Hadith for the World
Topic

මහිමයන් සහ ආචාරධර්ම

288 hadiths

288 hadiths

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රාර්ථනා කරන්නෙකු වූහ. اللهم إني أعوذ بك من البَرَصِ، والجُنُونِ، والجُذَامِ، وَسَيِّئِ الأسْقَامِ “අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් බරසි වල් ජුනූනි වල් ජුසාමි වසය්යිඉල් අස්කාමි.” (අහෝ දෙවියනි, කුෂ්ට රෝග, මානසික රෝග, ළාඳුරු රෝග හා අනෙකුත් දරුණු රෝගවලින් ආරක්ෂාව මම ඔබෙන් පතමි.)ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
අබ්දුල්ලාහ් ඉබ්නු හුඃබෙයිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අපි වැසි සහිත ඝනාඳුරු රාත්‍රියක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව සොයමින් පිටත්ව ගියෙමු. එය එතුමාණන් අපට සලාතය මෙහෙය වීම පිණිසය. හෙතෙම, මම එතුමණන්ව මුණ ගැසුණෙමි. එවිට එතුමා 'පවසනු' යැයි පැවසූහ. මම කිසිවක් නොපැවසුවෙමි. පසුව එතුමාණෝ නැවතත් 'පවසනු' යැයි පැවසූහ. පසුව ද මම කිසිවක් නොපැවසුවෙමි. පසුව එතුමාණෝ නැවතත් 'පවසනු' යැයි පැවසූහ. මා පැවසිය යුත්තේ කුමක් දැයි මම විමසුවෙමි. එතුමාණෝ: “ඔබ සවස් කාලයට එළැඹෙන විට හා උදෑසන කාලයට එළැඹෙන විට ‘කුල් හුවල්ලාහු අහද්’ සහ ‘මුඅව්විදතෙයින්’ (ෆලක් හා නාස් නම් සූරා දෙක) තුන්වරක් පාරායනය කරන්න. සියලු දේට වඩා එය ඔබට ප්‍රමාණවත් වනු ඇත යැයි පැවසූ බවට ප්‍රකාශ කර සිටියේය.رواه أبو داود والترمذي والنسائي
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කුසගින්නෙන් පෙළෙන අයට ආහාර සපයන්න, රෝගීන් බැහදැක සුවදුක් විමන්න. සහ සිරකරුවා නිදහස් කරන්න."رواه البخاري
عن طلحة بن عبيد الله رضي الله عنه أن النبي صلى الله عليه وسلم كانَ إذا رأى الهلالَ، قال: «اللّهمَّ أهِلَّهُ عليْنا بالأمْن والإيمان، وَالسَّلامَةِ وَالإسلامِ، ربِّي وربُّكَ اللهُ، هِلالُ رُشْدٍ وخيرٍ».رواه الترمذي وأحمد والدارمي، وليس عندهم لفظة: "هلال رشد وخير"، وجاءت عند ابن ابي شيبة بسند مرسل
ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((අපි නගින විට තක්බීර් පැවසුවෙමු. තවද අපි බසින විට තස්බීහ් පැවසුවෙමු.)) ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී.: නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා හා එතුමාගේ සේනාව කඳු මාර්ගවල නැග ගමන් කරන විට තක්බීර් පැවසූහ. ඔවුහු බසින විට තස්බීහ් පැවසූහ.ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකුගේ හදවත තුළ අණුවක තරම් අහංකාරය ඇත්තේ ද ඔහු ස්වර්ගයට නොපිවිසෙනු ඇත.” එවිට මිනිසකු: “පුද්ගලයෙක් තම ඇදුම අලංකාරව හා තම පාවහන් අලංකාරව තබා ගැනීමට ප්රිය කරයි. යැයි පැවසීය. එතුමාණෝ: සැබැවින්ම අල්ලාහ් අලංකාරය. ඔහු අලංකාරය ප්රිය කරයි. අහංකාරය යනු සත්යය ගැන උදම් අනමින් ජනයා පාගා දැමීමය.”ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබවින්ම සුබ්හානල්ලාහි, වල්හම්දු ලිල්ලාහි, වලා ඉලාහ ඉල්ලල්ලාහු, වල්ලාහු අක්බර් -අල්ලාහ් සුවිශුද්ධය; සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය; අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත; අල්ලාහ් අති ශ්රේෂ්ඨය.- යනුවෙන් මා පවසා සිටීම හිරු කවර තැනකට උදාවන්නේ ද එයට වඩා මා වෙත ඉතා ප්‍රියමනාපය.”رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව අලී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "උදෑසන මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකුගේ සුවදුක් විමසා සිටින්නේ නම් මලක්වරු හැත්තෑ දහසක් දෙනා සවස්වරුව දක්වා ඔහුට ප්රාර්ථනා කරනු මිස නැත. සවස් කාලයේ ඔහුගේ සුවදුක් විමසා සිටියේ නම් උදෑසන දක්වා මලක්වරු හැත්තෑ දහසක් දෙනා ප්රාර්ථනා කරනු මිස නැත. තවද ඔහුට ස්වර්ගයේ අස්වැනුද ඇත.ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව කඃබ් ඉබ්නු උජ්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සෑම අනිවාර්යය සලාතයකට පසුවම, මේවා පවසන්නාට හෝ මේවා සිදු කරන්නාට හෝ අලාභයක් ඇති නොවෙයි. එනම් තිස් තුන් වතාවක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පැවසීම, තිස් තුන් වතාවක් (අල් හම්දුලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පැවසීම හා තිස්හතර වතාවක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පැවසීමය."رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමාණවත් වේ.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු අල්ලාහ්ගේ පුස්තකයෙන් එක් අකුරක් කියවන්නේ ද ඔහුට කුසලක් හිමිය. එම කුසල ඒ හා සමාන දහයකින් යුක්තය. අලිෆ් ලාම් මීම් යන්න එක් අකුරක් බව නොකියමි. එනමුත් අලිෆ් අකුරකි; ලාම් අකුරකි; මීම් අකුරකි.”رواه الترمذي
සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්න් අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලිවලින් ඇඟිලි දෙකක් අතර එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්‍රියා කරවයි.” පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රාර්ථනා කළහ. اللهم مُصَرِّفَ القلوبِ صَرِّفْ قلوبَنا على طاعتك (අහෝ හදවත් ක්‍රියා කරවන්නාණනි! අපගේ හදවත් ඔබට අවනත වන අයුරින් ක්‍රියා කරවනු මැනව!)."رواه مسلم
عن أبي هريرة رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم قال: «النَّاسُ مَعَادِن كَمَعَادِن الذَّهَب وَالفِضَّة، خِيَارُهُم فِي الجَاهِلِيَّة خِيَارُهُم فِي الإِسْلاَم إِذَا فَقُهُوا، والأَرْوَاحُ جُنُودٌ مُجَنَّدَة، فَمَا تَعَارَفَ مِنْهَا ائتَلَفَ، وَمَا تَنَاكَرَ مِنْهَا اخْتَلَفَ». وعن أبي هريرة رضي الله عنه قال: قال رسول الله -صلى الله عليه وسلم: «تَجِدُون النَّاسَ مَعَادِن: خِيَارُهُم فِي الجَاهِليَّة خِيَارُهُم فِي الإِسْلاَم إِذَا فَقِهُوا، وَتَجِدُون خِيَار النَّاس فِي هَذَا الشَّأْن أَشَدُّهُم كَرَاهِيَة لَه، وَتَجِدُون شَرَّ النَّاس ذَا الوَجْهَين، الَّذِي يَأْتِي هَؤُلاَء بِوَجه، وَهَؤُلاَء بِوَجْه».الحديث الأول: متفق عليه، ولفظه لمسلم؛ وروى البخاري أوله، وروى آخره عن عائشة -رضي الله عنها-. الحديث الثاني: متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු දිවුරා සිටිමින්, තම දිවුරුමෙහි 'අල් ලාත් හා අල් උස්සා (කාෆිර්වරු නමදින පිළිම) මත දිවුරා සිටිමි' යැයි පවසන්නේ ද, ඔහු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු යනුවෙන් පවසත්වා!‘ කවරෙකු තම මිතුරාට, ‘එන්න, මම ඔබ සමග ඔට්ටු අල්ලමි‘ යැයි පවසන්නේද, ඔහු සදකාවක් කරත්වා!“متفق عليه
