Hadith for the World
මුහම්මදානු සාරධර්ම

සදාචාරාත්මක ගුණාංග

15 hadiths

15 hadiths

මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිවිටෙක එතුමාණන්ගේ කුඩා දිව පෙනෙන තරමට මහා හඩින් සිනහසෙන්නෙකු ලෙස මා දැක නැත. එතුමා මද සිනහ පාන්නෙකු වූහ.”متفق عليه
අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නිවසේ මුවා වී රැඳී සිටින කන්‍යාවකට වඩා අධික ලෙස ලැජ්ජා සහගත අයකු වූහ. යම් පිළිකුල් සහගත දෙයක් එතුමාණන් දුටු විට එතුමාණන්ගේ මුහුණෙන් එය අපි හඳුනා ගත්තෙමු."متفق عليه
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කතාව, එය සවන් දෙන සියලු දනන්හට වෙන් වෙන්ව පැහැදිලිව වටහා ගත හැකි කතාවක් විය."ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව මහ්මූද් ඉබ්නු ලබීද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: 'ඔබ කෙරෙහි මා බියවන වඩාත්ම භයානක කරුණ වනුයේ කුඩා ගණයේ ෂිර්ක්ය'. ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! කුඩා ගණයේ ෂිර්ක් යනු කුමක් ද?' යැයි විමසුවෝය: එතුමාණෝ "මූණිච්චාව. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් හට ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා ප්‍රතිඵල දෙනු ලබන විට අල්ලාහ් ඔවුනට: "මෙලොව ඔබ කවරෙකුට ප්‍රදර්ශනය කරමින් සිටියෙහි ද ඔවුන් වෙත යනු. ඔවුන් වෙතින් යම් කුලියක් ලබනු ඇත්දැයි බලනු." යැයි පවසයි.رواه أحمد
عن أنس بن مالك رضي الله عنه أَنَّ النَبيَّ -صلَّى الله عليه وسلَّم- كَان إِذَا تَكَلَّمَ بِكَلِمَةٍ أَعَادَهَا ثَلاَثًا حَتَّى تُفْهَمَ عَنْهُ، وَإِذَا أَتَى عَلَى قَوْمٍ فَسَلَّمَ عَلَيهِم سَلَّمَ عَلَيهِم ثَلاَثًا.رواه البخاري
عن أبي هريرة رضي الله عنه : أن رجلًا أتى النبي صلى الله عليه وسلم يَتَقَاضَاهُ فَأغْلَظَ له، فَهَمَّ به أصحابه، فقال رسول الله صلى الله عليه وسلم : «دَعُوه، فإن لِصَاحب الحَقِّ مَقَالا» ثم قال: «أعْطُوهُ سِنًّا مِثْل سِنِّهِ» قالوا: يا رسول الله، لا نَجِدُ إلا أمْثَلَ مِنْ سِنِّهِ، قال: «أعْطُوه، فإن خَيْرَكم أحْسَنُكُم قَضَاء».متفق عليه
عن عائشة رضي الله عنها قالت: قَدِمَ نَاسٌ مِنَ الأَعْرَابِ عَلَى رَسُولِ اللهِ صلى الله عليه وسلم فقالوا: أَتُقَبِّلُونَ صِبْيَانَكُمْ؟ فقال: «نعم» قالوا: لَكِنَّا واللهِ ما نُقَبِّلُ! فقال رسولُ اللهِ صلى الله عليه وسلم : «أَوَ أَمْلِكُ إن كانَ اللهُ نَزَعَ مِنْ قُلُوبِكُم الرَّحْمَةَ!».متفق عليه
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමග ගමන් කරන්නෙකු ලෙස සිටියෙමි. වාටි ගණව ඇති නජ්රාන් දේශයේ වස්ත්රයක් එතුමාට විය. එවිට ගම්බද ආරාබි ජාතිකයෙක් එතුමා වෙතට ළඟා විය. එතුමාගේ එම වස්ත්රය හේතුවෙන් ඔහු දැඩි ලෙස මවිතයට පත් විය. එවිට මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ උරබාහුව දෙස බැලුවෙමි. වස්ත්රයේ වාටිය වඩා ආකර්ශනීයි ලෙස තිබූ හේතුවෙන් කැපී පෙනන්නක් විය. පසුව ඔහු, අහෝ මුහම්මද්! ඔබ වෙත ඇති අල්ලාහ්ගේ වස්තුවෙන් මට (යමක් පිරිනමන මෙන්) අණ කරනු. යැයි පවසා සිටියේය. එතුමා ඔහු දෙස හැරී බලා සිනහ සී පසුව, ඔහුට යම් පිරිනැමීමක් කරන මෙන් නියෝග කළහ.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
