Hadith for the World
ආගමික නීති හා එහි මූලධර්ම

ආගමික නීති මූලධර්ම

4 hadiths

4 hadiths

උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: අවමංගල්‍ය පෙරහැරට සහභාගි වීම අපට තහනම් කර ඇති අතර, එය අපට නිර්දේශ කර නැත.متفق عليه
අබූ අල්-හව්රා අස්-සඃදී තුමා විසින් වාර්තා කරන ලදී. මම හසන් ඉබ්නු අලී (රළියල්ලාහු අන්හුමා) තුමාගෙන්, 'ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ලබා ඇත්තේ කුමක්දැ?'යි විමසා සිටියෙමි. හෙතෙම 'මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ලබා ඇති දෑ මෙසේය යැ'යි පවසා සිටියහ: “ඔබට සැක ඇති කරන දෑ, ඔබට ඒ ගැන සැක ඇති නොවන තෙක් අත්හැර දමන්න. සැබැවින්ම සත්‍යය සැනසුමකි. අසත්‍ය සැකය උපදවන්නකි."رواه الترمذي والنسائي وأحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මා කවර කරුණකින් නුඹලාව වළක්වා ඇත්තේ ද එයින් නුඹලා වැළකෙනු. තවද මා කවර කරුණක් නුඹලාට නියෝග කර ඇත්තේ ද නුඹලාට හැකි පමණින් එය ගෙන එනු. නුඹලාට පෙර සිටියවුන් විනාශ වී ගියේ ඔවුන්ගේ අධික ප්රශ්න කිරීම් හා ඔවුන් නබිවරුන් ගැන දැරූ මතභේද හේතුවෙනි.”බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
عن شريح بن هانئ، قال: أتيتُ عائشة أسألها عن المسح على الخُفَّين، فقالت: عَلَيْكَ بِابْنِ أبِي طالب، فَسَلْهُ فإِنَّه كان يُسَافِرُ مع رسول الله صلى الله عليه وسلم فسألناه فقال: «جَعَلَ رسول الله صلى الله عليه وسلم ثَلَاثَةَ أَيَّامٍ وَلَيَالِيَهُنَّ للمسافر، ويوما وليلة للمُقيم».رواه مسلم