Hadith for the World
මහිමයන් සහ ආචාරධර්ම

මාර්ගෝපදේශ හා උපදෙස්

63 hadiths

63 hadiths

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මහා පාපකම් අතරින් මහා පාපකම් මොනවාදැ?යි මා ඔබට දැනුම් දිය යුතු නොවේ ද?” යැයි තුන්වරක් එතුමාණෝ විමසා සිටියහ. ඔවුහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි, එසේය.’ යැයි පිළිතුරු දුන්හ. එතුමාණෝ “අල්ලාහ්ට ආදේශ තැබීම, දෙමාපියන්ට හිංසා කිරීම" යැයි පවසා සැතපී සිටි එතුමා පසුව වාඩි විය. තවදුරටත් ‘දැනගනු, නොමනා කතා හා බොරු සාක්ෂි ද එසේය යැයි පැවසූහ. එතුමා නිහඬ නොවන්නේදැයි අපි පවසන තරමට එතුමාණෝ එය නැවත නැවතත් ප්‍රකාශ කරමින්ම සිටියහ.متفق عليه
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අබියස සිටියේය. ඔහු අසලින් තවත් මිනිසෙකු ගමන් කළේය. එවිට ඔහු අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම ඔහුට ආදරය කරමි යැයි පැවසීය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා: ඔබ එය ඔහුට දන්වා සිටියේදැ?යි ඔහුගෙන් විමසූහ. ඔහු නැතැයි පවසා සිටියේය. එතුමා: ඔබ ඔහුට දන්වා සිටිනු යැයි පැවසූහ. පසුව ඔහුට සමීප වී සැබැවින්ම මම ඔබට ආදරය කරමි. යැයි ඔහු පැවසූය. එවිට ඔහු: ඔබ කවුරුන් වෙනුවෙන් මට ආදරය කළේද ඔහු ඔබට ආදරය කරනු ඇත. යැයි පැවසීය.ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ මූසා අල් අෂ්අරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “ඉඳුණු කෙස් සහිත මුස්ලිම්වරයාට හා අල් කුර්ආනය උසුලා ගෙන, එහි ඉක්මවා කටයුතු නොකොට ඉන් දුරස් නොවී කටයුතු කරන්නාට ගරු කිරීමත් යුක්තිගරුක බලධාරීන්ට ගරු කිරීමත් නියත වශයෙන්ම අල්ලාහ්ගේ අභිමානයෙන් වූවකි.ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මහා පාපකර්මයන්: අල්ලාහ්ට ආදේශ තැබීම, දෙමාපියන්ට හිංසා කිරීම, ආත්මයක් ඝාතනය කිරීම, බොරු දිවුරුම් දීම."رواه البخاري
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම මෙලොව මිහිරිය; හරිතය. සැබැවින්ම අල්ලාහ් එහි නුඹලා නියෝජිතයින් බවට පත් කරන්නාය. පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේදැ?යි ඔහු නිරීක්ෂණය කරයි. එබැවින් නුඹලා ලෝකය ගැන අල්ලාහ්ට බියවනු. කාන්තාවන් ගැන ද බියවනු. ඉස්රාඊල් දරුවන්ගේ අර්බූධ අතරින් පළමුවැන්න කාන්තාවන් විෂයයෙහි සිදු විය.”رواه مسلم
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අප අතර සිටින කුඩා අයට සෙනෙහස නොදක්වන්නා ද අපගේ වැඩිහිටියන්ගේ ගෞරවය නොහඳුනන්නාද අපෙන් කෙනෙකු නොවන්නේය.“ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘අවසන් හෝරාව කවදා දැ?‘යි විමසා සිටියේය. එතුමාණෝ: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘ යි ඔහුගෙන් විමසුහ. ඔහු: ‘අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට මා ආදරය කිරීම හැර වෙනත් කිසිවක් නැත' යැයි පවසා සිටියේය. එතුමා: “ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි පැවසූහ. අනස් තුමා මෙසේ පැවසීය: "ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයෙන් අපි සතුටු වූ තරමට වෙනත් කිසිවකින් අපි සතුටු වූයේ නැත. තවදුරටත් අනස් තුමා මෙසේ පැවසීය. "එහෙයින් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් අබූ බක්ර් හා උමර් තුමාණන්ලා හටත් ආදරය කරමි. ඔවුන් කළ ඔවුන්ගේ ක්‍රියාවන් හා සමානව මා ක්‍රියා කර නො තිබුණ ද ඔවුන් කෙරෙහි මා ආදරය කර ඔවුන් සමග මාද වන්නට මම ප්‍රිය කරමි."متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “දැහැමි සභිකයාට හා නපුරු සභිකයාට උපමාව කස්තූරි උසුලන්නෙකු හා යකඩ කම්මලේ උඳුන පිඹින්නෙකු මෙනි. කස්තූරි උසුලන්නා වනාහි, ඔහු ඔබට යමක් දෙයි. එසේ නැතහොත් ඔබ ඔහුගෙන් මිලදී ගනී. එසේත් නැතහොත් ඔහුගෙන් ඔබ සුගන්ධය ලබයි. නමුත් යකඩ කම්මලේ උඳන පිඹින්නා වනාහි, ඔහු ඔබේ ඇඳුම පුළුස්සා දමයි. එසේ නැතහොත් ඔහුගෙන් ඔබ දුර්ගන්ධය ලබයි."متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “දේවත්වය විශ්වාස කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නිය ඔහු හෝ ඇය මත, පාපයක් නොපිහිටන තත්ත්වයක අල්ලාහ්ව මුණ ගැසෙන තෙක්, තමන් තුළ ද තම දරුවන් තුළ ද තම සම්පත් තුළ ද පරීක්ෂාවට ලක්වෙමින්ම සිටියි."رواه الترمذي وأحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සුහෙයිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ කරුණ පුදුම සහගතය. සැබැවින්ම ඔහුගේ කරුණු සියල්ලම ඔහුට යහපත් ය. එය දේවත්වය විශ්වාස කරන්නෙකුට මිස වෙනත් කිසිවකුට හිමි නොවන්නකි. ඔහුට සතුටුදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු කෘතවේදී වෙයි. එය ඔහුට යහපතක් වන්නේය. ඔහුට හානිදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු ඉවසා දරා ගනී. එය ද ඔහුට යහපත් වන්නේය.”رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "විනාශකාරී කරුණු හතකින් ඔබ වැළකෙන්න." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඒවා මොනවාද?" යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: "අල්ලාහ්ට ආදේශ තැබීම, මන්ත්‍ර ගුරුකම්වල නිරත වීම, යුක්තියෙන් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීම, පොළිය අනුභව කිරීම, අනාථයින්ගේ වස්තුව අනුභව කිරීම, යුදමය දිනයක යුද පිටියෙන් පලා යෑම, නිර්මල දේව විශ්වාසී නිහතමානී කාන්තාවන්ට අවලාද නැගීම ය."متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "මම හවුල්භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත වෙමි. කවරෙකු මා සමග, මා හැර වෙනත් අයකු හවුල් කරමින් යම් ක්‍රියාවක් කළේ ද මම ඔහු හා ඔහුගේ හවුල්භාවය අත්හැර දමමි."رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උබාදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත; සැබැවින්ම මුහම්මද් තුමා ඔහුගේ ගැත්තකු හා දූතයකි; ඊසා නොහොත් ජේසු තුමා අල්ලාහ්ගේ ගැත්තෙකි. ඔහුගේ දූතයෙකි. එතුමා මර්යම් වෙත හෙළූ ඔහුගේ වදනය. ඔහුගෙන් වූ ප්‍රාණයය; ස්වර්ගය සැබෑවකි; නිරය සැබෑවකි යන වගට කවරෙකු සාක්ෂි දැරුවේ ද, ඔහු කවර ක්‍රියාවෙන් පිහිටිය ද ඒ අනුව අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරන්නේය."متفق عليه
عن معاذ بن جبل رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم أنه قال: «قَالَ اللهُ -عَزَّ وجَلَّ-: المُتَحَابُّون فِي جَلاَلِي، لَهُم مَنَابِرُ مِن نُورٍ يَغْبِطُهُم النَبِيُّونَ والشُهَدَاء».رواه الترمذي وأحمد
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහු වෙත ඔහුගේ පාවහන් පටියට වඩා සමීපයෙන් ස්වර්ගය පිහිටයි. එමෙන්ම අපා ගින්න ද පිහිටයි."رواه البخاري
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "මෙලොව දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අයට සිරගෙයකි. දෙවියන් ප්‍රතික්ෂේප කළ අයට ස්වර්ගයකි."رواه مسلم
