Hadith for the World

All hadiths

The complete card collection, filter by chapter

655 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අදාන් ඇරයුමට සවන් දුන් විටෙක, මුඅද්දීන් (ඇරයුම කරන්නා) පවසන අයුරින්ම පවසන්න."متفق عليه
අල් මුගීරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා මෙසේ පැවසීය: “මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමි. එවිට එතුමාගේ හමින් සාදන ලද පාවහන් දෙක ගලවන්නට බැස්සෙමි. එවිට එතුමාණෝ: "ඒ දෙක අතහරින්න. සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇත්තෙමි" යැයි පවසා පසුව එතුමා ඒ දෙක මත පිරිමැද්දාහ.متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අල්-මික්දාම් ඉබ්නු මඃදී කරිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "මිනිසෙකු තම සහෝදරයාට ප්‍රේම කරන්නේ නම්, සැබැවින්ම තමන් ඔහුට ප්‍රේම කරන බව දැනුම් දිය යුතුය."رواه أبو داود والترمذي والنسائي في الكبرى وأحمد
දේව විශ්වාසීන්ගේ මෑණිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් පැළඳීමේ දී ද හිසකෙස් සැකසීමේ දී ද පිරිසිදු කිරීමේ දී ද එතුමාණන්ගේ සෙසු සියලු කටයුතු වල දී ද එතුමාණෝ දකුණත ප්‍රිය කරන්නෙකු වූහ.”متفق عليه
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ බත්හා හි ඉහළ ප්රයදේශයෙන් මක්කාවට පිවිස පහළ ප්රදේශයෙන් පිටත් ව ගියහ.“බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නියත වශයෙන්ම එතුමා හජර් අල් අස්වද් (හෙවත් කඃබාවෙහි තැන්පත් කොට ඇති ගල) වෙත පැමිණ එය සිප ගෙන ‘නියත වශයෙන්ම ඔබ ගලක් බව මම මැනවින් දනිමි. හිංසාවක් කිරීමට හෝ යහපතක් ගෙන දෙන්නට හෝ ඔබට නොහැකි ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔබ ව සිප ගනු මා නොදුටුවේ නම් මම ඔබ සිප නොගනිමි." යැයි පැවසීය.متفق عليه
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අබියස සිටියේය. ඔහු අසලින් තවත් මිනිසෙකු ගමන් කළේය. එවිට ඔහු අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම ඔහුට ආදරය කරමි යැයි පැවසීය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා: ඔබ එය ඔහුට දන්වා සිටියේදැ?යි ඔහුගෙන් විමසූහ. ඔහු නැතැයි පවසා සිටියේය. එතුමා: ඔබ ඔහුට දන්වා සිටිනු යැයි පැවසූහ. පසුව ඔහුට සමීප වී සැබැවින්ම මම ඔබට ආදරය කරමි. යැයි ඔහු පැවසූය. එවිට ඔහු: ඔබ කවුරුන් වෙනුවෙන් මට ආදරය කළේද ඔහු ඔබට ආදරය කරනු ඇත. යැයි පැවසීය.ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබේ පේළි සමාන්තර ව සකසා ගන්න. සැබැවින්ම පේළි සමාන්තර ව සකසා ගැනීම සලාතයේ පූර්ණභාවයෙන් එකකි."متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ මූසා අල් අෂ්අරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “ඉඳුණු කෙස් සහිත මුස්ලිම්වරයාට හා අල් කුර්ආනය උසුලා ගෙන, එහි ඉක්මවා කටයුතු නොකොට ඉන් දුරස් නොවී කටයුතු කරන්නාට ගරු කිරීමත් යුක්තිගරුක බලධාරීන්ට ගරු කිරීමත් නියත වශයෙන්ම අල්ලාහ්ගේ අභිමානයෙන් වූවකි.ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මිනිසා තම නිවසට පිවිසෙන විට, ඔහු පිවිසෙන අවස්ථාවේදී හා ඔහු ආහාර ගන්නා අවස්ථාවේදී අල්ලාහ්ව මෙනෙහි කළේ නම්, ෂෙයිතාන් (ඔහුගේ සගයින් දෙස බලා): ‘නුඹලාට නවාතැනත් නැත. නුඹලාට රාත්‍රී ආහාරයත් නැත.' යැයි පවසයි. නමුත් ඔහු පිවිසෙන විට, අල්ලාහ්ව මෙනෙහි නො කළේ නම් ෂෙයිතාන්: ‘නුඹලා නවාතැනත් රාත්‍රී ආහාරයත් ලැබුවෙහුය" යැයි පවසයි.رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මහා පාපකර්මයන්: අල්ලාහ්ට ආදේශ තැබීම, දෙමාපියන්ට හිංසා කිරීම, ආත්මයක් ඝාතනය කිරීම, බොරු දිවුරුම් දීම."رواه البخاري
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම මෙලොව මිහිරිය; හරිතය. සැබැවින්ම අල්ලාහ් එහි නුඹලා නියෝජිතයින් බවට පත් කරන්නාය. පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේදැ?යි ඔහු නිරීක්ෂණය කරයි. එබැවින් නුඹලා ලෝකය ගැන අල්ලාහ්ට බියවනු. කාන්තාවන් ගැන ද බියවනු. ඉස්රාඊල් දරුවන්ගේ අර්බූධ අතරින් පළමුවැන්න කාන්තාවන් විෂයයෙහි සිදු විය.”رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “ලැජ්ජාව යහපත හැර වෙනකක් ගෙන දෙන්නේ නැත.” තවත් වාර්තාවක “ලැජ්ජාව යහපතකි. එහි සියල්ල ද එසේය.’ හෝ “ලැජ්ජාව එහි සියලු දෑ යහපතකි” යනුවෙන් වාර්තා වී ඇත.ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කර සිටි බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: «اللهُمَّ لَكَ أَسْلَمْتُ، وَبِكَ آمَنْتُ، وَعَلَيْكَ تَوَكَّلْتُ، وَإِلَيْكَ أَنَبْتُ، وَبِكَ خَاصَمْتُ، اللهُمَّ إِنِّي أَعُوذُ بِعِزَّتِكَ، لَا إِلَهَ إِلَّا أَنْتَ أَنْ تُضِلَّنِي، أَنْتَ الْحَيُّ الَّذِي لَا يَمُوتُ، وَالْجِنُّ وَالْإِنْسُ يَمُوتُونَ». "අල්ලාහුම්ම ලක අස්ලම්තු, වබික ආමන්තු, වඅලෙයික තවක්කල්තු, වඉලයික අනබ්තු, වබික ාසම්තු, අල්ලාහුම්ම ඉන්නී අඌදු බිඉස්සතික, ලා ඉලාහ ඉල්ලා අන්ත අන් තුළිල්ලනී, අන්තල් හය්යු අල්ලදී ලා යමූතු, වල් ජින්නු වල් ඉන්සු යමූතූන්" (තේරුම: “අහෝ දෙවිඳුනි! මම ඔබට යටත් වූයෙමි. මම ඔබව විශ්වාස කළෙමි . මම ඔබ කෙරෙහි භාර කළෙමි. මම ඔබ වෙතට පසුතැවිලි වී හැරුණෙමි, මම ඔබේ විරුද්ධවාදීන්ට විරුද්ධව වාද කළෙමි. මම ඔබේ ගෞරවයෙන් සරණ පතමි. මා නොමඟ යැවීමට ඔබ හැර වෙන දෙවියෙක් නැත. ඔබ කිසිදා නොමැරෙන සදා ජීවමානය. නමුත් ජින් සහ මිනිසුන් සියල්ලෝම මිය යනු ඇත.")متفق عليه، وهذا لفظ مسلم ورواه البخاري مختصرًا
