Hadith for the World
මහිමයන් සහ ආචාරධර්ම

මාර්ගෝපදේශ හා උපදෙස්

63 hadiths

63 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ඔබ අතරින් පාළු කාන්තාර භූමියේ අතරමං කර ගත් තම ඔටුවා අහම්බෙන් හමු වූ අයකුට වඩා අල්ලාහ් තම ගැත්තෙකු පතන පාපක්ෂමාව හේතුවෙන් දැඩි සේ සතුටට පත් වන්නේය.” තවත් වාර්තාකව ඔබ අතරින් කිසිවකු හෝ පාළු කාන්තාරයක තම සත්වයා සමග සිටියදී එකවර ඌ මත තිබුණු ඔහුගේ ආහාර හා ඔහුගේ පානය සමගම ඌ නැතිවිය. පසුව ඒ ගැන ඔහු බලාපොරොත්තු සුන් කර ගනිමින් ගසක් වෙත පැමිණ එහි හෙවණෙහි හාන්සි විය. ඔහුගේ සත්වයා පිළිබඳ බලාපොරොත්තු සුන්විය. එසේ සිටින අතරවාරයේ ඔහු ඉදිරියේ ඌ සිටගෙන සිටී. පසුව උගේ කඩිවාලමෙන් අල්ලාගෙන අත් වූ දැඩි සතුට හේතුවෙන් අහෝ අල්ලාහ්! ඔබ මාගේ ගැත්තාය මම ඔබේ පරමාධිපතිය යැයි පවසයි. එසේ ඔහු වැරදියට පවසා සිටියේ දැඩි සතුට හේතුවෙනි. එවැන්නෙකුට වඩා අල්ලාහ් තම ගැත්තකු පතන පාපක්ෂමාව හේතුවෙන් දැඩි සේ සතුටු වන්නේය.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් දහවල් කාලයේ පාපකම් කරන්නා පාපක්ෂමාව අයදිනු පිණිස තම අත රාත්‍රියේ දිගු හරියි. රාත්‍රී කාලයේ පාපකම් කරන්නා පාපක්ෂාම අයදිනු පිණිස තම අත දහවල් කාලයේ දිගු හරියි. එය හිරු අවරින් උදාවන තෙක්ම සිදුවනු ඇත."رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ශරීර දෙස හෝ නුඹලාගේ ධන සම්පත් දෙස හෝ නොබලයි. නමුත් නුඹලාගේ හදවත් හා නුඹලාගේ ක්‍රියාවන් දෙස බලයි.”رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. පුද්ගලයකුට ඔහු පතන දෑ ඇත. එබැවින් කවරෙකුගේ නික්ම යෑම අල්ලාහ් හා ඔහුගේ දූතයා වෙත පිහිටියේ ද ඔහුගේ නික්ම යෑම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතම පිහිටනු ඇත. කවරෙකුගේ නික්ම යෑම මෙලොව හිමි කර ගැනීම සඳහා හෝ කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා පිහිටියේ ද ඔහුගේ නික්ම යෑම ඔහු කවර දෙයක් වෙත නික්ම ගියේ ද ඒ සඳහා පිහිටනු ඇත." බුහාරි හි සඳහන් තවත් ප්‍රකාශයක: "සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුටම ඔහු පතන දෑ ඇත."متفق عليه
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මාගේ උරහිසින් අල්ලාගෙන මෙසේ පැවසූහ:" "ඔබ ආගන්තුකයෙකු හෝ මඟ තරණය කරන්නෙකු මෙන් ලොවෙහි සිටිනු” යැයි පැවසූහ. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ පවසා සිටියේය.: “ඔබ සවස් වරුවට පැමිණියේ නම්, උදේ වරුව බලාපොරොත්තු නොවන්න. ඔබ උදේ වරුවට පැමිණියේ නම් සවස් වරුව බලාපොරොත්තු නොවන්න. ඔබේ අසනීපය වෙනුවෙන් ඔබේ සෞඛයය ද ඔබේ මරණය වෙනුවෙන් ඔබේ ජීවිතය ද යොදා ගන්න.رواه البخاري
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලා එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරන්න. නුඹලා එකිනෙකාට විරුද්ධව මිල වැඩි නොකරන්න. නුඹලා එකිනෙකාට වෛර නොකරන්න. නුඹලා එකිනෙකා පසුපස හැරී නොයන්න. කෙනෙකුගේ වෙළඳාමට එරෙහිව නුඹලා අතරින් කිසිවකු වෙළදාම් නොකළ යුතුයි. නුඹලා සහෝදරයන් ලෙසින් අල්ලාහ්ගේ ගැත්තන් වන්න. මුස්ලිම්වරයා මුස්ලිම්වරයාගේ සහෝදරයෙකි. ඔහු ඔහුට අසාධාරණකම් කරන්නේ නැත. ඔහුව පහත් කරන්නේ නැත. ඔහුට අපහාස කරන්නේ නැත. තක්වා හෙවත් ශ්‍රද්ධාව මෙහි ඇත. එතුමා තුන් වරක් එතුමාගේ පපුව දෙසට සළකුණු කළේය. 'පුද්ගලයකු නපුරු වීමට තම සහෝදර මුස්ලිම්වරයාව අවතක්සේරු කිරීම ප්‍රමාණවත් වන්නේය. මුස්ලිම්වරයාගේ රුධිරය, දේපළ සහ ගෞරවය යනාදිය තවත් මුස්ලිම්වරයකුට තහනම්ය."رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ආදම්ගේ පුත්‍රයාට රන් නිම්නයක් හිමි වූයේ නම්, ඔහු නිම්න දෙකක් ලබා ගැනීමට ආශා කරනු ඇත. ඔහුගේ මුඛය පස හැර අන් කිසිවක් නොපුරවයි. පසුතැවිලි වන ඕනෑම කෙනෙකුගේ පසුතැවිල්ල අල්ලාහ් පිළිගනී."متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා හඃව්ලා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ ප්‍රකාශ කරන ලද්දාය. “සැබැවින්ම ජනයා කිසිදු යුක්තියකින් තොරව අල්ලාහ්ගේ සම්පත් අතර ගනුදෙනු කරති. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්න ඔවුනට හිමිය.”رواه البخاري
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඔබට වඩා පහළ තත්ත්වයේ පසු වන ජනතාව දෙස ඔබේ අවධානය යොමු කරන්න. ඔබට වඩා ඉහළ තත්ත්වයේ සිටින ජනතාව වෙත අවධානය යොමු නොකරන්න. අල්ලාහ්ගෙන් ඔබට දෙන ලද ආශීර්වාද පිළිබඳ ව ඒවා අල්ප ලෙස ඔබ නොසැලකීමට මෙය කදිම ක්‍රමය වේ.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ආදම්ගේ දරුවන් සියල්ලෝම වැරදි කරන්නෝය. වැරදි කරුවන්ගෙන් උතුම් වනුයේ පාපක්ෂමාවෙහි නිරත වන්නෝය.”ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “ආශිර්වාද දෙකක් ඇත. ජනයා අතරින් බහුතරයක් දෙනා ඒ දෙක ගැන නොසැලකිල්ලෙන් පසුවෙති. ඒවානම්: නිරෝගීකම හා විවේකයයි.”رواه البخاري
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “එදින නිරය ගෙන එනු ලැබේ. එයට ලණු හැත්තෑ දහසක් පවතී. සෑම ලණුවක් සමගම මලක්වරු හැත්තෑ දහසක් එය ඇදගෙන යති.”ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසන ලදී. එවිට එතුමාණෝ: “අල්ලාහ් පිළිබඳ බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීම හා යහපත් ගතිගුණ වේ” යැයි පැවසූහ. තවදුරටත්, මිනිසුන් අධික ලෙස නිරයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි එතුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ: “කට හා ලිංගේන්ද්‍රි ය” යැයි පැවසූහ.رواه الترمذي وابن ماجه وأحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ශක්තිමත් දේව විශ්වාසියා දුර්වල දේව විශ්වාසියාට වඩා උතුම්ය. අල්ලාහ් වෙත වඩාත් ප්‍රිියමනාපය. සෑම දෙයකම යහපතක් ඇත. ඔබට ප්‍රයෝජනවත් වන දෑ කෙරෙහි ඇල්ම ඇති කර ගනු. අල්ලාහ්ගෙන් උදව් පතනු. ඔබ දුර්වල නොවනු. ඔබට යම් විපතක් ඇති වූ විටෙක, සැබැවින්ම මම මෙසේ කටයුතු කර තිබුණේ නම් මේ මේ දේ වන්නට තිබුණි යැයි නොපවසනු. ඒ වෙනුවට ‘අල්ලාහ්ගේ නියමයයි. ඔහු අභිමත කළ දෑ සිදු කළේය’ යැයි පවසනු. "එසේ වී නම්" ෂෙයිතාන්ගේ ක්‍රියාව ඔබ විවෘත කරනු ඇත."رواه مسلم
බනූ මුජාෂිඃගේ සහෝදරයකු වන ඉයාළ් ඉබ්නු හිමාර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් අප අතර දිනක් දේශනාවක් පැවැත්වූහ. එවිට එතුමාණෝ දිගු කතාවක් කළ අතර එහිදී: "සැබැවින්ම, කෙනෙක් තවත් කෙනෙකු ඉහවහා අහංකාර නොවන තරමට, කෙනෙක් තවත් කෙනෙකුට අපරාධ නොකරන තරමට ඔබ සැම නිහතමානි විය යුතු බව අල්ලාහ් මට දිව්‍ය පණිවිඩ හෙළිදරව් කර ඇත."رواه مسلم
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "කවරෙකු ඉස්ලාමය වැළඳගෙන, ප්‍රමාණවත් ලෙස පෝෂණය ලබා, අල්ලාහ් ඔහුට පිරිනමා ඇති දෑ ගැන සෑහීමට පත් කරන්නේ ද ඔහු ජය ලැබීය."رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උසාමා ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "පිරිමින්ට මහත් හානිදායක අර්බුදයක් ලෙස කාන්තාවන්ට වඩා වෙනත් දෙයක් මගෙන් පසු ව මම ඉතිරි නොකළෙමි."متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබෙයිදුල්ලාහ් ඉබ්නු මිහ්සන් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අතුරින් කිසිවකු හෝ ඔහුගේ ශරීරයේ නිරෝගී භාවයෙන් යුතුව ඔහුගේ පිරිස අතර සුරක්ෂිතව, ඔහු සතු ඔහුගේ දෛනික ආහාරය ලබා අවදි වූයේ ද මුලු ලෝකයම ඔහු සන්තකයට පත් වූවාක් මෙනි."رواه الترمذي وابن ماجه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ දරුවාට, ඔහුගේ පියාට හා සියලුම මිනිසුන්ට වඩා මා ඔහුට ප්‍රිය මනාපයකු වන තෙක් ඔහු දේවත්වය විශ්වාස කරන්නෙකු වන්නේ නැත.”متفق عليه
