Hadith for the World
පිරිසිදුකම

අර්ධ ධෝවනය

8 hadiths

8 hadiths

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මුස්ලිම් -හෝ මුඃමින්- ගැත්තා වුළූ ධෝවනය කරන විට, ඔහුගේ මුහුණ සෝදා හැරියේ නම් ඔහු තම ඇස් දෙකින් දුටු සෑම වරදක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ මුහුණින් පහව යනු ඇත. එසේම ඔහුගේ දෑත් සෝදා හැරියේ නම් ඔහුගේ අතින් කළ සෑම වරදක්ම එම ජලය සමග - හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ අත් දෙකින් පහව යනු ඇත. එසේම ඔහුගේ පාද සෝදා හැරියේ නම් ඔහුගේ පාද ගමන් කර, කළ සෑම වරදක්ම එම ජලය සමග - හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ පාද දෙකින් පහව යනු ඇත. අවසානයේ සියලු පාපයන්ගෙන් පිරිසිදු වූ අයකු සේ බැහැර වනු ඇත.رواه مسلم
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අදින විට ද වුළූ ධෝවනය කරන විට ද නුඹලාගේ දකුණු පැත්තෙන් ආරම්භ කරන්න.”ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
عن أبي هريرة رضي الله عنه قال قال رسول الله صلى الله عليه وسلم : ((إن أمتي يُدْعَون يوم القيامة غُرًّا مُحَجَلِّين من آثار الوُضُوء)). فمن اسْتَطَاع منكم أن يُطِيل غُرَّتَه فَليَفعل. وفي لفظ لمسلم: ((رأَيت أبا هريرة يتوضَّأ، فغسل وجهه ويديه حتى كاد يبلغ المنكبين، ثم غسل رجليه حتى رَفَع إلى السَّاقين، ثم قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: إنَّ أمتي يُدْعَون يوم القيامة غُرًّا مُحَجَّلِين من آثار الوُضُوء)) فمن استطاع منكم أن يطيل غُرَّتَه وتَحْجِيلَه فَليَفعَل. وفي لفظ لمسلم: سمعت خليلي صلى الله عليه وسلم يقول: ((تَبْلُغ الحِليَة من المؤمن حيث يبلغ الوُضُوء)).الرواية الأولى: متفق عليه. الرواية الثانية: رواها مسلم. الرواية الثالثة: رواها مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ඔබ අතරින් කිසිවකු හෝ කිලිටි තත්ත්වයට පත් විට වුළූ හෙවත් අර්ධ ධෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු වුළූ ධෝවනය, විධිමත්ව ඉටු කරන්නේ ද ඔහුගේ ශරීරයෙන් මෙන්ම ඔහුගේ නියපොතු යටින් පවා ඔහුගේ පාපකම් ඉවත් ව යයි.”رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් ‍මෙසේ වාර්තා කරන ලදී: “ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ නින්දෙන් අවදි වූ විට, ඔහු නාසය තුන් වරක් පිරිසිදු කර ගනිත්වා. හේතුව සැබැවින්ම ෂෙයිතාන් ඔහුගේ නාස්පුඩුවෙහි රාත්‍රිය ගත කරනු ඇත.”متفق عليه
ලකීත් ඉබ්නු සබිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත පැමිණි බනු අල්-මුන්තෆික් දූත කණ්ඩායමේ නායකයා - නැතහොත් - බනූ අල්-මුන්තෆික් අතර සිටි අයෙක්මි. අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණි කල්හි, අපි එතුමාණන්ව එතුමාණන්ගේ නිවසේ හමු නො වූයෙමු. විශ්වාසීන්ගේ මෑණියක වන ‘අඉෂා’ තුමිය එහි සිටියා ය. ඇය අප වෙනුවෙන් 'කසීරා' (خَزِيرَةٍ) නම් කෑමක් පිළියෙළ කරන ලෙස අණ කළා ය. පසුව අප වෙනුවෙන් එය පිළියෙළ කරන ලදී. රටඉඳි අඩංගු තැටියක් ද අපට පිළිගන්වීය. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැමිණ මෙසේ ඇසූහ. “ඔබ යමක් (සංග්‍රහයක්) ලැබුවා ද නැතහොත් ඔබ වෙනුවෙන් ඇණවුම් කළා ද?” අපි: “එසේය, අල්ලාහ්ගේ දූතයාණනි,” යැයි පැවසුවෙමු. අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටිය දී, එඬේරෙකු තම බැටළු රැළ උන්ගේ ගාලට රැගෙන ගියේය. ඔහු සමඟ කෑ ගසමින් සිටින අලුත උපන් බැටළු පැටවෙකු විය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔහුගෙන්, “අහෝ මිනස මේ කුමන පැටවෙක් ද?” යැයි විමසූහ. ඌ ගැහැණු පැටවෙකැයි ඔහු පිළිතුරු දුන්නේය. එවිට එතුමාණෝ: “ඌ වෙනුවට බැටළුවෙකු අප වෙනුවෙන් කපා හරින්න” යැයි පැවසූහ. ඔහු: "ඔබ වෙනුවෙන් ඌ මරා දමන බව ඔබ නොසිතිය යුතුය. අපට බැටළුවන් සියයක් සිටිති, උන්ගේ සංඛ්‍යාව වැඩිවීම අප ප්‍රිය කරන්නේ නැත. ඒ නිසා, බැටළුවෙක් ඉපදුන ගමන්, අපි ඌ වෙනුවට බැටළුවෙක් කපා හරින්නෙමු." යැයි පැවසූහ. මම: "අල්ලාහ්ගේ දූතයාණනි, මට බිරියක් සිටියි, ඇගේ දිවේ යමක් තිබේ, එනම් ඇය කුණුහරප පවසයි." යැයි කීවෙමි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "එසේනම් ඔබ ඇයව දික්කසාද කරන්න." මම: "අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ඇය සමග මහත් බැඳීමක් ඇත. ඇයගෙන් මට දරුවකු සිටියි.' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "එසේනම් ඔබ ඇයට උපදෙස් දෙන්න. ඇය තුළ යහපත්කමක් තිබේ නම්, ඇය එසේ කටයුතු කරනු ඇත. ඔබ ඔබේ වහලියට පහර දෙන ආකාරයට ඔබේ බිරිඳට පහර නොදෙන්න." යැයි පැවසූහ. මම: "අල්ලාහ්ගේ දූතයාණනි, වුළූ (අර්ධ ස්නානය) ගැන යමක් මට කියා දෙන්න." යැයි කීවෙමි. එවිට එතුමාණෝ: "විධිමත් ලෙස පූර්ණව වුළූ දෝවනය සිදු කරන්න, ඔබේ ඇඟිලි කරු අතර හොඳින් සෝදා හරින්න. ඔබ උපවාසයේ සිටින්නේ නම් හැර සෙසු අවස්ථාවන්හි නාස්පුඩු තුළට වතුර යවා හොඳින් සෝදා හරින්න."යැයි කීහ.رواه أبو داود والترمذي والنسائي وابن ماجه
අබූ මාලික් අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ: පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව අතර ඇති දෑ පුරවාලයි. සලාතය ආලෝකයකි. දානය සාක්ෂියකි. ඉවසීම ප්‍රභාවකි. කුර්ආනය ඔබට පක්ෂව හෝ ඔබට විපක්ෂව පිහිටයි. සියලුම මිනිසුන් තම ආත්මය විකුණයි. ඔහු එය නිදහස් කර ගනිත්වා එසේ නැතහොත් විනාශ කර ගනිත්වා!"رواه مسلم