Hadith for the World
වත්පිළිවෙත් පිළිබඳ ආගමික නීති

සලාතය

126 hadiths

126 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අදාන් ඇරයුමට සවන් දුන් විටෙක, මුඅද්දීන් (ඇරයුම කරන්නා) පවසන අයුරින්ම පවසන්න."متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබේ පේළි සමාන්තර ව සකසා ගන්න. සැබැවින්ම පේළි සමාන්තර ව සකසා ගැනීම සලාතයේ පූර්ණභාවයෙන් එකකි."متفق عليه
අබ්දුල්ලාහ් ඉබ්නු සෙයිද් ඉබ්නු ආසිම් අල් මසානී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සලාතයේදී යමක් තමන්ට දැනුනු බව අනුමාන කරන මිනිසෙක් ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණිලි කර සිටියේය. එවිට එතුමා: හඬක් ඇසෙන තෙක් හෝ වාතයක් දැනෙන තෙක් හෝ හැරී නොයා යුතු යැ”යි පවසා සිටියහ.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “(සලාතය මෙහෙයවන) ඉමාම්ට පෙර තම හිස ඔසවන්නා ඔහුගේ හිස අල්ලාහ් බූරුවෙකුගේ හිස බවට වෙනස් කිරීම පිළිබඳ ව හෝ ඔහුගේ හැඩරුව බූරුවකුගේ හැඩරුවකට වෙනස් කිරීම පිළිබඳ ව හෝ ඔබ කිසිවෙකුත් බිය විය යුතු නොවේ ද?”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දී ඇති බව පවසමින් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. "ආහාර ඉදිරියේ හෝ මල මූත්‍රා දරා සිටින්නාට හෝ සලාතය නැත."رواه مسلم
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල් කුර් ආනයේ සූරාවක් මට උගන්වනවාක් මෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට තෂහ්හුද් ඉගැන් වූහ. - එවිට මාගේ අත එතුමාණන්ගේ අත් දෙක අතර විය.- එනම්: "අත්තහයියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" යන්නෙනි. තවත් ප්‍රකාශයක: "සැබැවින්ම අල්ලාහ් ශාන්තිය වේ යැයි පවසා නුඹලා අතරින් කිසිවකු හෝ සලාතයේදී වාඩි වූ විටෙක, ඔහු මෙසේ පැවසිය යුතුයි: "අත්තහයියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්" -ඔහු එය පැවසූ විටෙක, අහස්හි හා මහපොළොවේ සිටින සෑම දැහැමි ගැත්තෙකුහටම එය හිමි වනු ඇත.- අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" පසුව ඔහු කැමති දේ ඉල්ලීම සඳහා ඔහුට නිදහස ලබයි.متفق عليه
عن أبي موسى الأشعري رضي الله عنه قال: خَسَفَت الشمس على زمان رسول الله صلى الله عليه وسلم . فقام فَزِعًا، ويخشى أن تكون الساعة، حتى أتى المسجد، فقام، فصلى بأطول قيام وسجود، ما رأيته يفعله في صلاته قطُّ، ثم قال: إن هذه الآيات التي يُرْسِلُهَا الله عز وجل : لا تكون لموت أحد ولا لحياته، ولكن الله يُرْسِلُهَا يُخَوِّفُ بها عباده، فإذا رأيتم منها شيئا فَافْزَعُوا إلى ذكر الله و دُعَائِهِ وَاسْتِغْفَارِهِ.متفق عليه
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් අදාබිල් කබ්රි, වමින් අදාබින් නාරි, වමින් ෆිත්නතිල් මහ්යා වල් මමාති, වමින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්" යනුවෙන් ප්‍රාර්ථනා කළහ. මුස්ලිම්හි එන වාර්තාවක “නුඹලා කිසිවකු හෝ (සලාතයෙහි) අත්තහිය්යාත්හි තෂහ්හුද් පවසා අවසන් කළ විට කරුණු හතරක් ගැන අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතිය යුතුය. එනම්, අපා ගින්නේ දඬුවමින්, මිනීවලෙහි වේදනාවෙන්, ජීවිතය හා මරණයේ අර්බූධයෙන් හා මසීහුද් දජ්ජාල්ගේ නපුරෙන් වන ආරක්ෂාවයි."متفق عليه
