාධිපතියාණනි! මීටත් වඩා උතුම් වනුයේ කුමන කරුණක් ද?” යැයි විමසති. එවිට ඔහු. “මාගේ තෘප්තිය නුඹලාට නියම විය. එහෙයින් මින්පසු මම කිසිවිටෙක නුඹලා කෙරෙහි කෝප නොවෙමි.” යැයි පවසයි.»Meaning translation ·
Saved at original quality








