ආගමික නීති හා එහි මූලධර්ම
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
Available in 60 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. සාමුහිකව මිනිසෙකු ඉටු කරන සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසි ගුණයකින් පමණ අධික වෙයි. එයට හේතුව යමෙකු වූළු ධෝවනය කළ විට වුළු ධෝවනය අලංකාරව සිදු කර, පසු ව මස්ජිදය වෙත පැමිණෙයි. ඔහු සලාතය මිස වෙනත් කිසිවක් අපේක්ෂා කළේ නැත. සලාතය මිස වෙනත් කිසිවක් ඔහු ව (නිවසින්) බැහැර කළේ ද නැත. ඔහු මස්ජිදයට පිවිසෙන තෙක් (ඔහු තබන සෑම) පියවරකින්ම ඔහුට තත්ත්වයක් උසස් කරනු ලැබීමෙන් හා ඔහුගෙන් පාපයක් මකා දමනු ලැබීමෙන් මිස ඔහු (කිසිදු) පියවරක් නොතබනු ඇත. තවද ඔහු මස්ජිදයට ඇතුළු වූ විට සලාතය ඔහුව රඳවා තබන තාක් කල් ඔහු සලාතයේම සිටිනු ඇත. සලාතය ඉටු කරන ස්ථානයේම රැඳී සිටින තාක්කල් මලක්වරුන් ආශිර් වාද කරමින් එහි කිසිදු වරදක් හෝ කිලිටක් හෝ ඇති නොවන තාක් කල් ('යා ! අල්ලාහ් ඔහුට කරුණා කරනු මැනව! ඔහුට සමාව දෙනු මැනව! ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු මැනව’ යැයි ප්‍රාර්ථනා කරමින් සිටියි.»Meaning translation ·
Saved at original quality