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතයේදී තක්බීර් පැවසූ විට කුර්ආනය සද්ගායනය කිරීමට පෙර මද වේලාවක් නිහඬ ව සිටියි. එවිට මම, “අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ මව හා මාගේ පියා ඔබට කැප කරමි. (සලාතයේ) තක්බීරය හා කුර්ආන් සද්ගායනාව අතර ඔබේ නිහඬතාවයෙන් ඔබ අදහස් කරනුයේ කුමක් ද? ඔබ එහි කියවනුයේ කුමක් ද?" යැයි විමසා සිටියෙමි . එවිට එතුමා ‘මම මෙසේ පවසමි.’ اللهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ، اللهُمَّ نَقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ الْأَبْيَضُ مِنَ الدَّنَسِ، اللهُمَّ اغْسِلْنِي مِنْ خَطَايَايَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ "අහෝ දෙවියනි! නැගෙනහිර හා බටහිර අතර ඔබ දුරස් කළාක් මෙන් මා අතර හා මගේ පාපකම් අතර දුරස් කරනු මැනව. අහෝ දෙවියනි! සුදු වස්ත්‍රය කිලිටෙන් පිරිසිදු කරනු ලබන්නාක් මෙන් මාගේ පාපයන් පිරිසිදු කරනු මැනව! අහෝ දෙවියනි! මාගේ වැරදි ජලයෙන්, පිනි දියෙන් හා සීත ජලයෙන් සෝදා හරිනු මැනව!" යැයි පැවසුහ.متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. “ජුමුආ දිනයේ ඉමාම් දේශනාව කරමින් සිටියදී ‘ඔබ නිහඬවනු’ යැයි නුඹ නුඹේ මිතුරාට පැවසූ විට සැබැවින්ම නුඹ එය නිෂ්ඵල කර ගත්තේය.”متفق عليه
ජාබිර් ඉබ්නු අබ්දිල්ලා (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල් කුර්ආනයෙන් සූරා අපට ඉගැන්වූ පරිදි සියලුම කටයුතුවල දී යහපත පතන ආකාරය අපට ඉගැන්වූහ. එතුමා මෙසේ පවසා සිටියේය. "ඔබ අතුරින් කෙනෙකු යම් කර්තව්යයක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්ය නොවන රක්අත් දෙකකින් යුත් සලාතයක් ඉටු කර පසුව මෙසේ ප්‍රාර්ථනා කරන්න. 'අල්ලාහුම්ම ඉන්නී අස්තහීඃරුක බිඉල්මික, වස්තක්දිරුක බිකුද්රතික, වඅස්අලුක මින් ෆළ්ලිකල් අළීම්. ෆඉන්නක තක්දිරු වලා අක්දිරු, වතඃලමු වලා අඃලමු, වඅන්ත අල්ලාමුල් ගුයූබ්. අල්ලාහුම්ම ඉන්කුන්ත තඃලමු අන්න හාදල් අම්ර, (මෙහිදී තම අවශ්යතාව සඳහන් කරයි.) හෛඃරන් ලී ෆී දීනි වමආෂී වආකිබති අම්රි ෆක්දුර්හු ලී, වයස්සිර්හු ලී සුම්ම බාරික් ලී ෆීහි. වඉන් කුන්ත තඃලමු අන්න හාදල් අම්ර ෂර්රුන් ලී ෆී දීනී, වමආෂී, වආකිබති අම්රී ෆස්රිෆ්හු අන්නී වස්රිෆ්නී අන්හු වක්දුර්ලී අල් හඃයිර හයිසු කාන, සුම්ම අර්ලිනී බිහී." තේරුම: "අහෝ දෙවිඳාණනි! ඔබගේ දැනුමෙන් මම ඔබෙන් යහපත අපේක්ෂා කරමි. ඔබේ ශක්තියෙන් මම ඔබෙන් ශක්තිය අපේක්ෂා කරමි. ඔබගේ බලමහිමයෙන් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙයයි. ඔබ බලය දරන්නෙහිය. මම එසේ බලය නොදරමි. ඔබ සියල්ල දනී, මම කිසිවක් නොදනිමි. ඔබ සැඟවුණු දේවල් ගැන මනාව දන්නාය.(ඔබේ අවශ්යතාව සඳහන් කරමින්) මගේ මේ කටයුත්ත, මගේ ආගම, මගේ ජීවනෝපාය සහ මගේ කටයුතුවල අවසානයේ එහි ප්‍රතිඵල යහපතක් වනු ඇතැයි ඔබ සිතන්නේ නම්, එය මට සළසා දී, එය මට පහසු කර දෙනු මැනව! පසුව එහි අභිවෘද්ධිය ඇති කරනු මැනව. ඔබේ දැනුමෙහි එය මටත් මගේ ආගමටත් මගේ ජීවනෝපාය සහ මගේ කටයුතුවලට අයහපත් නම්, එය මගෙන් ඉවත් කරනු මැනව! මා ද එයින් ඉවතට හරවනු මැනව! තවද යහපත කොතැනක තිබුණ ද එය මට සළසා දෙනු මැනව! ඒ ගැන සතුට මට ඇති කරනු මැනව." මෙහිදී තම අවශ්‍යතාව නම් කළ යුතු යැයි හෙතෙම තවදුරටත් පවසා සිටියේය.رواه البخاري
