Hadith for the World
ප්රතිපත්තිය

නම් සහ නීති

22 hadiths

22 hadiths

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අපට එරෙහි ව අවි එසෙව්වේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය."متفق عليه
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අඳුරු රාත්‍රියේ කොටසක් මෙන් වන අර්බූදය, දැහැමි ක්‍රියාවන් තුළින් (අබිබවන්නට) යුහුසුළු වන්න. මිනිසා උදෑසන දේවත්වය විශ්වාස කළ අයකු ලෙස අවදි වෙයි. සවස දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු බවට පත් වෙයි. එමෙන්ම ඔහු දේවත්වය විශ්වාස කළ අයකු ලෙස සවස් කාලයට එළැඹෙයි. උදෑසන දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු ලෙස අවදි වෙයි. මෙලොව ඇති වස්තුව වෙනුවට තම දහම විකුණා දමයි."رواه مسلم
عن أبي هريرة رضي الله عنه مرفوعاً: «الإيمانُ بِضْعٌ وَسَبْعُونَ أو بِضْعٌ وسِتُّونَ شُعْبَةً: فَأَفْضَلُهَا قَوْلُ: لا إله إلا الله، وَأَدْنَاهَا إِمَاطَةُ الأَذَى عَنِ الطَّرِيقِ، وَالحَيَاءُ شُعْبَةٌ مِنَ الإِيمَانِ».متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක් බවට පත් නොකරන්න. තම නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කරගත් පිරිසට අල්ලාහ් ශාප කළේය."رواه أحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. ඒ දෙකෙහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම්, ඒ දෙක වෙත දණගසමින් හෝ පැමිණෙනු ඇත. සැබැවින්ම මම සලාතය සඳහා නියෝග කොට, ඒ සඳහා ඉකාමත් කියනු ලැබ, පසුව ජනයාට සලාතය මෙහෙයවනු පිණිස මිනිසෙකුට නියෝග කොට, පසුව දර මිටි දරාගත් මිනිසුන් මා සමග සලාතයට සහභාගී නොවූ පිරිස වෙත ගමන් කර, ඔවුන්ගේ නිවෙස් ඔවුන් සමග ගින්නෙන් පුළුස්සා ලීමට සිතමි.”متفق عليه
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු යහමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් හා සමාන කුසල් ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ කුසල්වලින් කිසිවක් එය අඩු කරන්නේ නැත. එමෙන්ම කවරෙකු නොමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු පාපයන් හා සමාන පාපය ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ පාපයෙන් කිසිවක් එය අඩු කරන්නේ ද නැත.”رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව මහ්මූද් ඉබ්නු ලබීද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: 'ඔබ කෙරෙහි මා බියවන වඩාත්ම භයානක කරුණ වනුයේ කුඩා ගණයේ ෂිර්ක්ය'. ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! කුඩා ගණයේ ෂිර්ක් යනු කුමක් ද?' යැයි විමසුවෝය: එතුමාණෝ "මූණිච්චාව. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් හට ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා ප්‍රතිඵල දෙනු ලබන විට අල්ලාහ් ඔවුනට: "මෙලොව ඔබ කවරෙකුට ප්‍රදර්ශනය කරමින් සිටියෙහි ද ඔවුන් වෙත යනු. ඔවුන් වෙතින් යම් කුලියක් ලබනු ඇත්දැයි බලනු." යැයි පවසයි.رواه أحمد
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අශුභවාදය තම අවශ්යතාවන් ඉටු කර ගැනීමෙන් කවරෙකු වළක්වාලන්නේ ද සැබැවින්ම ඔහු ආදේශ තැබීය. ඒ සඳහා ප්රතිකර්මය කුමක් දැ?යි ඔවුහු විමසූහ. එතුමා: ‘අල්ලාහුම්ම ලා හයිර ඉල්ලා හයිරක වලා තයිර ඉල්ලා තයිරක වලා ඉලාහ ගයිරක’ යැයි පැවසීමයි. (අහෝ දෙවිඳුනි! ඔබේ යහපත හැරෙන්නට වෙනත් යහපතක් නැත. ඔබේ අශුභවාදය හැරෙන්නට වෙනත් අශුභවාදයක් නොමැත. ඔබ හැර වෙනත් දෙවියෙකු නැත.)”අහ්මද් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "දේවත්වය විශ්වාස කරන්නන් ඔවුන් එකිනෙකා සෙනෙහස පෑමෙහි ද ඔවුන් එකිනෙකා කරුණාවෙන් කටයුතු කිරීමෙහි ද ඔවුන් එකිනෙකා ආදරය කිරීමෙහි ද උපමාව වනුයේ ශරීර අවයවයක් වේදනා විඳින විට අවදිව සිටීමෙන් හා උණ ගැනීමෙන් ශරීරයේ සෙසු අවයවට ද එයට හවුල් වීමට ඇරයුම් කරන ශරීරයේ උපමාව මෙනි."متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කම්මුල්වලට පහර දී, සාක්කු ඉරාගෙන, අඥාන යුගයේ ප්‍රාර්ථනාවන් උසුරා ප්‍රාර්ථනා කළ අය අප අතරින් නො වන්නේය.”متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයක් පිළිබඳව එතුමාණන්ගේ බිරියක් විසින් මෙසේ වාර්තා කරන ලදී: "කවරෙකු සාස්තර කාරයෙකු වෙත පැමිණ ඔහුගෙන් යමක් විමසා සිටින්නේ ද ඔහුට දින හතළිහක සලාතය පිළිගනු නොලබන්නේමය.”رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඊමාන් හෙවත් දේව විශ්වාසය ශාඛා හැත්තෑ ගණනකි. -නැතහොත් හැට ගණනකි.- ඒවා අතරින් වඩාත් උතුම් වනුයේ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යන ප්‍රකාශයයි. ඒවා අතරින් වඩාත් පහළම මට්ටම වනුයේ හානිදායක දෑ මාර්ගයෙන් ඉවත් කිරීමයි. ලැජ්ජාවද ඊමානයේ ශාඛාවක් වේ.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අමානා (වත්පිළිවෙත්) මත දිවුරා සිටියේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවේ.”رواه أبو داود وأحمد
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නියම ලෙස අල්ලාහ්ට අවනත වන්නා වනාහි, තම දිවෙන් හෝ තම අතින් හෝ අල්ලාහ්ට අවනත වන අය ආරක්ෂා වන අතර අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා වනාහි, කවර කරුණක් තහනම් කළේ ද එයින් වැළකී සිටින්නාය.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දිල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවකු හෝ යම් පිළිකුල් සහගත දෙයක් දුටුවේ නම්, ඔහු එය ඔහුගේ අතින් වැළැක්විය යුතුය. (එයට) ඔහු අපොහොසත් වූයේ නම්, එවිට ඔහුගේ දිවෙන් ද (එයට ද) ඔහු අපොහොසත් වූයේ නම්, ඔහුගේ හදවතින් ද විය යුතුය. එය ඊමාන් හෙවත් දේව විශ්වාසයේ අවමම නිලයයි."رواه مسلم
අබූ මාලික් අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ: පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව අතර ඇති දෑ පුරවාලයි. සලාතය ආලෝකයකි. දානය සාක්ෂියකි. ඉවසීම ප්‍රභාවකි. කුර්ආනය ඔබට පක්ෂව හෝ ඔබට විපක්ෂව පිහිටයි. සියලුම මිනිසුන් තම ආත්මය විකුණයි. ඔහු එය නිදහස් කර ගනිත්වා එසේ නැතහොත් විනාශ කර ගනිත්වා!"رواه مسلم
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඉබ්නු ජුද්ආන් (නම් කෙකේ) "ජාහිලිය්යා" නම් අඥාන කාලයේ ඥාති සම්බන්ධකම් රකිමින්, දුප්පතුන්ට ආහාර සපයමින් සිටියේය. එය ඔහුට ප්‍රයෝජනවත් වන්නේ ද?" යැයි මම විමසුවෙමි. එතුමාණෝ: "ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. සැබැවින්ම ඔහු කිසි දිනක 'මාගේ පරමාධිපතියාණනි, විනිශ්චය දිනයේ දී මාගේ වැරදි වලට මට සමාව දෙනු මැනව' යැයි පවසා සිටියේ නැත."رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මිනිසෙකු හා දේවත්වයට ආදේශ කිරීම හා දේවත්වය ප්‍රතික්ෂේප කිරීම අතර වෙනස සලාතය අත්හැර දැමීමය." ‍رواه مسلم
عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "ثَلاَثٌ مَنْ كُنَّ فِيهِ وَجَدَ حَلاَوَةَ الإِيمَانِ: أَنْ يَكُونَ اللَّهُ وَرَسُولُهُ أَحَبَّ إِلَيْهِ مِمَّا سِوَاهُمَا، وَأَنْ يُحِبَّ المَرْءَ لاَ يُحِبُّهُ إِلَّا لِلَّهِ، وَأَنْ يَكْرَهَ أَنْ يَعُودَ فِي الكُفْرِ كَمَا يَكْرَهُ أَنْ يُقْذَفَ فِي النَّارِ".متفق عليه
අබ්බාස් ඉබ්නු අබ්දුල් මුත්තලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් මෙසේ ප්‍රකාශ කරන ලදී. “අල්ලාහ් තම පරමාධිපති ලෙසත් ඉස්ලාමය තම දහම ලෙසත් මුහම්මද් තම දූතයාණන් ලෙසත් කවුරුන් පිළිගත්තේ ද ඔහු ඊමාන් නොහොත් විශ්වාසයේ සුවය වින්ඳේය.”رواه مسلم
عن جابر بن عبد الله قال: كان رسول الله صلى الله عليه وسلم إذا خطب احمرَّتْ عيناه، وعلا صوته، واشتد غضبه، حتى كأنه مُنذِرُ جيشٍ يقول: صبَّحكم ومسَّاكم، ويقول: «بُعثتُ أنا والساعةُ كهاتين»، ويقرن بين إصبعيه السبابة، والوسطى، ويقول: «أما بعد، فإن خير الحديث كتاب الله، وخير الهدى هدى محمد، وشر الأمور محدثاتها، وكل بدعة ضلالة» ثم يقول: «أنا أولى بكل مؤمن من نفسه، من ترك مالًا فلأهله، ومن ترك دينًا أو ضَياعًا فإليَّ وعليَّ».رواه مسلم