Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

අම්ර් ඉබ්නු සලීම් අල් අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: ඔහු: “මම අබූ සඊද් මත සාක්ෂි දරමින් පවසමි.” ඔහු “මම අල්ලාහ්ගේ දූතයාණන් මත සාක්ෂි දරමින් පවසමි” යැයි පවසා සිටි බව ප්‍රකාශ කර සිටියහ:

Available in 60 languages
«අම්ර් ඉබ්නු සලීම් අල් අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: ඔහු: “මම අබූ සඊද් මත සාක්ෂි දරමින් පවසමි.” ඔහු “මම අල්ලාහ්ගේ දූතයාණන් මත සාක්ෂි දරමින් පවසමි” යැයි පවසා සිටි බව ප්‍රකාශ කර සිටියහ: “ජුමුආ දිනයේ ස්නානය කිරීමත් කට පිරිසිදු කිරීමත් සුවඳ විළවුන් ඇත්නම් එය ගැල්වීමත් වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

ජුමුආව අනිවාර්යය වූ වැඩිවියට පත් සෑම මුස්ලිම්වරයකුගේම වගකීම තුළ එය අනිවාර්යය වන අතර ජුමුආ දිනයේ ස්නානය කිරීමද වැදගත් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිළි කළහ. එමෙන්ම මිස්වාක් දැහැටියෙන් හා එවන් බුරුසුවකින් තම දත් මැද ගැනිමත් කවර සුවදක් වුව ද අත්තර් වැනි සුවද විළවුන් ගල්වා ගැනීමත් වැදගත් වන්නේය.

Source
متفق عليه
Download image

Saved at original quality