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක් බවට පත් නොකරන්න. තම නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කරගත් පිරිසට අල්ලාහ් ශාප කළේය."رواه أحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. ඒ දෙකෙහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම්, ඒ දෙක වෙත දණගසමින් හෝ පැමිණෙනු ඇත. සැබැවින්ම මම සලාතය සඳහා නියෝග කොට, ඒ සඳහා ඉකාමත් කියනු ලැබ, පසුව ජනයාට සලාතය මෙහෙයවනු පිණිස මිනිසෙකුට නියෝග කොට, පසුව දර මිටි දරාගත් මිනිසුන් මා සමග සලාතයට සහභාගී නොවූ පිරිස වෙත ගමන් කර, ඔවුන්ගේ නිවෙස් ඔවුන් සමග ගින්නෙන් පුළුස්සා ලීමට සිතමි.”متفق عليه
عن أبي هريرة رضي الله عنه مرفوعًا: «صلاة الرجل في جماعة تَضعُفُ على صلاته في بيته وفِي سُوقِه خمسا وعشرين ضِعفًا، وذلك: أَنَّه إِذَا تَوَضَّأ، فَأَحسَن الوُضُوء، ثمَّ خرج إلى المسجد لاَ يُخرِجُهُ إلاَّ الصلاة؛ لَم يَخْطُ خُطوَةً إِلاَّ رُفِعَت له بِها درجة، وَحُطَّ عَنهُ بها خطيئة، فإذا صلَّى لم تزل الملائكة تُصَلِّي عليه، ما دام في مُصَلاَّه: اللهُمَّ صَلِّ عليه، اللهم اغفِر له، اللهم ارْحَمه، ولا يزال في صلاة ما انتظر الصلاة».متفق عليه
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: පුරුද්දක් ලෙස ෆජ්ර් සලාතයේ අමතර රකආත් දෙක පිළිබඳ යොමු කළ දැඩි අවධානය මෙන්, වෙනත් කිසිදු අමතර සලාතයක් සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උනන්දුවක් නො දැක්වූහ.متفق عليه
මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත අල්ලා ගෙන “අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්‍රිය කරමි. " යැයි පවසා තවදුරටත් "අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම 'අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වෂුක්රික, වහුස්නි ඉබාදතික.' (අහෝ අල්ලාහ් මා ඔබව සිහිපත් කිරීමටත් ඔබට කෘතඥ වීමටත් ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබම මට උදව් කරනු මැනව!) යනුවෙන් පැවසීම ඔබ අත් නොහරින්න.” යැයි පැවසූහ.رواه أبو داود والنسائي وأحمد
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කරමින් සිටි බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "පස්වාර සලාත් නැමදුම්, ජුමුආවෙහි සිට ජුමුආව දක්වා, රමළානයේ සිට රමළානය දක්වා යමෙකු මහා පාපයන්ගෙන් වැළකී සිටියේ නම්, ඒවා අතර සිදුවන දෑ (සුළු පාප) සඳහා, ඒවා ප්‍රතිකර්ම වනු ඇත."رواه مسلم
