Hadith for the World
සලාතය

සලාතය ඉටු කරන්නන් විසින් සිදුවන වැරදි

5 hadiths

5 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දී ඇති බව පවසමින් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. "ආහාර ඉදිරියේ හෝ මල මූත්‍රා දරා සිටින්නාට හෝ සලාතය නැත."رواه مسلم
عن أنس بن مالك رضي الله عنه أن النبي صلى الله عليه وسلم رأى نُخْامَة في القِبْلَة، فَشَقَّ ذلك عليه حتى رُئِي في وجْهِه، فقام فَحَكَّه بِيَده، فقال: «إن أحدكم إذا قام في صلاته فإنه يُنَاجِي رَبَّه، أو إن رَبَّه بينه وبين القِبْلَة، فلا يَبْزُقَنَّ أحدُكم قِبَل قِبْلتِه، ولكن عن يَسَاره أو تحت قَدَمَيه» ثم أخذ طَرف رِدَائِه، فَبَصَقَ فيه ثم ردَّ بَعْضَهُ على بعض، فقال: «أو يفعل هكذا».متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔවුන්ගේ සලාතයේ දී ඔවුන්ගේ බැල්ම ඔවුන් ඉහළට යොමු කරන ජන පිරිස්වල තත්ත්වය කුමක් ද?" එහි දී එතුමාණන්ගේ ප්‍රකාශය ඉතා දැඩි විය. එය කෙතරම් ද යත්, එතුමාණෝ මෙසේ පැවසූහ: "ඉන් ඔවුන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් ඔවුන්ගේ බැල්ම පැහැරගනු ලබනු ඇත."رواه البخاري
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. කවරෙකුට සලාතයක් අමතක වූයේ ද පසුව ඔහුට එය මතක් වූ විට ඔහු එය ඉටු කළ යුතුය. එයට එය හැර වෙනත් ප්‍රතිකර්මයක් නැත. "මා සිහිපත් කරනු පිණිස සලාතය ඉටු කරනු" (තාහා: 14)متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මිනිසා අතරින් සොරකමින් ඉතා නපුරුම තැනැත්තා තම සලාතය සොරකම් කරන්නාය" ඔහු: තම සලාතය සොරකම් කරන්නේ කෙසේද? යැයි විමසීය. එතුමාණෝ: 'ඔහු එහි රුකූඋ හා එහි සුජූදය පූර්ණවත් නොකරයි."رواه ابن حبان