عن أنس بن مالك وأبي هريرة رضي الله عنهما عن النبي صلى الله عليه وسلم فيما يرويه عن ربه عز وجل قال: «إذا تَقَرَّبَ العبدُ إليَّ شِبْرًا تَقَرَّبْتُ إليه ذِرَاعًا، وإذا تَقَرَّبَ إليَّ ذِرَاعًا تَقَرَّبْتُ مِنْهُ بَاعًا، وإذا أتاني يمشي أَتَيْتُهُ هَرْوَلَةً».حديث أنس -رضي الله عنه- رواه البخاري . حديث أبي هريرة -رضي الله عنه- متفق عليه
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මිනිසෙකු ගමන් කරමින් සිටින අතරවාරයේ මාර්ගයේ කටු අත්තක් දැක ඔහු එය ඉවත් කළේය. එවිට අල්ලාහ් ඔහුට තුතිවන්ත වී ඔහුට සමාව දුන්නේය."متفق عليه
අබ්දුල්ලාහ් ඉබ්නු අකීම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු යමක් සම්බන්ධ කළේ ද ඒ වෙත ඔහු පවරනු ලැබේ.”ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අපෙන් යමක් සවන් දී එය ඇසූ ආකාරයටම ප්‍රකාශ කර සිටින තැනැත්තාට අල්ලාහ් සතුට ගෙන දෙයි. එයට සවන් දුන් තැනැත්තාට වඩා එය දන්වා සිටින තැනැත්තා වඩා අවබෝධයක් ඇත්තෙකු විය හැක.رواه الترمذي وابن ماجه وأحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සමුරා ඉබ්නු ජුන්දුබ් සහ මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හුමා) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: “නියත වශෙයන්ම බොරු යැයි පෙනෙන්නට ඇති යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් එය මා විසින් වාර්තා කරනු ලැබූවක් බව පවසන්නා මුසාවාදීන් අතුරින් කෙනෙකු වේ.”رواه مسلم في مقدمته
عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «لا ينبغي لصِدِّيق أن يكون لعَّانًا».رواه مسلم
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයේ හදීසයකි.“සයිහාන්, ජය්හාන්, ෆුරාත් හා නය්ල් යන මේ සියල්ල ස්වර්ග ගංගාවන් අතුරිනි.“ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කරුණාවන්තයෝ වනාහි, රහ්මාන් ඔවුනට කරුණා කරනු ඇත. මිහිකතේ වැසියනට නුඹලා කරුණා කරනු. අහස්හි සිටින්නන් නුඹලාට කරුණා කරනු ඇත.”رواه أبو داود والترمذي وأحمد
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට, أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය මුහුණින් ද, ඔහුගේ බලවත් අධිකාරියෙන් ද, මම ආරක්ෂාව පතමි.) යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. ඔහු: ‘මෙය පමණක් දැ?’යි විමසීය. එවිට මම ‘එසේය’ යැයි පැවසුවෙමි. එතුමා: ඔහු එය පැවසූ විට, ෂෙයිතාන්: 'අද දින ඉතිරිව ඇති කාලය තුළ ඔහු මගෙන් ආරක්ෂාව ලැබීය.' යැයි පවසයි.رواه أبو داود
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මාගේ ගැත්තා යම් නපුරක් කිරීමට සිතූ විට, එය ඔහු සිදු කරන තෙක් නුඹලා එය ඔහුට එරෙහිව නොලියනු. නමුත් ඔහු එය සිදු කළේ නම් ඒ සඳහා ඒ හා සමානයක් පමණක් ලියනු. එය ඔහු මා වෙනුවෙන් අත්හැරියේ නම් ඔහුට ඒ සඳහා යහපතක් ලියනු. එමෙන්ම ඔහු යම් යහපතක් සිදු කිරීමට සිතා එය ඔහු සිදු නොකළේ නම් ඒ සඳහා ඔහුට යහපතක් ලියනු. එසේ ඔහු එය සිදු කළේ නම් ඒ සඳහා ඔහුට ඒ හා සමාන දහ ගුණයේ සිට හත්සීය ගුණය දක්වා ලියනු.”යැයි අල්ලාහ් පවසයි.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත