Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී:

Available in 60 languages
«අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: “සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‘ඉස්ලාමයේ කවර කරුණක් උතුම් වන්නේදැ?’යි විමසා සිටියේය. එතුමා: “ඔබ ආහාර සැපයීම, හඳුනන අයට හා නාඳුනන අයට ඔබ සලාම් පැවසීම වේ.” යැයි පවසා සිටියහ.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

ඉස්ලාමයේ කවර කරුණක් උතුම් වන්නේදැ?යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ කරුණු දෙකක් සිහිපත් කළහ. පළමුවැන්න: දිළිඳුන් හට අධිකව ආහාර සැපයීමය. එහි සදකා නම් දානය, පරිත්‍යාග, ආගන්තුක සත්කාර හා විවාහ සංග්‍රහය යනාදිය ඇතුළත් වේ. සාගින්නෙන් පෙළෙන අවස්ථාවල හා ජීවන වියදම ඉහළ යන අවස්ථාවල එසේ ආහාර සැපයීම වඩාත් උතුම් වේ. දෙවැන්න: ඔබ හඳුනන හා නාඳුනන සෑම මුස්ලිම්වරයකුටම සලාම් පැවසීම.

Source
متفق عليه
Download image

Saved at original quality