Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 53 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඔබ අතරින් කිසිවකු හෝ තම සහෝදරයා හමු වූ විට ඔහුට සලාම් පැවසිය යුතු වේ. ඔවුන් දෙදෙනා අතර ගසක් හෝ බිත්තියක් හෝ ගලක් හෝ මුවා වී නැවතත් ඔහු ව හමු වූ විට, එවිට ද ඔහු ඔහුට සලාම් පැවසිය යුතු වේ.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

මුස්ලිම්වරයෙක් තම සහෝදරයාව හමුවන සෑම අවස්ථාවකම ඔහුට සලාම් පැවසීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරිමත් කළහ. එය කෙතරම්ද යත් දෙදෙනකු එකට ගමන් කළ ද ගසක්, බිත්තියක්, විශාල ගලක් වැනි යම් බාධකයක් ඔවුන් දෙදෙනා වෙන් කර, පසුව ඔහු ව මුණ ගැසෙන විට නැවත වාරයක් ඔහුට සලාම් දිය යුතුය.

Source
رواه أبو داود
Download image

Saved at original quality