Hadith for the World
Topic

ඇරයුම සහ ස්වෙච්ඡා සේවය

15 hadiths

15 hadiths

ෂකීක් ඉබ්නු සලමා -රහිමහුල්ලාහ්- තුමා විසින් වාර්තා කරන ලදී. ඉබ්නු මස්උෟද් -රළියල්ලාහු අන්හු- තුමා සෑම බ්රහස්පතින්දාවකම අපට උපදෙස් දෙන්නට විය.එවිට මිනිසෙකු ඔහු දෙස බලා අහෝ අබ්දුර් රහ්මාන් ඔබ සෑම දිනකම එසේ අපට උපදෙස් දෙන්නේ නම් එය මම ප්රිය කරමි යැයි පැවසුවේය. එවිට ඔහු: එය එයින් මා වළක්වනු ඇත. සැබැවින්ම ඔබ දුෂ්කරතාවට පත් කිරීමට මම පිළිකුල් කරමි තවද අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අපට දුෂ්කර වේවි යැයි බියෙන් එතුමා එසේ අප සමග කටයුතු කළාක් මෙන් සැබැවින්ම මම ද උපදෙස් දීමෙන් කටයුතු කරමි යැයි පැවසීය.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “වටහා ගත හැකි සේ මිනිසුන් සමග ඔබ කතා කරන්න. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් බොරු කරනු ලැබීම ඔබ ප්රිය කරන්නෙහු ද?”ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ගැත්තා රෝගාතුර වූ විටෙක හෝ ගමනක නිරත වූ විටෙක, ඔහු නිරෝගීව හා පදිංචිව සිටිය දී සිදු කරමින් ආ ක්‍රියාවන්ට සමාන දෙයක් ඔහුට නියම කරනු ලැබේ."رواه البخاري
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "මා ගැන එක් වාක්‍යයක් හෝ වේවා, එය නුඹලා දැනුවත් කරන්න. ඉස්රාඊල් දරුවන් ගැන කතා කරන්න, වරදක් නැත. නමුත් කවරෙකු උවමනාවෙන්ම මා කෙරෙහි බොරු පවසා සිටියේද අපා ගින්නේ ඔහුගේ අසුන ඔහු වෙන්කර ගනිත්වා."رواه البخاري
عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «إذا قَام أحَدُكُم من الليل، فَاسْتَعْجَمَ القرآن على لِسَانه، فلم يَدْرِ ما يقول، فَلْيَضْطَجِع».رواه مسلم
عن جابر رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «ما من مسلم يَغرس غَرسا إلا كان ما أُكل منه له صدقة، وما سُرق منه له صدقة، ولا يَرْزَؤُهُ أحد إلا كان له صدقة». وفي رواية: «فلا يَغرس المسلم غَرسا فيأكلَ منه إنسان ولا دَابَة ولا طير إلا كان له صدقة إلى يوم القيامة»، وفي رواية: «لا يَغرس مسلم غرسا، ولا يزرع زرعًا، فيأكل منه إنسان ولا دَابَة ولا شيء، إلا كانت له صدقة».متفق عليه من حديث أنس، ورواه مسلم من حديث جابر
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමග ගමන් කරන්නෙකු ලෙස සිටියෙමි. වාටි ගණව ඇති නජ්රාන් දේශයේ වස්ත්රයක් එතුමාට විය. එවිට ගම්බද ආරාබි ජාතිකයෙක් එතුමා වෙතට ළඟා විය. එතුමාගේ එම වස්ත්රය හේතුවෙන් ඔහු දැඩි ලෙස මවිතයට පත් විය. එවිට මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ උරබාහුව දෙස බැලුවෙමි. වස්ත්රයේ වාටිය වඩා ආකර්ශනීයි ලෙස තිබූ හේතුවෙන් කැපී පෙනන්නක් විය. පසුව ඔහු, අහෝ මුහම්මද්! ඔබ වෙත ඇති අල්ලාහ්ගේ වස්තුවෙන් මට (යමක් පිරිනමන මෙන්) අණ කරනු. යැයි පවසා සිටියේය. එතුමා ඔහු දෙස හැරී බලා සිනහ සී පසුව, ඔහුට යම් පිරිනැමීමක් කරන මෙන් නියෝග කළහ.