Hadith for the World
ආගමික විනය

ගුරු ශිෂ්ය ආචාර ධර්ම

6 hadiths

6 hadiths

عن أبي واقد الحارث بن عوف رضي الله عنه أنَّ رسول الله صلى الله عليه وسلم بينما هو جالس في المسجد، والناس معه، إذ أقبل ثلاثَةُ نَفَرٍ، فأقبل اثنان إلى رسول الله، صلى الله عليه وسلم وذهب واحد، فوقفا على رسول الله صلى الله عليه وسلم ، فأما أحدهما فرأى فُرْجَةً في الْحَلْقَةِ فجلس فيها، وأما الآخر فجلس خلفهم، وأما الثالث فأدْبَر ذاهبٍا، فلما فرغ رسول الله صلى الله عليه وسلم قال: «ألا أُخْبِرُكُم عن النَّفَرِ الثلاثة: أما أحدهم فأَوَى إلى الله فآوَاهُ الله إليه، وأما الآخر فاسْتَحْيا فاسْتَحْيَا الله منه، وأما الآخر، فأعْرَضَ، فأعرضَ اللهُ عنه».متفق عليه
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම ගැමි අරාබිවරයකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ: ‘මම එය කළ විට, මා ස්වර්ගයට පිවිසිය හැකි ක්‍රියාවක් මට පෙන්වා දෙන්න.’ යැයි විමසා සිටියේය. එතුමා: “ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. කිසිවක් ඔහුට ආදේශ නොතබන්න. නියම කරන ලද සලාතය විධිමත්ව ඉටු කරන්න. අනිවාර්යය කරන ලද සකාතය පිරිනමන්න. රමළාන් මාසයේ උපවාසයේ නිරත වන්න.” යැයි පැවසීය. ඔහු: ‘මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා සිටිමි. මීට වඩා කිසිවක් මම අධික නොකරමි.’ යැයි පැවසීය. පසුව ඔහු හැරී ගිය කල්හි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “ස්වර්ගවාසීන් අතරින් මිනිසෙකු දෙස බලන්නට කවරෙකු ප්‍රිය කරන්නේ ද මොහු දෙස බලත්වා!”متفق عليه
අබ්දුර් රහ්මාන් ඉබ්නු අබූ ලයිලා විසින් වාර්තා කරන ලදී. "කඃබ් ඉබ්නු උජ්රා තුමා මා මුණ ගැසී මම ඔබට ත්‍යාගයක් වශයෙන් යමක් පවසන්න ද?" යැයි විමසා සිටියේය. "සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අප වෙත පැමිණියේය. එවිට අපි අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට අප සලාම් කිව යුත්තේ කෙසේ දැ?යි අපි දනිමු. නමුත් ඔබ වෙත අපි සලවාත් (ආශිර්වාද) පැවසිය යුත්තේ කෙසේ ද?යැයි විමසුවෙමු. එවිට එතුමාණෝ නුඹලා “අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෙයිත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්, අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්.” (අහෝ දෙවියනි! ඉබ්රාහීම් තුමාගේ පවුලේ අය වෙත ඔබ ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා එතුමාණන්ගේ පවුලේ ඥාතීන්හට ආශිර්වාද කරත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාබීය. කීර්තිමත්ය. දෙවියනි, ඉබ්රාහීම් තුමාගේ පවුලේ උදවිය වෙත ඔබ සමෘද්ධිය ඇති කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා මුහම්මද් තුමාගේ පවුලේ ඥාතීන්හට සමෘද්ධිය ලබා දෙත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාබීය, කීර්තිමත්ය. යනුවෙන් පවසනු" යැයි පැවසූහ.متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අපෙන් යමක් සවන් දී එය ඇසූ ආකාරයටම ප්‍රකාශ කර සිටින තැනැත්තාට අල්ලාහ් සතුට ගෙන දෙයි. එයට සවන් දුන් තැනැත්තාට වඩා එය දන්වා සිටින තැනැත්තා වඩා අවබෝධයක් ඇත්තෙකු විය හැක.رواه الترمذي وابن ماجه وأحمد
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. "නියත වශයෙන්ම අල්ලාහ් දැනුම ජනයා අතුරින් උගුලා එය අත්පත් කර ගන්නේ නැත. නමුත් දැනුම අත්පත් කර ගනුයේ විද්වතුන් අත්පත් කර ගැනීමෙනි. එය කිසිදු විද්වතෙකු ඉතිරි නොකරන තරම් වනු ඇත. ජනයා අඥානයින් නායකයින් බවට පත් කර ගනිති. ඔවුන්ගෙන් විමසනු ලැබූ විට ඔවුන් දැනුමෙන් තොරව තීන්දු දෙනු ඇත. එවිට ඔවුන්ද නොමග ගොස් (සෙසු ජනයාද) නොමඟ යවති.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
عن عبد الله بن عمر أن رسول الله صلى الله عليه وسلم قال: «إن من الشجر شجرة لا يسقط ورقها، وهي مثل المسلم، حدثوني ما هي؟» فوقع الناس في شجر البادية، ووقع في نفسي أنها النخلة، قال عبد الله: فاستحييت، فقالوا: يا رسول الله، أخبرنا بها؟ فقال رسول الله صلى الله عليه وسلم: «هي النخلة» قال عبد الله: فحدثت أبي بما وقع في نفسي، فقال: «لأن تكون قلتها أحب إلي من أن يكون لي كذا وكذا».متفق عليه