SI
සලාතය
සලාතයේ මහිමය
10 hadiths
සලාතයේ අනිවාර්භාවය හා එය මගහරින්නාගේ නීතිය
5
සලාතයේ මහිමය
10
අදානය සහ ඉකාමතය
6
සලාතය ඉටුකිරීමට තහනම් වේලාවන්
2
සලාතයේ කොන්දේසි
3
සලාතයේ මූලිකාංග
2
واجبات الصلاة
1
සලාතයේ වෛකල්පිත කරුණූ
1
සලාතය ඉටු කරන ආකාරය
10
සලාතය තුළ කිවයුතු (දික්ර්) තෙපලීම්
15
සලාතය අවලංගු කරන කරුණු
1
සලාතය ඉටු කරන්නන් විසින් සිදුවන වැරදි
5
කෘතඥතාව පල කිරීමේදී, කුර්ආන් පාරායනයේදී හා සලාත් අතපසු වීමෙදී කරනු ලබන සුජූද්
4
සාමූහික සලාතයේ මහිමය හා එහි නීති
7
සලාතය මෙහෙය වන්නා හා ඔහු අනුගමනය කරන්නා පිළිබඳ නීති
4
නිදහසට කරුණු තිබෙන අයවලුන්ගේ සලාතය
1
ජුමුආ සලාතය
7
ස්වෙච්ඡා අතිරේක සලාතය
40
සූර්යග්රහණය සහ චන්ද්රග්රහණය සිදු වූ වීටක කරන සලාතය
2
صلاة الاستسقاء
1
මස්ජිද් පිළිබඳ නීතිරීති
9
10 hadiths
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. ඒ දෙකෙහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම්, ඒ දෙක වෙත දණගසමින් හෝ පැමිණෙනු ඇත. සැබැවින්ම මම සලාතය සඳහා නියෝග කොට, ඒ සඳහා ඉකාමත් කියනු ලැබ, පසුව ජනයාට සලාතය මෙහෙයවනු පිණිස මිනිසෙකුට නියෝග කොට, පසුව දර මිටි දරාගත් මිනිසුන් මා සමග සලාතයට සහභාගී නොවූ පිරිස වෙත ගමන් කර, ඔවුන්ගේ නිවෙස් ඔවුන් සමග ගින්නෙන් පුළුස්සා ලීමට සිතමි.”
متفق عليه
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කරමින් සිටි බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "පස්වාර සලාත් නැමදුම්, ජුමුආවෙහි සිට ජුමුආව දක්වා, රමළානයේ සිට රමළානය දක්වා යමෙකු මහා පාපයන්ගෙන් වැළකී සිටියේ නම්, ඒවා අතර සිදුවන දෑ (සුළු පාප) සඳහා, ඒවා ප්රතිකර්ම වනු ඇත."
رواه مسلم
මඃදාන් ඉබ්නු අබී තල්හා අල්-යඃමරී විසින් මෙසේ වාර්තා කරන ලදී: මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ සේවකයකු වූ සව්බාන් තුමාව මුණ ගැසී 'මම යමක් කරන විට ඒ හේතුවෙන් අල්ලාහ් මා ස්වර්ගයට ඇතුළත් කරන ක්රියාවක් මට දන්වා සිටින්නැ'යි පවසා සිටියෙමි. 'එසේ නැතහොත් අල්ලාහ් වෙත වඩාත් ප්රියමනාප ක්රියාව මට දන්වා සිටින්නැයි' මම පවසා සිටියෙමි. එවිට එතුමා නිහඬව සිටියේය. පසුව නැවතත් ඒ ගැන විමසුවෙමි. එවිට ද හෙතෙම නිහඬව සිටියේය. පසුව තුන්වන වරටත් මම විමසා සිටියෙමි. එවිට එතුමා මෙසේ පැවසීය: 'අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට මම සවන් දී ඇත්තෙමි.' එනම්: “ඔබ බොහෝ සෙයින් සුජූද් කළ යුතුය. හේතුව සැබැවින්ම ඔබ අල්ලාහ් වෙනුවෙන් සුජූදයක් කළ විට, අල්ලාහ් එමගින් ඔබව තරාතිරමකින් උසස් කරවා එමගින් පාපයක් ඔබෙන් මකා දමනු ඇත." මඃදාන් තුමා මෙසේ පැවසීය: මම අබූ දර්දා තුමාව ද මුණ ගැසී ඒ ගැන විමසා සිටියෙමි. එවිට එතුමා ද සව්බාන් තුමා මට පවසා සිටි දෑම මට පවසා සිටියේය.
رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්රකාශයකට තමන් සවන් දී අතැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “සැබැවින්ම ඔබ අතරින් කිසිවකුගේ දොරටුව අසළින් ගංගාවක් ගලා බසී. ඔහු එයින් සෑම දිනකම පස් වාරයක් ස්නානය කරයි. ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ ද? ඒ ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද?" යැයි විමසූහ. ඔවුහු: "ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ නැත." යැයි පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: “පස් වාර සලාත්හි උපමාවද එලෙසය. එමගින් අල්ලාහ් වැරදි මකා දමනු ඇත.”
متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ජුන්ද් ඉබ්නු අබ්දුල්ලාහ් අල්-කසරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු සුබ්හ් සලාතය ඉටු කළේද ඔහු අල්ලාහ්ගේ වගකීම තුළ වෙයි. ඔහුගේ වගකීම තුළ පවතින කිසිවක් ගැන අල්ලාහ් ඔබෙන් ප්රශ්න කරන්නේ නැත. ඔහුගේ වගකීම තුළ පවතින යමක් සම්බන්ධයෙන් ඔහු කවරෙකුගෙන් ප්රශ්න කර සිටියේ ද ඔහු ඔහුව ග්රහණය කර මුණින් අත පෙරළා අපා ගින්නට ඇදගෙන යනු ඇත.”
رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ සුහෙයිර් උමාරා ඉබ්නු රුඅයිබා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “හිරු උදාවීමට පෙර හා හිරු අවරට යෑමට පෙර සලාත් ඉටු කරන කිසිවකු නිරයට පිවිසෙන්නේම නැත."
رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයට තමන් සවන් දුන් බව පවසමින් උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවර මුස්ලිම් පුද්ගලයකු හෝ වේවා ඔහුට අනිවාර් යය සලාතය ළඟා වී පසුව ඔහු ඒ සඳහා වන වුළූ ධෝවනය කර, බැතිමත්භාවය හා ඊට අදාළ මූලිකාංග නිසි අයුරින් සිදු කරන්නේ ද ඔහු මහා පාපයක් සිදු නොකරන තාක් කල් ඊට පෙර පැවති පාපකම් වලට එය ප්රතිකර්මයක් වනු ඇත. එය කාලය පුරාවටම පවතිනු ඇත.”
رواه مسلم
අබූ මාලික් අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළහ: පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්රශංසා අල්ලාහ් සතුය) යන ප්රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්රශංසා අල්ලාහ් සතුය) යන ප්රකාශ දෙක අහස් හා පොළොව අතර ඇති දෑ පුරවාලයි. සලාතය ආලෝකයකි. දානය සාක්ෂියකි. ඉවසීම ප්රභාවකි. කුර්ආනය ඔබට පක්ෂව හෝ ඔබට විපක්ෂව පිහිටයි. සියලුම මිනිසුන් තම ආත්මය විකුණයි. ඔහු එය නිදහස් කර ගනිත්වා එසේ නැතහොත් විනාශ කර ගනිත්වා!"
رواه مسلم
عن ربيعة بن كعب الأسلمي قال: كنتُ أبيتُ مع رسول الله صلى الله عليه وسلم فأتيتُه بوَضوئه وحاجته فقال لي: «سل» فقلت: أسألك مرافقتك في الجنة. قال: «أو غير ذلك؟» قلت: هو ذاك. قال: «فأعني على نفسك بكثرة السجود».
رواه مسلم
عن عائشة عن النبي صلى الله عليه وسلم قال: «ما من ميت تصلي عليه أُمَّةٌ من المسلمين يبلغون مائة، كلهم يشفعون له، إلا شفعوا فيه».
رواه مسلم