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අදී ඉබ්නු උමෙයිරා අල් කින්දී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අතරින් කිසිවකු යම් සේවයක් සඳහා අප නියම කොට, පසුව ඉදි කටුවක් හෝ ඊට වඩා වැඩි යමක් හෝ අපගෙන් ඔහු වසන් කළේ නම් ඔහු මහා වංචාකාරයෙක් වේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සමග ඔහු පැමිණෙනු ඇත.” එවිට අන්සාරිවරු අතරින් කළු මිනිසෙකු එතුමා වෙත නැගී සිටියේය. ඔහු දෙස මම බලන්නාක් මෙන් දසුන් නැගෙයි. එවිට ඔහු ‘අල්ලාහ්ගේ දූතයාණනි. ඔබේ සේවය මගෙන් ඉවත් කරන්න’ යැයි පැවසීය. එතුමා ඔබට කුමක් වී ද? ඔබ මේ මේ අයුරින් පවසා ඇති බව මාගේ සවනට වැකිණි. එතුමා මෙසේ පැවසීය. ‘මම දැනුදු එයම ප්රකාශ කරමි. යම් ක්රියාවක් සඳහා යම් කෙනෙකු සේවයට අප කළේ නම් එය ස්වල්ප වුවද අධික වුවද එය ඔහු පිළිපැදිය යුතු වේ. ඔහුට දෙනු ලබන දෑ ගත යුතුය. ඔහුගෙන් තහනම් වන දැයින් ඔහු වැළකී සිටිය යුතුය.” යැයි පැවසූහ.ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මුස්ලිම් පුද්ගලයකු හට පාපකාරී කටයුත්තක් අණ කරනු ලැබුවහොත් මිස තමන් ප්රිය කරන මෙන්ම පිළිකුල් කරන දෑහි සවන් දීමත් අවනත වීමත් අනිවාර්යය වන්නේය. පාපකාරී කටයුත්තක් අණ කරනු ලැබූ විටෙක සවන් දීමට හෝ අවනත වීමට හෝ අවශ්ය වන්නේ නැත.”බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු මට අවනත වූයේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. තවද කවරෙකු මට පිටුපෑවේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට පිටුපෑවේය. එමෙන්ම කවරෙකු ප්රධානියාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු මට අවනත විය. තවද කවරෙකු ප්රධානියාට පිටු පාන්නේ ද සැබැවින්ම ඔහු මට පිටුපෑවේය.“බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
عن أبي الأسود، قال: قَدِمْتُ المدينة، فَجَلَسْتُ إلى عمر بن الخطاب رضي الله عنه فَمَرَّتْ بهم جَنازة، فَأُثْنِيَ على صاحِبِها خيراً، فقال عمر: وجَبَتْ، ثم مَرَّ بأُخْرَى فَأُثْنِيَ على صاحِبِها خيراً، فقال عمر: وجَبَتْ، ثم مَرَّ بالثالثة، فَأُثْنِيَ على صاحِبِها شَرَّا، فقال عمر: وجَبَتْ، قال أبو الأسود: فقلت: وما وجَبَتْ يا أمير المؤمنين؟ قال: قلت كما قال النبي صلى الله عليه وسلم : «أيُّما مُسلم شَهِد له أربعة بخير، أدخله الله الجنة» فقلنا: وثلاثة؟ قال: «وثلاثة» فقلنا: واثنان؟ قال: «واثنان» ثم لم نَسْأَلْهُ عن الواحد.رواه البخاري
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මුහුණෙහි පච්ච කොටන ලද බූරුවකු අසළින් ගමන් ගත්තේය. එවිට එතුමා: “කවරෙකු පච්ච කෙටුවේද අල්ලාහ් ඔහුට ශාප කරත්වා!” මුස්ලිම් ඉමාම් සතු තවත් වාර්තාවක: “මුහුණට පහර දීමත් මුහුණට පච්ච කෙටීමත් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කළහ.”ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
عن أبي هريرة رضي الله عنه مرفوعاً: «بينما رجلٌ يمشي بطريقٍ اشتَدَّ عليه العَطَشُ، فوَجَدَ بِئْرًا فنزل فيها فَشَرِبَ، ثم خَرَجَ فإذا كَلْبٌ يَلْهَثُ يأكل الثَّرَى مِنَ العَطَشِ، فقال الرجلُ: لقد بَلَغَ هذا الكَلْبَ مِنَ العَطَشِ مِثْلَ الذِي كان قَدْ بَلَغَ مِنِّي، فنَزَلَ البِئْرَ، فَمَلَأَ خُفَّهُ ماءً ثم أَمْسَكَهُ بِفِيهِ حَتَّى رَقِيَ، فَسَقَى الكَلْبَ، فشَكَرَ اللهُ له، فَغَفَرَ لهُ» قالوا: يا رسول الله، إنَّ لَنَا في البَهَائِمِ أَجْرًا؟ فقال: «في كُلِّ كَبِدٍ رَطْبَةٍ أَجْرٌ». وفي رواية: «فشَكَرَ اللهُ له، فغَفَرَ له، فَأَدْخَلَهُ الجَنَّةَ». وفي رواية: «بَيْنَمَا كَلْبٌ يُطِيفُ بِرَكْيَةٍ قد كَادَ يَقْتُلُهُ العَطَشُ إذ رَأَتْهُ بَغِيٌّ مِنْ بَغَايَا بَنِي إِسْرَائِيلَ، فَنَزَعَتْ مُوقَهَا فَاسْتَقَتْ له بهِ فَسَقَتْهُ فَغُفِرَ لها بِهِ».الرواية الأولى: متفق عليها. الرواية الثانية: رواها البخاري. الرواية الثالثة: متفق عليها
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවකු හෝ යම් පිළිකුල් සහගත දෙයක් දුටුවේ නම්, ඔහු එය ඔහුගේ අතින් වැළැක්විය යුතුය. (එයට) ඔහු අපොහොසත් වූයේ නම්, එවිට ඔහුගේ දිවෙන් ද (එයට ද) ඔහු අපොහොසත් වූයේ නම්, ඔහුගේ හදවතින් ද විය යුතුය. එය ඊමාන් හෙවත් දේව විශ්වාසයේ අවමම නිලයයි."رواه مسلم
عَنْ أَبي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ أُنْزِلَ عَلَيْهِ {وَأَنْذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ} [الشعراء: 214]: «يَا مَعْشَرَ قُرَيْشٍ، اشْتَرُوا أَنْفُسَكُمْ مِنَ اللهِ، لَا أُغْنِي عَنْكُمْ مِنَ اللهِ شَيْئًا، يَا بَنِي عَبْدِ الْمُطَّلِبِ، لَا أُغْنِي عَنْكُمْ مِنَ اللهِ شَيْئًا، يَا عَبَّاسَ بْنَ عَبْدِ الْمُطَّلِبِ، لَا أُغْنِي عَنْكَ مِنَ اللهِ شَيْئًا، يَا صَفِيَّةُ عَمَّةَ رَسُولِ اللهِ، لَا أُغْنِي عَنْكِ مِنَ اللهِ شَيْئًا، يَا فَاطِمَةُ بِنْتَ رَسُولِ اللهِ، سَلِينِي بِمَا شِئْتِ لَا أُغْنِي عَنْكِ مِنَ اللهِ شَيْئًا».متفق عليه