SI
ආගමික විනය
ඇඳුම් පැළඳීමේ ආචාරධර්ම
8 hadiths
ගුරු ශිෂ්‍ය ආචාර ධර්ම
6
ශුද්ධ වූ අල්කුර්ආන් පාරායනය කිරීමේ ආචාරධර්ම
1
සලාම් පැවසීමේ හා අවසර පැතීමේ ආචාරධර්ම
9
කතා කිරීමේ හා නිහඬවීමේ ආචාරධර්ම
12
ආහාරපාන ගැනීමේදී පිළිපැදිය යුතු ආචාරධර්ම
11
ගමන්බිමන් හි නීති හා ආචාරධර්ම
4
නිදා ගැනීම හා අවද වීම හා බැඳුණු ආචාරධර්ම
3
හීන හා බැඳුණු ආචාරධර්ම
2
බැහැදැකීම හා අවසර ලබා ගැනීමේ ආචාරධර්ම
3
කිවිසුම හා ඈනුම් ඇරීමේ ආචාරධර්ම
3
රෝගියකු බැහැදැකීමේ ආචාරධර්ම
5
ඇඳුම් පැළඳීමේ ආචාරධර්ම
8
8 hadiths
අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී ලයිලා තුමා විසින් වාර්තා කරන ලදී. "ඇත්තෙන්ම ඔවුන් හුදෙයිෆා තුමා අබියස වාඩි වී සිටියහ. එවිට හෙතෙම ජලය ඉල්ලා සිටියේය. මජූසි (අග්නි පුදන්නෙකු) ජලය සැපයුවේය. ඔහු (රිදී) භාජනය ඔහුගේ අතේ තැබූ විට ඔහු එය විසි කළේය. තවදුරටත්, සැබැවින්ම මම ඔහුව වරක් හෝ දෙවරක් හෝ එසේ නොවැළැක්වූයේ නම්, මම එය නොකළ බව ඔහු පවසන්නට පුළුවන." නමුත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා සිටියහ. "ඔබ සේද හෝ දීජාබ් වර්ගයේ සේද නොඅඳින්න. රන් හා රිදී භාජනවල පානය නොකරන්න. ඒ පාත්‍රවල අනුභව නොකරන්න. සැබැවින්ම ඒවා ඔවුනට මෙලොව හිමි දෑය. අපට මතුලොව හිමි දෑය."
متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු මෙලොවෙහි සේද රෙදි ඇන්දේ ද මතුලොවෙහි ඔහු එය කිසිවිටෙක අඳින්නේ නැත.”
متفق عليه
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අදින විට ද වුළූ ධෝවනය කරන විට ද නුඹලාගේ දකුණු පැත්තෙන් ආරම්භ කරන්න.”
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
අලී ඉබ්නු අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අතරින් කිසිවකු හෝ පාවහන් පළඳින විට ඔහු එය දකුණු පැත්තෙන් ආරම්භ කළ යුතුය. ගළවන විට වම් පැත්තෙන් ආරම්භ කළ යුතුය. පාවහන් පළිදිනු ලබන ඒ දෙකෙහි ආරම්භයත් ගළවනු ලබන අවසානයත් දකුණු පැත්ත විය යුතුය.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “තම වස්ත්‍රය උඩගු කමින් බිම ගාවා ඇදගෙන යන අය දෙස අල්ලාහ් කරුණා බැල්මෙන් නො බලනු ඇත.”
متفق عليه
عن أبي هريرة رضي الله عنه مرفوعًا: «بينما رجل يمشي في حُلَّةٍ تُعْجِبُهُ نَفْسُهُ، مُرَجِّلٌ رأسه، يَخْتَالُ في مَشْيَتهِ، إذ خَسَفَ اللهُ به، فهو يَتَجَلْجَلُ في الأرض إلى يوم القيامة".
متفق عليه
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "පිරිමියා ෙපිරිමියාගේ රහස්‍ය පෙදෙස් දෙස නොබැලිය යුතුය. කාන්තාව කාන්තාවගේ රහස්‍ය පෙදෙස් දෙස නොබැලිය යුතුය. පිරිමියා පිරිමියා සමග එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය. එමෙන්ම කාන්තාව කාන්තාව සමග එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය."
رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ සතු සුදු ඇඳුම් අඳින්න. සැබැවින්ම එය ඔබේ ඇඳුමින් වඩාත් ශ්‍රේෂ්ට වන්නේය. එමෙන්ම ඔබ අතර මිය ගිය ඇත්තන් එහි ඔතන්න."
رواه أبو داود والترمذي وابن ماجه