Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 42 languages
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔවුන්ගේ සලාතයේ දී ඔවුන්ගේ බැල්ම ඔවුන් ඉහළට යොමු කරන ජන පිරිස්වල තත්ත්වය කුමක් ද?" එහි දී එතුමාණන්ගේ ප්‍රකාශය ඉතා දැඩි විය. එය කෙතරම් ද යත්, එතුමාණෝ මෙසේ පැවසූහ: "ඉන් ඔවුන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් ඔවුන්ගේ බැල්ම පැහැරගනු ලබනු ඇත."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

සලාතයේ දී ප්‍රාර්ථනා කරන අවස්ථාවේ හෝ වෙනත් අවස්ථාවක හෝ තම බැල්ම ඉහළට ඔසවා අහස දෙසට යොමු කරන්නන් හට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අනතුරු ඇඟවූහ. පසුව එසේ සිදු කරන්නන්ට එරෙහිව එතුමාණන්ගේ එම හෙළා දැකීම හා අවවාදය ඉතා දැඩි විය. සැබැවින්ම එතුමාණන් ඔවුන්ගේ බැල්ම ඔවුන්ගෙන් පැහැර ගනු ලබනු ඇතැයි හා ඔවුන් නොසිතන අයුරින් ඉතා ඉක්මණින් එය ගනු ඇතැයි එතුමාණෝ අවවාද කළහ. සැබැවින්ම ඔවුන් බැල්මෙහි ආශිර්වාදය අහිමි කර ගත්තෝ ය.

Source
رواه البخاري
Download image

Saved at original quality