Hadith for the World
Tap the image to view it full size
ප්රතිපත්තිය

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

Available in 71 languages
«ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "දිනක් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට පසුපසින් වාඩිවී (ගමනක් යමින්) සිටියෙමි. එවිට එතුමාණෝ මා අමතා: “දරුව! සැබැවින්ම මම ඔබට වචන කිහිපයක් උගන්වමි: ඔබ අල්ලාහ් ව ආරක්ෂා කරන්න. ඔහු ඔබ ව ආරක්ෂා කරනු ඇත. ඔබ අල්ලාහ් ව ආරක්ෂා කරන්ක. ඔබ ඉදිරියේම ඔබ ඔහු දකිනු ඇත. ඔබ ඉල්ලන විට අල්ලාහ්ගෙන්ම ඉල්ලන්න. ඔබ උදව් පතන විට අල්ලාහ්ගෙන්ම උදව් පතන්න. දැනගන්න, සැබැවින්ම මුළු සමූහයාම ඔබට යම් සෙතක් කිරීමට එක්රැස් වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට සෙත සලසන්නට නුපුළුවන. එමෙන්ම ඔබට යම් හානියක් කිරීම ඔවුන් ඒකරාශී වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට හානි කරන්නට නුපුළුවන. පන්හිදවල් ඉවතට ගනු ලැබීය. පිටපත් වියලී ගියේය.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා කුඩා අවදියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එතුමාණන්ගේ පසුපසින් වාඩි වී (ගමන් යමින්) සිටියේය. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහුට: අල්ලාහ් ඔබට ප්‍රයෝජනය ලබා දෙන කරුණු හා විෂයයන් කිහිපයක් මම උගන්වමි යැයි පවසා සිටියහ. ඔබ අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුගේ කරුණ ආරක්ෂා කරන්න. එය පාපකම් හා පිටුපෑම් තුළ නොව, අවනතවීම් හා සමීපවිම් තුළින් ඔබ ලැබිය යුතුය. ඔබ එසේ කළේ නම් ඔබේ ප්‍රතිඵලය වනුයේ මෙලොව හා මතුලොව පිළිකුල් සහගත දැයින් අල්ලාහ් ඔබ ව ආරක්ෂා කර ඔබ කොහේ සිටියත් ඔබගේ වැදගත් කටයුතුවල දී ඔහු ඔබට උපකාර කරනු ඇත. ඔබ යමක් ඉල්ලනට අපේක්ෂා කළ විට, අල්ලාහ්ගෙන් හැර වෙනත් කිසිවකුගෙන් නො ඉල්ලන්න. ඉල්ලා සිටින්නන් හට පිළිතුරු සපයන්නා ඔහු පමණය. ඔබ උදව් පතන්නට අපේක්ෂා කළ විට, අල්ලාහ් වෙතින් මිස වෙනත් කිසිවකුගෙන් උදව් නො පතන්න. සැබැවින්ම මහපොළොවේ වෙසෙන මුළු සමූහයාම ඔබට යම් සෙතක් කිරීමට එක්රැස් වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට සෙත සලසන්නට නුපුළුවන, එමෙන්ම මහපොළොවේ වෙසෙන මුළු සමූහයාම ඔබට යම් හානියක් කිරීමට ඔවුන් ඒකරාශී වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට හානි කරන්නට නුපුළුවන යන වග ඔබ තුළ ස්ථීර කර ගත යුතුය. එමෙන්ම මෙම කාරණය සර්වබලධාරී අල්ලාහ් විසින් නියම කරන ලද අතර, ඔහුගේ ප්‍රඥාව හා දැනුමට අවශ්‍ය දේ අනුව නියම කරන ලද වගත්, අල්ලාහ් නියම කර ඇති දෑහි කිසිදු වෙනසක් නොමැති වගත් ඔබ තුළ ස්ථීර කර ගත යුතුය.

Source
رواه الترمذي
Download image

Saved at original quality