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "සැබැවින්ම ස්වර්ගයේ තරාතිරම් සියයක් ඇත. එය අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන් වෙනුවෙන් අල්ලාහ් සූදානම් කර ඇත. තරාතිරම් දෙකක් අතර ප්රමාණය අහස හා පොළව අතර වූ ප්රමාණය මෙනි."ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
සහ්ල් ඉබ්නු සඃද් අස්සාඉදී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී, මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ් අබියස මෙලොව මැස්සෙකුගේ පියාපතකට සමාන වන්නේ නම්, දෙවියන් ප්රතික්ෂේප කරන කිසිවකුට එහි කිසිදු ජල පානයක් හෝ සපයන්නේ නැත."ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මාගේ සමූහයේ සියලු දෙනා නොසලකා හරිනු ලැබුවෝය. නමුත් ප්‍රසිද්ධියට පත්කර ගන්නන් හැර. එසේ ප්‍රසිද්ධියට පත්කර ගන්නන් අතරින් කරුණක් නම්, මිනිසෙකු රාත්‍රියේ යම් ක්‍රියාවක් සිදු කරයි. පසුව උදෑසන අවදි වෙයි. සැබැවින්ම අල්ලාහ් එය වසන් කළේය. නමුත් ඔහු: "අහෝ මිනිස! රාත්‍රී කාලයේ මා මේ මේ කටයුතු සිදු කළෙමි යැයි පවසයි. ඔහුගේ පරමාධිපති එය වසන් කර තිබුණි. නමුත් ඔහු අවදි වී ඔහු ගැන අල්ලාහ් වසන් කළ දෑ හෙළි කරන්නට විය.”متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත්වීමට දින තුනකට පෙර කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “උත්තරීතර අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගත් තත්ත්වයේ මිස ඔබ අතරින් කිසිවකු මිය නොයා යුතුය.”رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අහෝ අබූ සඊද්, කවරෙකු අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයාණන් ලෙසත් පිළිගත්තේ ද ඔහුට ස්වර්ගය නියම විය." ඒ ගැන අබූ සඊද් තුමා පුදුමයට පත් ව මෙසේ පැවසූහ. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය නැවත මා වෙත පවසන්න." එවිට එතුමාණෝ එසේ සිදු කර පසුව මෙසේ පැවසූහ. "ස්වර්ගයේ තරාතිරම් සියයක් උසස් කරනු ලබන තවත් කරුණක් ඇත. ඒ සෑම තරාතිරම් දෙකක් අතර ඇති දෑ අහස හා මහපොළොව අතර ඇති දෑ හා සමානය." "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය කුමක් දැ?"යි විමසා සිටියේය. එතුමාණෝ: "අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම" යැයි පවසා සිටියහ.رواه مسلم
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කරුණු තුනක් මරණය පසුපස හඹා යයි. එය ඔහුගේ පවුල, ඔහුගේ ධනය හා ඔහුගේ ක්රියාවයි. නමුත් කරුණු දෙකක් නැවත හැරී යන අතර එකක් පමණක් ඉතිරිවෙයි. ඔහුගේ පවුල හා ඔහුගේ ධනය නැවත හැරී යන අතර ඔහුගේ ක්රියාව ඉතිරිව පවතී.”බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
عن أنس بن مالك رضي الله عنه مرفوعاً: «يُؤتى بأنعم أهل الدنيا من أهل النار يوم القيامة، فَيُصْبَغُ في النار صَبْغَةً، ثم يقال: يا ابن آدم، هل رأيت خيرًا قطُّ؟ هل مَرَّ بك نَعِيمٌ قطُّ؟ فيقول: لا والله يا رب، وَيُؤْتَى بأشدِّ الناس بُؤسًا في الدنيا من أهل الجَنَّة، فَيُصْبَغُ صَبْغَةً في الجنَّة، فيقال له: يا ابن آدم، هل رأيت بُؤسًا قط؟ هل مَرَّ بك شِدَّةٌ قط؟ فيقول: لا والله، ما مَرَّ بي بُؤْسٌ قطٌّ، ولا رأيت شِدةً قَطُّ».رواه مسلم
අන්-නව්වාස් ඉබ්නු සම්ආන් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) 'යහපත හා පාපය කුමක්දැ?'යි මම විමසුවෙමි. එවිට එතුමාණෝ: “යහපත යනු: යහපත සදාචාරයයි. පාපය යනු ඒ ගැන ඔබේ සිත තුළ හට ගැනෙන සැකයයි. එමෙන්ම ජනයා ඒ ගැන දැන ගැනීම ඔබ පිළිකුල් කරනු ඇත.”رواه مسلم