මඃදාන් ඉබ්නු අබී තල්හා අල්-යඃමරී විසින් මෙසේ වාර්තා කරන ලදී: මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ සේවකයකු වූ සව්බාන් තුමාව මුණ ගැසී 'මම යමක් කරන විට ඒ හේතුවෙන් අල්ලාහ් මා ස්වර්ගයට ඇතුළත් කරන ක්‍රියාවක් මට දන්වා සිටින්නැ'යි පවසා සිටියෙමි. 'එසේ නැතහොත් අල්ලාහ් වෙත වඩාත් ප්‍රියමනාප ක්‍රියාව මට දන්වා සිටින්නැයි' මම පවසා සිටියෙමි. එවිට එතුමා නිහඬව සිටියේය. පසුව නැවතත් ඒ ගැන විමසුවෙමි. එවිට ද හෙතෙම නිහඬව සිටියේය. පසුව තුන්වන වරටත් මම විමසා සිටියෙමි. එවිට එතුමා මෙසේ පැවසීය: 'අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි.' එනම්: “ඔබ බොහෝ සෙයින් සුජූද් කළ යුතුය. ‌හේතුව සැබැවින්ම ඔබ අල්ලාහ් වෙනුවෙන් සුජූදයක් කළ විට, අල්ලාහ් එමගින් ඔබව තරාතිරමකින් උසස් කරවා එමගින් පාපයක් ඔබෙන් මකා දමනු ඇත." මඃදාන් තුමා මෙසේ පැවසීය: මම අබූ දර්දා තුමාව ද මුණ ගැසී ඒ ගැන විමසා සිටියෙමි. එවිට එතුමා ද සව්බාන් තුමා මට පවසා සිටි දෑම මට පවසා සිටියේය.رواه مسلم
عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «إذا قَام أحَدُكُم من الليل، فَاسْتَعْجَمَ القرآن على لِسَانه، فلم يَدْرِ ما يقول، فَلْيَضْطَجِع».رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු කද්ර් රාත්‍රියේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව රාත්‍රී නැමදුම්වල නිරත වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”متفق عليه
وعن سالم بن عبد الله بن عمر بن الخطاب رضي الله عنهم عن أبيه: أن رسول الله صلى الله عليه وسلم قال: « نِعْمَ الرَّجُلُ عبد الله، لو كان يُصلِّي من الليل» قال سالم: فكان عبد الله بعد ذلك لا يَنامُ من الليل إلا قليلًا.متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. සාමුහිකව මිනිසෙකු ඉටු කරන සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසි ගුණයකින් පමණ අධික වෙයි. එයට හේතුව යමෙකු වූළු ධෝවනය කළ විට වුළු ධෝවනය අලංකාරව සිදු කර, පසු ව මස්ජිදය වෙත පැමිණෙයි. ඔහු සලාතය මිස වෙනත් කිසිවක් අපේක්ෂා කළේ නැත. සලාතය මිස වෙනත් කිසිවක් ඔහු ව (නිවසින්) බැහැර කළේ ද නැත. ඔහු මස්ජිදයට පිවිසෙන තෙක් (ඔහු තබන සෑම) පියවරකින්ම ඔහුට තත්ත්වයක් උසස් කරනු ලැබීමෙන් හා ඔහුගෙන් පාපයක් මකා දමනු ලැබීමෙන් මිස ඔහු (කිසිදු) පියවරක් නොතබනු ඇත. තවද ඔහු මස්ජිදයට ඇතුළු වූ විට සලාතය ඔහුව රඳවා තබන තාක් කල් ඔහු සලාතයේම සිටිනු ඇත. සලාතය ඉටු කරන ස්ථානයේම රැඳී සිටින තාක්කල් මලක්වරුන් ආශිර් වාද කරමින් එහි කිසිදු වරදක් හෝ කිලිටක් හෝ ඇති නොවන තාක් කල් ('යා ! අල්ලාහ් ඔහුට කරුණා කරනු මැනව! ඔහුට සමාව දෙනු මැනව! ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු මැනව’ යැයි ප්‍රාර්ථනා කරමින් සිටියි.متفق عليه
عن أبي ذر رضي الله عنه قال: قال النبي صلى الله عليه وسلم :«عُرِضَتْ عَلَيَّ أعمالُ أُمتي، حَسَنُهَا وسَيِّئُهَا فَوَجَدتُ في مَحَاسِنِ أَعْمَالِهَا الأَذَى يُمَاطُ عَنِ الطَّرِيقِ، ووَجَدتُ في مَسَاوِئِ أَعْمَالِهَا النُّخَاعَةُ تَكُونُ في المَسْجِدِ لا تُدْفَنُ».رواه مسلم
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදි. “අල්ලාහ්ගේ දූතයාණන්හට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) යම් වේදනාවක් හෝ වෙනත් යම් හේතුවක් මත රාත්රී සලාතය අතපසු වූ විට එතුමා දහවල් කාලයේ රකආත් දොළහක් ඉටු කරන්නෙකු වූහ.”ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත