Hadith for the World
ආගමික නීති හා එහි මූලධර්ම

ආහාරපාන

5 hadiths

5 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: "යමෙක් දඩයම් කිරීමට හෝ පශු සම්පත් ආරක්ෂා කිරීමට හෝ හැර වෙනත් අරමුණක් සඳහා බල්ලෙකු ඇති කරන්නේ නම්, (යහපත් ක්‍රියාවන් සඳහා වන) ඔහුගේ ප්‍රතිඵල දිනකට කිරාත් දෙකකින් අඩු කරනු ලැබේ." සාලිම් තුමා මෙසේ පැවසීය: 'එසේ නැතහොත් ගොවිපල ආරක්ෂා කරන බල්ලෙකු හැර' යැයි අබූ හුරෙයිරා තුමා පවසමින් සිටියේය. හෙතෙම ගොවිපල සතු අයකු විය.متفق عليه
عن عَبْد اللهِ بن أبي أوفى رضي الله عنهما قال: «غَزَوْنَا مَعَ رَسُولِ الله صلى الله عليه وسلم سَبْعَ غَزَوَاتٍ، نَأْكُلُ الْجَرَادَ».متفق عليه
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“කවරෙකු එක පහරින් හූනකු මරා දමන්නේද ඔහුට මේ මේ කුසල් හිමිවනු ඇත. තවද කවරෙකු දෙවන පහරින් ඌ මරා දමන්නේ ද ඔහුට පළමුවෙන් ලැබුණු කුසල් වලට වඩා අඩුවෙන් මේ කුසල් හිමිවනු ඇත.තවද ඔහු තුන්වන පහරින් මරා දැමුවේ නම් ඔහුට මේ කුසල් හිමිවනු ඇත.“ තවත් වාර්තාවක, “කවරෙකු එක පහරින් හූනකු මරා දමන්නේ ද ඔහුට කුසල් සියයක් හිමිවනු ඇත. දෙවන වතාවේදී ඊට අඩුය.තුන්වන වතාවේදී ඊටත් වඩා අඩුය.“ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. මත් බව ඇති කරන සියලු දෑ මත් ද්‍රව්‍ය වේ. මත් බව ඇති කරන සියලු දෑ තහනම් වේ. කවරෙකු මෙලොවෙහි මත් පැන් පානය කොට ඔහු එයට ඇබ්බැහි වී, පාපක්ෂමාවෙහි නිරත නොවූ තත්ත්වයේ මිය ගියේ ද ඔහු මතුලොවෙහි එය පානය නො කරන්නේමය."رواه مسلم وأخرج البخاري الجملة الأخيرة منه
عن عائشة رضي الله عنها : أنّ قومًا قالوا: يا رسول الله إنّ قومًا يأتوننا باللحم لا نَدري أَذَكروا اسمَ الله عليه أم لا، فقال رسول الله صلى الله عليه وسلم : «سَمُّوا الله عليه وكُلُوه».رواه البخاري