ආගමික නීති හා එහි මූලධර්ම
සව්බාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
Available in 65 languages
«සව්බාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම සලාතයෙන් හැරුණු විට තුන් වරක් අල්ලාහ්ගෙන් සමාව අයැද, ‘අල්ලාහුම්ම අන්තස්-සලාම් ව මින්කස් සලාම් තබාරක්ත යා දල් ජලාලි වල් ඉක්රාම්’ යා අල්ලාහ් ඔබ ශාන්තය. ශාන්තභාවය ඔබෙන් වන්නකි. කීර්තියෙන් හා ත්යාගශීලී භාවයෙන් යුක්ත ඔබ උත්කෘෂ්ඨ විය.’ යැයි පවසා සිටියහ. වලීද් තුමා මෙසේ පවසයි: මම අව්සාඊ තුමාගෙන්, සමාව අයදින්නේ කෙසේදැ?යි විමසා සිටියෙමි. එතුමා: ඔබ "අස්තග්ෆිරුල්ලාහ් අස්තග්ෆිරුල්ලා" යැයි පවසන්න. (මම අල්ලාහ්ගෙන් සමාව අයදිමි, මම අල්ලාහ්ගෙන් සමාව අයදිමි.)යයි කීය.»Meaning translation ·
Saved at original quality








