Hadith for the World
අර්ධ ධෝවනය

අර්ධ ධෝවනයේ ආචාරධර්ම හා වෛකල්පිත කරුණු

2 hadiths

2 hadiths

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අදින විට ද වුළූ ධෝවනය කරන විට ද නුඹලාගේ දකුණු පැත්තෙන් ආරම්භ කරන්න.”ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
ලකීත් ඉබ්නු සබිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත පැමිණි බනු අල්-මුන්තෆික් දූත කණ්ඩායමේ නායකයා - නැතහොත් - බනූ අල්-මුන්තෆික් අතර සිටි අයෙක්මි. අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණි කල්හි, අපි එතුමාණන්ව එතුමාණන්ගේ නිවසේ හමු නො වූයෙමු. විශ්වාසීන්ගේ මෑණියක වන ‘අඉෂා’ තුමිය එහි සිටියා ය. ඇය අප වෙනුවෙන් 'කසීරා' (خَزِيرَةٍ) නම් කෑමක් පිළියෙළ කරන ලෙස අණ කළා ය. පසුව අප වෙනුවෙන් එය පිළියෙළ කරන ලදී. රටඉඳි අඩංගු තැටියක් ද අපට පිළිගන්වීය. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැමිණ මෙසේ ඇසූහ. “ඔබ යමක් (සංග්‍රහයක්) ලැබුවා ද නැතහොත් ඔබ වෙනුවෙන් ඇණවුම් කළා ද?” අපි: “එසේය, අල්ලාහ්ගේ දූතයාණනි,” යැයි පැවසුවෙමු. අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටිය දී, එඬේරෙකු තම බැටළු රැළ උන්ගේ ගාලට රැගෙන ගියේය. ඔහු සමඟ කෑ ගසමින් සිටින අලුත උපන් බැටළු පැටවෙකු විය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔහුගෙන්, “අහෝ මිනස මේ කුමන පැටවෙක් ද?” යැයි විමසූහ. ඌ ගැහැණු පැටවෙකැයි ඔහු පිළිතුරු දුන්නේය. එවිට එතුමාණෝ: “ඌ වෙනුවට බැටළුවෙකු අප වෙනුවෙන් කපා හරින්න” යැයි පැවසූහ. ඔහු: "ඔබ වෙනුවෙන් ඌ මරා දමන බව ඔබ නොසිතිය යුතුය. අපට බැටළුවන් සියයක් සිටිති, උන්ගේ සංඛ්‍යාව වැඩිවීම අප ප්‍රිය කරන්නේ නැත. ඒ නිසා, බැටළුවෙක් ඉපදුන ගමන්, අපි ඌ වෙනුවට බැටළුවෙක් කපා හරින්නෙමු." යැයි පැවසූහ. මම: "අල්ලාහ්ගේ දූතයාණනි, මට බිරියක් සිටියි, ඇගේ දිවේ යමක් තිබේ, එනම් ඇය කුණුහරප පවසයි." යැයි කීවෙමි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "එසේනම් ඔබ ඇයව දික්කසාද කරන්න." මම: "අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ඇය සමග මහත් බැඳීමක් ඇත. ඇයගෙන් මට දරුවකු සිටියි.' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "එසේනම් ඔබ ඇයට උපදෙස් දෙන්න. ඇය තුළ යහපත්කමක් තිබේ නම්, ඇය එසේ කටයුතු කරනු ඇත. ඔබ ඔබේ වහලියට පහර දෙන ආකාරයට ඔබේ බිරිඳට පහර නොදෙන්න." යැයි පැවසූහ. මම: "අල්ලාහ්ගේ දූතයාණනි, වුළූ (අර්ධ ස්නානය) ගැන යමක් මට කියා දෙන්න." යැයි කීවෙමි. එවිට එතුමාණෝ: "විධිමත් ලෙස පූර්ණව වුළූ දෝවනය සිදු කරන්න, ඔබේ ඇඟිලි කරු අතර හොඳින් සෝදා හරින්න. ඔබ උපවාසයේ සිටින්නේ නම් හැර සෙසු අවස්ථාවන්හි නාස්පුඩු තුළට වතුර යවා හොඳින් සෝදා හරින්න."යැයි කීහ.رواه أبو داود والترمذي والنسائي وابن ماجه