Hadith for the World
සලාතය

සලාතය මෙහෙය වන්නා හා ඔහු අනුගමනය කරන්නා පිළිබඳ නීති

4 hadiths

4 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබේ පේළි සමාන්තර ව සකසා ගන්න. සැබැවින්ම පේළි සමාන්තර ව සකසා ගැනීම සලාතයේ පූර්ණභාවයෙන් එකකි."متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “(සලාතය මෙහෙයවන) ඉමාම්ට පෙර තම හිස ඔසවන්නා ඔහුගේ හිස අල්ලාහ් බූරුවෙකුගේ හිස බවට වෙනස් කිරීම පිළිබඳ ව හෝ ඔහුගේ හැඩරුව බූරුවකුගේ හැඩරුවකට වෙනස් කිරීම පිළිබඳ ව හෝ ඔබ කිසිවෙකුත් බිය විය යුතු නොවේ ද?”متفق عليه
عن أَنَس بن مالك رضي الله عنه مرفوعاً: «ما صَلَّيْتُ خلف إمام قَطُّ أَخَفَّ صلاة، ولا أَتَمَّ صلاة من النبي صلى الله عليه وسلم ».متفق عليه
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබැවින්ම ඉමාම් වරයකු (සලාතය මෙහෙයවන්නෙකු) පත් කරනු ලබනුයේ ඔහුව අනුගමනය කිරීම සඳහාය. එබැවින් ඔහුට විරුද්ධව වෙනස්ව කටයුතු නොකරනු. ඔහු තක්බීර් පැවසු විට නුඹලා ද තක්බීර් පවසනු. ඔහු රුකූඃ කළ විට නුඹලා ද රුකූඃ කරනු. ඔහු ‘සමිඅල්ලාහු ලිමන් හමිදහ්’ යැයි පැවසූ විට, නුඹලා රබ්බනා වලකල් හම්දු යැයි පවසනු. ඔහු සුජූද් කළ විට නුඹලාද සුජූද් කරනු. ඔහු වාඩි වී සලාතය කළ විට නුඹලා සියලු දෙනාද වාඩි වී සලාත් ඉටු කරනු.”බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත