Hadith for the World
අල්කුර්ආන් හි මහිමයන්

පරිච්ඡේද හා වැකි වල මහිමයන්

9 hadiths

9 hadiths

عن البراء بن عازب –رضي الله عنهما- قال: كانَ رجلٌ يَقرَأُ سُورةَ الكهفِ، وعندَه فَرَسٌ مَربُوطٌ بِشَطَنَيْنِ، فَتَغَشَّتْهُ سَحَابَةٌ فَجَعَلَتْ تَدْنُو، وجَعلَ فَرَسُه يَنفِرُ منها، فلمّا أصبحَ أتَى النبيَّ صلى الله عليه وسلم فَذَكرَ ذلك له، فقالَ: «تِلكَ السَّكِينةُ تَنَزَّلَتْ للقُرآنِ».متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලාගේ නිවෙස් මිනීවළවල් බවට පත් කර නොගනු. සූරා අල් බකරා පාරායනය කරනු ලබන නිවෙසින් සැබැවින්ම ෂෙයිතාන් පළා යනු ඇත.”رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: කවරෙකු සූරා අල්-කහ්ෆ්හි ආරම්භ‌යේ තිබෙන පාඨ දහයක් කටපාඩම් කර ගත්තේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය. තවත් වාර්තාවක සූරා අල්-කහ්ෆ්හි අවසානයේ යැයි සඳහන් වී ඇත.رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමාණවත් වේ.”متفق عليه
අබූ සඊද් රාෆිඃ ඉබ්නු අල් මුඃලී-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මට මෙසේ පවසා සිටියහ. “ඔබ මස්ජිදයෙන් පිටව යන්නට මත්තෙන් අල් කුර්ආනයේ අති වැදගත් සූරාවක් මම ඔබට කියා දිය යුතු නොවෙම්ද?“ පසුව මාගේ අත අල්ලා ගත්තේය. අපි පිටව යන්නට සිතූ කල්හි, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අල් කුර්ආනයේ ඇති අති මහත් සූරාව සැබැවින්ම මම ඔබට කියා දෙන්නදැ?යි ඔබ පැවසුවෙහිය“ යැයි ඇසුවෙමි. එතුමා: අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන් වේ. එය සබඃ මසානී හෙවත් නැවත නැවතත් කියවෙන වැකි හතකින් සමන්විත වූවකි. එමෙන්ම එය මට පිරිනමනු ලැබූ අති මහත් කුර්ආනය වේ. යැයි පැවසුහ.ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටි බව උක්බත් ඉබ්නු ආමිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “මෙම රාත්රියේ පහළ කරනු ලැබූ වදන් ඔබ නොදුටුවෙහිද? ඒ හා සමාන වදන් කිසිවිටෙක දකින්නට නොවීය. එනම්: කුල් අඌදු බිරබ්බිල් ෆලක්, කුල් අඌදු බිරබ්බින් නාස්.ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ උමාමා අල්-බාහිලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අල් කුර්ආනය කියවන්න. මක්නිසාදයත් සැබැවින්ම එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අදාළ තැනැත්තන් හට මැදිහත්කරුවෙක් ලෙස පැමිණෙනු ඇත. දීප්තිමත් සූරා අල් බකරා හා සූරා ආලු ඉම්රාන් දෙක කියවන්න. මන්ද ඔවුන් මළවුන් කෙරෙන් නැවත නැඟිටුවනු ලබන දිනයේදී වලාකුළු දෙකක් මෙන් හෝ වියන් දෙකක් මෙන් හෝ පියාසර කරන පක්ෂි රංචු දෙකක් මෙන් හෝ ඒ දෙක පාරායනය කරන්නන් වෙනුවෙන් මැදිහත් වී වාද කරනු ඇත. සූරා අල්-බකරා පාරායනය කරන්න, මන්ද එය පිළිපැදීම සමෘද්ධියකි. එය අත්හැරීම පසුතැවිල්ලට හේතුවකි. ව්‍යාජ දෑට එය ජය ගත නොහැක."رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අහෝ අබූල් මුන්දිර්! අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" ඔහු: "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යැයි මම පැවසුවෙමි. "අහෝ අබුල් මුන්දිර්, අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" යැයි එතුමාණෝ නැවතත් විමසූහ. ඔහු: "මම (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසුවෙමි. එතුමාණෝ මාගේ පපුවට තට්ටු කර මෙසේ පැවසූහ: "අල්ලාහ් මත දිවුරා පවසමි. අබුල් මුන්දිර්, දැනුම ඔබට මිහිරි වෙත්වා! ."رواه مسلم
عن أبي الدرداء عن النبي صلى الله عليه وسلم قال: «أيعجز أحدكم أن يقرأ في ليلة ثلث القرآن؟» قالوا: وكيف يقرأ ثلث القرآن؟ قال: «قل هو الله أحد تعدل ثلث القرآن».رواه مسلم