Hadith for the World
ආගමික විනය

රෝගියකු බැහැදැකීමේ ආචාරධර්ම

5 hadiths

5 hadiths

عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «مَنْ عَادَ مَرِيضًا أَو زَارَ أَخًا لَهُ فِي الله، نَادَاهُ مُنَادٍ: بِأَنْ طِبْتَ، وَطَابَ مَمْشَاكَ، وَتَبَوَّأتَ مِنَ الجَنَّةِ مَنْزِلاً».رواه الترمذي وابن ماجه وأحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකුට කළ යුතු යුතුකම් පහකි: සලාමයට ප්‍රතිචාර දැක්වීම, රෝගියාගේ සුවදුක් විමසීම, මිය ගිය තැනැත්තන්ගේ අවසන් කටයුතු පිළිපැදීම, ආරාධනයට පිළිතුරුදීම, කිඹුුහුම් ගිය කෙනා (අල්ලාහ්ව ප්‍රශංසා කළ වි)ට ප්‍රාර්ථනා කිරීම."متفق عليه
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා සාබිත් තුමාට මෙසේ පැවසීය. අල්ලාහ් ඔහුට ආශිර්වාද කරත්වා අල්ලාහ්ගේ දූතයාණන්ගේ රෝග නිවාරණ කර්මයකින් ඔබට ආරක්ෂාව සලසන්නදැයි පැවසූහ. එවිට ඔහු එසේ යැයි පැවසූහ එවිට එතුමා: اللَّهُمَّ رَبَّ النَّاسِ، مُذْهِبَ البَأسِ، اشْفِ أنْتَ الشَّافِي، لاَ شَافِيَ إِلاَّ أنْتَ، شِفَاءً لاَ يُغَادِرُ سَقماً “අල්ලාහුම්ම රබ්බන් නාස් මුද්හිබල් බඃසි. ඉෂ්ෆි අන්තෂ් ෂාෆී. ලා ෂාෆිය ඉල්ලා අන්ත, ලා යුගාදිරු සකමා“ තේරුම: අහෝ ජනයාගේ පරමාධිපතියාණනි! දුක් කරදර පහ කරන්නාණනි! ඔබ සුවය දෙනු මැනව. සුවය දෙන්නා ඔබය. ඔබ හැර සුවය දෙන්නකු නැත. එය මනා සුවයක් ලෙසිනි. එය රෝගී ලෙස අතහැර නොදමයි.ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව සව්බාන් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "සැබැවින්ම මුස්ලිම්වරයා තම සහෝදර මුස්ලිම්වරයාගේ සුවදුක් විමසන විට ඔහු නැවත හැරී එන තෙක් ස්වර්ගයේ කුර්ෆාහි (ඵල නෙළීමෙහි) අඛණ්ඩව සිටිනු ඇත. (එවිට) අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ස්වර්ගයේ කුර්ෆා යනු කුමක්දැ?යි විමසන ලදී. එතුමා එහි නෙළීමය යැයි පැවසූහ.ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව අලී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "උදෑසන මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකුගේ සුවදුක් විමසා සිටින්නේ නම් මලක්වරු හැත්තෑ දහසක් දෙනා සවස්වරුව දක්වා ඔහුට ප්රාර්ථනා කරනු මිස නැත. සවස් කාලයේ ඔහුගේ සුවදුක් විමසා සිටියේ නම් උදෑසන දක්වා මලක්වරු හැත්තෑ දහසක් දෙනා ප්රාර්ථනා කරනු මිස නැත. තවද ඔහුට ස්වර්ගයේ අස්වැනුද ඇත.ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත