Hadith for the World
Tap the image to view it full size
ඇරයුම සහ ස්වෙච්ඡා සේවය
Available in 20 languages
«ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මුස්ලිම් පුද්ගලයකු හට පාපකාරී කටයුත්තක් අණ කරනු ලැබුවහොත් මිස තමන් ප්රිය කරන මෙන්ම පිළිකුල් කරන දෑහි සවන් දීමත් අවනත වීමත් අනිවාර්යය වන්නේය. පාපකාරී කටයුත්තක් අණ කරනු ලැබූ විටෙක සවන් දීමට හෝ අවනත වීමට හෝ අවශ්ය වන්නේ නැත.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

පාලකයා විෂයයෙහි ඔහු කවර කරුණක් නියෝග කරන්නේ ද එම නියෝගය අප ප්රිය කළද පිළිකුල් කළද එහිදී අපි ඔහුට සවන් දීමත් අවනත වීමත් අනිවාර්යය බව මෙම හදීසයේ පැහැදිලි කර ඇත. නමුත් පාපකාරී කටයුත්තක් සම්බන්ධයෙන් අපට නියෝග කරනු ලබන්නේ නම් එම පාපකාරී කටයුත්තෙහි පමණක් ඔහුට සවන් දීමට හෝ අවනත වීමට හෝ අවශ්යය වන්නේ නැත.

Source
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
Download image

Saved at original quality