كَانَ ابنُ عمرَ -رضِيَ الله عنهما- يَقُول لِلرَّجُل إِذَا أَرَادَ سَفَرًا: ادْنُ مِنِّي حَتَّى أُوَّدِعَكَ كَمَا كَان رسولُ الله -صلَّى الله عليه وسلَّم- يُوَدِّعُنَا، فَيقُول: «أَسْتَوْدِعُ الله دِينَكَ، وَأَمَانَتَكَ، وَخَوَاتِيمَ عَمَلِكَ». وعن عبد الله بن يزيد الخطمي رضي الله عنه- قال: كَانَ رسُول الله -صلَّى الله عليه وسلَّم- إِذَا أَرَادَ أَنْ يُوَدِّعَ الجَيشَ، قال: «أَسْتَودِعُ الله دِينَكُم، وَأَمَانَتَكُم، وخَوَاتِيمَ أَعْمَالِكُم».الحديث الأول: رواه أبو داود، والتَرمذي واللفظ له، وابن ماجه والنسائي في الكبرى وأحمد. الحديث الثاني: رواه أبو داود والنسائي الكبرى
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිවිටෙක එතුමාණන්ගේ කුඩා දිව පෙනෙන තරමට මහා හඩින් සිනහසෙන්නෙකු ලෙස මා දැක නැත. එතුමා මද සිනහ පාන්නෙකු වූහ.”متفق عليه
හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්‍රියේ අවදි වූ විට තම මුඛය මිස්වාක් දැහැටියෙන් හොඳින් මැද පිරිසිදු කර ගනියි.متفق عليه
අබ්දුල්ලාහ් ඉබ්නු සෙයිද් ඉබ්නු ආසිම් අල් මසානී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සලාතයේදී යමක් තමන්ට දැනුනු බව අනුමාන කරන මිනිසෙක් ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණිලි කර සිටියේය. එවිට එතුමා: හඬක් ඇසෙන තෙක් හෝ වාතයක් දැනෙන තෙක් හෝ හැරී නොයා යුතු යැ”යි පවසා සිටියහ.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “දේවත්වය විශ්වාස කරන්නෙක් දේවත්වය විශ්වාස කරන්නියක් ගැන ක්‍රෝධයක් ඇති කරගත නො යුතුය. ඇයගෙන් යම් ගතිගුණයක් ඔහු පිළිකුල් කළේ නම්, ඇයගෙන් වෙනත් දැයක් (ගතිගුණයක්) ගැන තෘප්තියට පත් වනු ඇත" යැයි පැවසූහ. එසේ නැතිනම්, “ඒ හැර වෙන දෙයක්“ (යන පද පෙළින්) පවසා ඇත.“رواه مسلم
ෂකීක් ඉබ්නු සලමා -රහිමහුල්ලාහ්- තුමා විසින් වාර්තා කරන ලදී. ඉබ්නු මස්උෟද් -රළියල්ලාහු අන්හු- තුමා සෑම බ්රහස්පතින්දාවකම අපට උපදෙස් දෙන්නට විය.එවිට මිනිසෙකු ඔහු දෙස බලා අහෝ අබ්දුර් රහ්මාන් ඔබ සෑම දිනකම එසේ අපට උපදෙස් දෙන්නේ නම් එය මම ප්රිය කරමි යැයි පැවසුවේය. එවිට ඔහු: එය එයින් මා වළක්වනු ඇත. සැබැවින්ම ඔබ දුෂ්කරතාවට පත් කිරීමට මම පිළිකුල් කරමි තවද අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අපට දුෂ්කර වේවි යැයි බියෙන් එතුමා එසේ අප සමග කටයුතු කළාක් මෙන් සැබැවින්ම මම ද උපදෙස් දීමෙන් කටයුතු කරමි යැයි පැවසීය.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අප අතර සිටින කුඩා අයට සෙනෙහස නොදක්වන්නා ද අපගේ වැඩිහිටියන්ගේ ගෞරවය නොහඳුනන්නාද අපෙන් කෙනෙකු නොවන්නේය.“ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
عن يزيد بن حيان قال: انطلقت أنا وحُصين بن سَبْرَة وعمرو بن مسلم إلى زيد بن أرقم رضي الله عنه فلما جلسنا إليه قال له حصين: لقد لقيتَ يا زيد خيرًا كثيرًا، رأيتَ رسول الله صلى الله عليه وسلم وسمعتَ حديثه، وغزوتَ معه، وصليتَ خلفه: لقد لقيت يا زيد خيرًا كثيرًا، حدثنا يا زيد ما سمعت من رسول الله صلى الله عليه وسلم قال: يا ابن أخي، والله لقد كَبِرَتْ سني، وقَدُمَ عهدي، ونسيتُ بعض الذي كنت أَعِي من رسول الله صلى الله عليه وسلم فما حدثتكم فاقبلوا، وما لا فلا تُكَلِّفُونِيهِ. ثم قال: قام رسول الله صلى الله عليه وسلم يومًا فينا خطيبًا بماء يُدعى خُمًّا بين مكة والمدينة، فحمد الله، وأثنى عليه، ووعظ وذكَّر، ثم قال: «أما بعد، ألا أيها الناس، فإنما أنا بشر يُوشِكُ أن يأتي رسول ربي فأُجِيبَ، وأنا تاركٌ فيكم ثَقَلَيْنِ: أولهما كتاب الله، فيه الهدى والنور، فخذوا بكتاب الله، واستمسكوا به»، فحَثَّ على كتاب الله، ورغَّبَ فيه، ثم قال: «وأهل بيتي أُذَكِّرُكُمُ اللهَ في أهل بيتي، أُذَكِّرُكُمُ اللهَ في أهل بيتي» فقال له حصين: ومن أهل بيته يا زيد، أليس نساؤه من أهل بيته؟ قال: نساؤه من أهل بيته، ولكن أهل بيته من حُرِمَ الصدقةَ بعده، قال: ومن هم؟ قال: هم آل علي، وآل عقيل، وآل جعفر، وآل عباس. قال: كل هؤلاء حُرِمَ الصدقةَ؟ قال: نعم. وفي رواية: «ألا وإني تاركٌ فيكم ثَقَلَيْنِ: أحدهما كتاب الله وهو حبل الله، من اتبعه كان على الهدى، ومن تركه كان على ضلالة».رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “(සලාතය මෙහෙයවන) ඉමාම්ට පෙර තම හිස ඔසවන්නා ඔහුගේ හිස අල්ලාහ් බූරුවෙකුගේ හිස බවට වෙනස් කිරීම පිළිබඳ ව හෝ ඔහුගේ හැඩරුව බූරුවකුගේ හැඩරුවකට වෙනස් කිරීම පිළිබඳ ව හෝ ඔබ කිසිවෙකුත් බිය විය යුතු නොවේ ද?”متفق عليه
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘අවසන් හෝරාව කවදා දැ?‘යි විමසා සිටියේය. එතුමාණෝ: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘ යි ඔහුගෙන් විමසුහ. ඔහු: ‘අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට මා ආදරය කිරීම හැර වෙනත් කිසිවක් නැත' යැයි පවසා සිටියේය. එතුමා: “ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි පැවසූහ. අනස් තුමා මෙසේ පැවසීය: "ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයෙන් අපි සතුටු වූ තරමට වෙනත් කිසිවකින් අපි සතුටු වූයේ නැත. තවදුරටත් අනස් තුමා මෙසේ පැවසීය. "එහෙයින් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් අබූ බක්ර් හා උමර් තුමාණන්ලා හටත් ආදරය කරමි. ඔවුන් කළ ඔවුන්ගේ ක්‍රියාවන් හා සමානව මා ක්‍රියා කර නො තිබුණ ද ඔවුන් කෙරෙහි මා ආදරය කර ඔවුන් සමග මාද වන්නට මම ප්‍රිය කරමි."متفق عليه