Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

Available in 55 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “සත්‍යය කතා කිරීම නුඹලා සතු යුතුකමකි. සැබැවින්ම සත්‍යය යහකම වෙත මග පෙන්වයි. යහකම ස්වර්ගය වෙත මග පෙන්වයි. මිනිසා සත්‍යය කතා කරමින් සත්‍යය විමර්ශනය කරමින් සිටින තාක්කල් ඔහු සත්‍යවාදියෙකු ලෙස අල්ලාහ් අබියස සටහන් කරනු ලැබේ. බොරු කතා කිරීම ගැන නුඹලා අවවාදයෙන් සිටිය යුතුය. සැබැවින්ම බොරුව දුෂ්ටකම වෙත මග පෙන්වයි. සැබැවින්ම දුෂ්ටකම අපා ගින්න වෙත මගපෙන්වයි. තවද මිනිසා බොරු පවසමින් බොරුවට විමර්ශන කරමින් සිටින තාක්කල් ඔහු අල්ලාහ් අභියස බොරුකාරයෙකු ලෙස සටහන් කරනු ලැබේ. ”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

සත්‍යය කතා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. සැබැවින්ම සත්‍යය පිළිපැදීම නිරන්තරයෙන්ම දැහැමි කටයුතු වෙත මිනිසා යොමු කරනු ඇත. යහපත් ක්‍රියාවන් මත පිහිටීම අදාළ තැනැත්තා ස්වර්ගය වෙත යොමු කරනු ඇත. ඔහු රහසේ මෙන්ම ප්‍රසිද්ධියේ වුව ද සත්‍යය පවසමින්ම සිටියි. ඔහු සත්‍යවාදියා යන නමට සුදුසුකම් ලබයි. ඔහු සත්‍යයේ අතිශයෝක්තිභාවය ලබයි. අනතුරුව බොරු කතා කිරීම, ව්‍යාජ දෑ ප්‍රකාශ කිරීම යනාදිය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. ඊට හේතුව සැබැවින්ම එය ස්ථාවරත්වයෙන් මිනිසා වෙනතකට යොමු කිරීමටත්, නපුර, කලහකාරිත්වය, පාපකම වෙත යොමු කිරීමටත් තුඩු දෙන බැවිනි. අනතුරව එය ඔහුව අපා ගින්න වෙත සේන්දු කරවයි. අවසානයේ අල්ලාහ් අබියස බොරුකාරයින් අතරින් කෙනෙකු බව සටහන් කරනු ලබන තෙක්ම අධික ලෙස බොරු කියමින්ම සිටියි.

Source
متفق عليه
Download image

Saved at original quality