Hadith for the World
ආගමික විනය

සලාම් පැවසීමේ හා අවසර පැතීමේ ආචාරධර්ම

9 hadiths

9 hadiths

عن أنس بن مالك رضي الله عنه أَنَّ النَبيَّ -صلَّى الله عليه وسلَّم- كَان إِذَا تَكَلَّمَ بِكَلِمَةٍ أَعَادَهَا ثَلاَثًا حَتَّى تُفْهَمَ عَنْهُ، وَإِذَا أَتَى عَلَى قَوْمٍ فَسَلَّمَ عَلَيهِم سَلَّمَ عَلَيهِم ثَلاَثًا.رواه البخاري
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඔබ අතරින් කිසිවකු හෝ තම සහෝදරයා හමු වූ විට ඔහුට සලාම් පැවසිය යුතු වේ. ඔවුන් දෙදෙනා අතර ගසක් හෝ බිත්තියක් හෝ ගලක් හෝ මුවා වී නැවතත් ඔහු ව හමු වූ විට, එවිට ද ඔහු ඔහුට සලාම් පැවසිය යුතු වේ.”رواه أبو داود
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකුට කළ යුතු යුතුකම් පහකි: සලාමයට ප්‍රතිචාර දැක්වීම, රෝගියාගේ සුවදුක් විමසීම, මිය ගිය තැනැත්තන්ගේ අවසන් කටයුතු පිළිපැදීම, ආරාධනයට පිළිතුරුදීම, කිඹුුහුම් ගිය කෙනා (අල්ලාහ්ව ප්‍රශංසා කළ වි)ට ප්‍රාර්ථනා කිරීම."متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “වාහනයේ ගමන් කරන්නා පා ගමනින් යන්නාටත්, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.” බුහාරිහි සඳහන් හදීසයක "කුඩා අය වැඩිහිටියාටත්, ගමන් කරන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.”متفق عليه
عن أبي هريرة رضي الله عنه مرفوعاً: "لِيُسَلِّمِ الصغيرُ على الكبيرِ، والمارُّ على القاعدِ، والقليلُ على الكثيرِ" وفي رواية: "والراكبُ على الماشي".متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ අය්යූබ් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් ව්ර් තා කරන ලදී: “තම සහෝදරයාව රාත්‍රී තුනකට වඩා වෙන් කිරීම මුස්ලිම්වරයකුට අනුමත වන්නේ නැත. ඔවුන් දෙදෙනා එකිනෙකා මුණ ගැසී, ඔහුට මොහු පෙනෙයි. මොහුට ඔහු පෙනෙයි. ඔවුන් දෙදෙනාගෙන් උතුම් වනුයේ සලාම් මගින් ආරම්භ කරන තැනැත්තාය.”متفق عليه
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම එතුමා කුඩා දරුවන් අතරින් ගමන් ගත්හ. එවිට ඔවුන් වෙත සලාම් පැවසූහ. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ද එසේ සිදු කරන්නෙකු වූහැයි පවසා සිටියහ.“බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: “සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‘ඉස්ලාමයේ කවර කරුණක් උතුම් වන්නේදැ?’යි විමසා සිටියේය. එතුමා: “ඔබ ආහාර සැපයීම, හඳුනන අයට හා නාඳුනන අයට ඔබ සලාම් පැවසීම වේ.” යැයි පවසා සිටියහ.متفق عليه
كُنْتُ فِي مَجْلِسٍ مِنْ مَجَالِسِ الأَنْصَارِ، إِذْ جَاءَ أَبُو مُوسَى كَأَنَّهُ مَذْعُورٌ، فَقَالَ: اسْتَأْذَنْتُ عَلَى عُمَرَ ثَلاَثًا، فَلَمْ يُؤْذَنْ لِي فَرَجَعْتُ، فَقَالَ: مَا مَنَعَكَ؟ قُلْتُ: اسْتَأْذَنْتُ ثَلاَثًا فَلَمْ يُؤْذَنْ لِي فَرَجَعْتُ، وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: @«إِذَا اسْتَأْذَنَ أَحَدُكُمْ ثَلاَثًا فَلَمْ يُؤْذَنْ لَهُ فَلْيَرْجِعْ»* فَقَالَ: وَاللَّهِ لَتُقِيمَنَّ عَلَيْهِ بِبَيِّنَةٍ، أَمِنْكُمْ أَحَدٌ سَمِعَهُ مِنَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ؟ فَقَالَ أُبَيُّ بْنُ كَعْبٍ: وَاللَّهِ لاَ يَقُومُ مَعَكَ إِلَّا أَصْغَرُ القَوْمِ، فَكُنْتُ أَصْغَرَ القَوْمِ فَقُمْتُ مَعَهُ، فَأَخْبَرْتُ عُمَرَ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ ذَلِكَ.متفق عليه