عن أبي سعيد الخدري رضي الله عنه مرفوعاً: أنَّ ناسًا من الأنصارِ سألوا رسولَ الله - صلى الله عليه وسلم - فأعطاهم، ثم سألوه فأعطاهم، حتى نَفِدَ ما عنده، فقال لهم حين أنفقَ كلَّ شيءٍ بيده: «ما يَكُنْ عندي من خيرٍ فلن أَدَّخِرَهُ عَنْكُم، ومَنْ يَسْتَعْفِفْ يُعِفِّهُ اللهُ، ومَنْ يَسْتَغْنِ يُغْنِهِ اللهُ، ومَنْ يَتَصَبَّرْ يُصَبِّرْهُ اللهُ. وما أُعْطِيَ أَحَدٌ عطاءً خَيرًا وأَوسع من الصبرِ».متفق عليه
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා)තුමා විසින් ප්‍රකාශ කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), ජනයා අතර වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. රමළාන් මාසයේ ජිබ්රීල් තුමා එතුමාණන්ව හමුවන අවස්ථාවේ වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. එතුමා රමළාන් මාසයේ සෑම රාත්‍රියකම එතුමාණන්ව මුණ ගැසී එතුමාණන්ට අල් කුර්ආනය උගන්වමින් පසුවූහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හමන සුළඟට වඩා යහපත කිරීමෙහි ඉමහත් පරිත්‍යාගශීලී අයකු වූහ.”متفق عليه
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනයා අතර වඩාත් සදාචාර සම්පන්න අයකු වූහ.”متفق عليه
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ- අතට වඩා සුමුදු පට රෙද්දෙන් නිමවූ ඇඳුමක් හෝ පට රෙද්දක් හෝ මම ස්පර්ශ කොට නැත. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ සුවඳට වඩා මනරම් සුවදක් කිසිවිටෙක මම ආඝ්රාණය කොට නැත. තවද සැබැවින්ම මම වසර දහයක් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ළඟ සේවය කළෙමි. කිසිවිටෙක එතුමා උෆ්ෆින් (චි) වැනි පිළිකුල් සහගත ප්රකාශයකින් මට කතා කොට නැත. මම සිදු කළ යමක් වී නම්, ඔබ එය සිදු කළේ ඇයිදැ යි හෝ මම සිදු නොකළ යමක් වී නම්, එය මෙසේ සිදු නොකළේ ඇයි දැයි හෝ විමසුවේ නැත.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
දේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “කිසියම් විටෙක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට කරුණු දෙකක් අතර තෝරා ගන්නට යමක් දෙනු ලැබූ විට, පාපයක් නොවන තාක් කල් ඒ දෙකින් වඩාත් පහසුම දෑ එතුමාණන් තෝරා ගත්තේය. එය පාපයක් වූයේ නම් එයින් ජනයාට වඩා එතුමාණෝ දුරස් වන්නෙකු වූහ. කිසිම විටෙක කිසියම් කටයුත්තක තම පෞද්ගලික හේතුවක් නිසා අල්ලාහ්ගේ දූතයාණෝ පළිගන්නෙකු නොවූහ. නමුත් අල්ලාහ්ගේ ගෞරවණීය දෙයක් කඩකරනු ලැබුවේ නම් මිස, එවිට උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් එතුමාණෝ සමප්‍රතිචාර දැක්වූහ.متفق عليه
عن عبد الله بن الشِّخِير رضي الله عنه قال: «رأيت رسول الله صلى الله عليه وسلم يُصَلِّي، وفي صَدره أَزِيزٌ كَأَزِيزِ الرَّحَى من البُكَاءِ صلى الله عليه وسلم ».رواه أبو داود والنسائي وأحمد
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَحْسَنَ النَّاسِ، وَكَانَ أَجْوَدَ النَّاسِ، وَكَانَ أَشْجَعَ النَّاسِ، وَلَقَدْ فَزِعَ أَهْلُ الْمَدِينَةِ ذَاتَ لَيْلَةٍ، فَانْطَلَقَ نَاسٌ قِبَلَ الصَّوْتِ، فَتَلَقَّاهُمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَاجِعًا، وَقَدْ سَبَقَهُمْ إِلَى الصَّوْتِ، وَهُوَ عَلَى فَرَسٍ لِأَبِي طَلْحَةَ عُرْيٍ، فِي عُنُقِهِ السَّيْفُ، وَهُوَ يَقُولُ: «لَمْ تُرَاعُوا، لَمْ تُرَاعُوا» قَالَ: «وَجَدْنَاهُ بَحْرًا، أَوْ إِنَّهُ لَبَحْرٌ» قَالَ: وَكَانَ فَرَسًا يُبَطَّأُ.متفق عليه