Hadith for the World
සලාතය

සාමූහික සලාතයේ මහිමය හා එහි නීති

7 hadiths

7 hadiths

عن أبي هريرة رضي الله عنه مرفوعًا: «صلاة الرجل في جماعة تَضعُفُ على صلاته في بيته وفِي سُوقِه خمسا وعشرين ضِعفًا، وذلك: أَنَّه إِذَا تَوَضَّأ، فَأَحسَن الوُضُوء، ثمَّ خرج إلى المسجد لاَ يُخرِجُهُ إلاَّ الصلاة؛ لَم يَخْطُ خُطوَةً إِلاَّ رُفِعَت له بِها درجة، وَحُطَّ عَنهُ بها خطيئة، فإذا صلَّى لم تزل الملائكة تُصَلِّي عليه، ما دام في مُصَلاَّه: اللهُمَّ صَلِّ عليه، اللهم اغفِر له، اللهم ارْحَمه، ولا يزال في صلاة ما انتظر الصلاة».متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. සාමුහිකව මිනිසෙකු ඉටු කරන සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසි ගුණයකින් පමණ අධික වෙයි. එයට හේතුව යමෙකු වූළු ධෝවනය කළ විට වුළු ධෝවනය අලංකාරව සිදු කර, පසු ව මස්ජිදය වෙත පැමිණෙයි. ඔහු සලාතය මිස වෙනත් කිසිවක් අපේක්ෂා කළේ නැත. සලාතය මිස වෙනත් කිසිවක් ඔහු ව (නිවසින්) බැහැර කළේ ද නැත. ඔහු මස්ජිදයට පිවිසෙන තෙක් (ඔහු තබන සෑම) පියවරකින්ම ඔහුට තත්ත්වයක් උසස් කරනු ලැබීමෙන් හා ඔහුගෙන් පාපයක් මකා දමනු ලැබීමෙන් මිස ඔහු (කිසිදු) පියවරක් නොතබනු ඇත. තවද ඔහු මස්ජිදයට ඇතුළු වූ විට සලාතය ඔහුව රඳවා තබන තාක් කල් ඔහු සලාතයේම සිටිනු ඇත. සලාතය ඉටු කරන ස්ථානයේම රැඳී සිටින තාක්කල් මලක්වරුන් ආශිර් වාද කරමින් එහි කිසිදු වරදක් හෝ කිලිටක් හෝ ඇති නොවන තාක් කල් ('යා ! අල්ලාහ් ඔහුට කරුණා කරනු මැනව! ඔහුට සමාව දෙනු මැනව! ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු මැනව’ යැයි ප්‍රාර්ථනා කරමින් සිටියි.متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “කවරෙකු උදෑසන කාලයේ මස්ජිදය වෙත පිය නගන්නේ ද, එසේ නැතහොත් දහවල් කාලයේ පියනගන්නේ ද එසේ උදෑසන හෝ දහවල් කාලයේ පියනගන සෑම අවස්ථාවකම ස්වර්ග උයනේ සංග්‍රහයක් අල්ලාහ් ඔහුට සූදානම් කරනු ඇත.”متفق عليه
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි" යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "එකතු වී (සාමුහිකව) ඉටු කරනු ලබන සලාතය ඔබ අතරින් කිසිවකු තනිව ඉටු කරන සලාතයට වඩා කොටස් විසි පහකින් උතුම් වන්නේය. ෆජ්ර් සලාතයේ දී රාත්‍රි කාලයේ මලක්වරු හා දහවල් කාලයේ මලක්වරු රැස් වෙති. පසුව අබූ හුරෙයිරා තුමා මෙසේ පවසා සිටියේය: එසේ නම් ඔබ කැමති නම් මෙය පාරායනය කරන්න. "නියත වශයෙන්ම අලුයම් කාලයේ පාරායනය සාක්ෂි දරනු ලබන්නක් විය." (අල්-ඉස්රා: 78)متفق عليه
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “අන්ධ මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ අල්ලාහ්ගේ දූතයාණෙනි! මාව මස්ජිදය වෙත කැටුවාගෙන යන්නට කිසිදු මෙහෙකරුවකු නැත යැයි පවසා තම නිවසේ සලාතය ඉටු කිරීමට අවසරය ඉල්ලා සිටියේය. එවිට එතුමාණෝ ඔහුට අවසරය දුන්හ. පසුව ඔහු හැරුණු විට නැවත ඔහුව අමතා: ‘සලාතයේ ඇරයුම ඔබට ඇසෙන්නේද? යැයි විමසා සිටියහ. ඔහු: ‘ඔව්’ යැයි පිළිතුරු දුනි. එතුමාණෝ: ‘එසේනම් පිළිතුරු දෙනු.’” යැයි පැවසූහ.رواه مسلم
عن عبد الرحمن بن أبي عمرة قال: دخل عثمان بن عفان المسجد بعد صلاة المغرب، فقعد وحده، فقعدتُ إليه فقال: يا ابن أخي، سمعت رسول الله صلى الله عليه وسلم يقول: «من صلى العشاء في جماعة فكأنما قام نصف الليل، ومن صلى الصبح في جماعة فكأنما صلى الليل كله».رواه مسلم
عن أبي موسى قال: قال النبي صلى الله عليه وسلم: «أعظم الناس أجرًا في الصلاة أبعدهم فأبعدهم ممشى، والذي ينتظر الصلاة حتى يصليها مع الإمام أعظم أجرًا من الذي يصلي ثم ينام».متفق عليه