عن أبي هريرة رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم قال: «النَّاسُ مَعَادِن كَمَعَادِن الذَّهَب وَالفِضَّة، خِيَارُهُم فِي الجَاهِلِيَّة خِيَارُهُم فِي الإِسْلاَم إِذَا فَقُهُوا، والأَرْوَاحُ جُنُودٌ مُجَنَّدَة، فَمَا تَعَارَفَ مِنْهَا ائتَلَفَ، وَمَا تَنَاكَرَ مِنْهَا اخْتَلَفَ». وعن أبي هريرة رضي الله عنه قال: قال رسول الله -صلى الله عليه وسلم: «تَجِدُون النَّاسَ مَعَادِن: خِيَارُهُم فِي الجَاهِليَّة خِيَارُهُم فِي الإِسْلاَم إِذَا فَقِهُوا، وَتَجِدُون خِيَار النَّاس فِي هَذَا الشَّأْن أَشَدُّهُم كَرَاهِيَة لَه، وَتَجِدُون شَرَّ النَّاس ذَا الوَجْهَين، الَّذِي يَأْتِي هَؤُلاَء بِوَجه، وَهَؤُلاَء بِوَجْه».الحديث الأول: متفق عليه، ولفظه لمسلم؛ وروى البخاري أوله، وروى آخره عن عائشة -رضي الله عنها-. الحديث الثاني: متفق عليه
අබ්දුල්ලාහ් ඉබ්නු අකීම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු යමක් සම්බන්ධ කළේ ද ඒ වෙත ඔහු පවරනු ලැබේ.”ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයේ හදීසයකි.“සයිහාන්, ජය්හාන්, ෆුරාත් හා නය්ල් යන මේ සියල්ල ස්වර්ග ගංගාවන් අතුරිනි.“ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල්-කුද්රි තුමා හා අබූ හුරෙයිරා තුමා (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “(ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට) නිවේදකයෙක් "සැබැවින්ම නුඹලාට සුව සැපවත් ජීවිතයක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක රෝගාතුර නොවනු ඇත. තවද සැබැවින්ම නුඹලාට ජීවත්වීමක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක මරණයට පත් නොවනු ඇත. නුඹලාට තරුණකම ඇත. එහෙයින් නුඹලා කිසිවිටෙක මහලු නොවනු ඇත. නුඹලාට භුක්ති විඳීමක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක බලාපොරොත්තු සුන්කර නොගනු ඇත. එය සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශයට අනුවය. එනම්: "නුඹලාගේ එම ස්වර්ගය නුඹලා උරුම කරගෙන ඇත්තේ නුඹලා සිදුකරමින් සිටි දෑ හේතුවෙනි යැයි ඔවුන් අමතනු ලබති." (අල්-අඃරාෆ්: 43)رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම කීර්තිමත් උත්තරීතර අල්ලාහ් ස්වර්ග වාසීන් දෙස බලා මෙසේ පවසයි. “අහෝ ස්වර්ග වැසියනි! එවිට ඔවුහු: (එසේය,) අපගේ පරමාධිපතියාණනි! ඔබ සමීපයට පැමිණ ඔබෙන් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය.” යැයි පවසයි. එවිට ඔහු නුඹලා තෘප්තිමත් වූයෙහු ද? යැයි විමසයි. එවිට ඔවුහු: “අපගේ පරමාධිපතියාණනි! ඔබේ මැවීම් කිසිවකුට ඔබ නොදුන් දෑ සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත.” යැයි පවසති. එවිට ඔහු: “මීට වඩා උතුම් දෙයක් මම නුඹලාට පිරිනමමි.” යැයි පවසයි. ඔවුහු: “අහෝ පරමාධිපතියාණනි! මීටත් වඩා උතුම් වනුයේ කුමන කරුණක් ද?” යැයි විමසති. එවිට ඔහු. “මාගේ තෘප්තිය නුඹලාට නියම විය. එහෙයින් මින්පසු මම කිසිවිටෙක නුඹලා කෙරෙහි කෝප නොවෙමි.” යැයි පවසයි.متفق عليه