Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් ‍මෙසේ වාර්තා කරන ලදී:

Available in 54 languages
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් ‍මෙසේ වාර්තා කරන ලදී: “ගැත්තන් උදෑසන අවදි වන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්: “අහෝ දෙවිඳුනි! පිං සඳහා වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව!” යැයි පවසන අතරම අනෙක් තැනැත්තා: “අහෝ දෙවිඳුනි! එය රඳා තබා ‍ගන්නාට විනාශය ඇති කරනු මැනව.” යැයි පවසයි.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

හිරු උදාවන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් මෙසේ පවසයි: අහෝ දෙවිඳුනි! ඔබට අවනත වන කටයුතු වලදී ද, තම පවුලට, ආගන්තුකයන්ට අමතර කටයුතු සඳහා ද වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව! ඔහු වියදම් කළ දෑ යහපතක් බවට පෙරළා දෙනු මැනව! එහි සමෘද්ධිය ඇති කරනු මැනව! යැයි පවසයි. අනෙක් තැනැත්තා: අහෝ දෙවිඳුනි! රැස් කරන්නාට විනාශය ඇති කරනු මැනව! ඔහුගේ වගකීම් ඉටු නොකර හිඳ, එය ලැබිය යුතු අයගෙන් වලක්වාගත් ඔහුගේ ධනය විනාශ කරනු මැනව යැයි පවසයි.

Source
متفق عليه
Download image

Saved at original quality