Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කරමින් සිටි බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

Available in 71 languages
«සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කරමින් සිටි බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "පස්වාර සලාත් නැමදුම්, ජුමුආවෙහි සිට ජුමුආව දක්වා, රමළානයේ සිට රමළානය දක්වා යමෙකු මහා පාපයන්ගෙන් වැළකී සිටියේ නම්, ඒවා අතර සිදුවන දෑ (සුළු පාප) සඳහා, ඒවා ප්‍රතිකර්ම වනු ඇත."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

දහවල් කාලයේ හා රාත්‍රි කාලයේ අනිවාර්යය කරන ලද පස්වාර සලාත් ද, සෑම සතියකම පවත්වනු ලබන ජුමුආ සලාතය ද, සෑම වසරකම රකින උපවාසය ද ඒවා අතර සිදුවන සුළු පාපකම් සඳහා ඒවා ප්‍රතිකර්ම වනු ඇත. නමුත් මහා පාපයන්ගෙන් වැළකී සිටීම කොන්දේසියක් බවට පැනවේ. කාමයේ වරදවා හැසිරීම, මත් පැන් පානය වැනි මහා පාපයන් තව්බා නොහොත් පාපොච්ඡාරණය කර සමාව අයැදීමෙන් පසුව මිස සමාව දෙනු නොලැබේ.

Source
رواه مسلم
Download image

Saved at original quality