Hadith for the World
අරගල කිරීම

අරගල කිරීමේ ආචාරධර්ම

4 hadiths

4 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුල් කාලීන අය හා අවසන් කාලීන අය අල්ලාහ් එකට එක් රැස් කරන විට, වංචා කරන සෑම කෙනෙකු වෙනුවෙන්ම ධජයක් ඔසවනු ලැබේ. පසුව ඔහුට: 'අසවල් පුද්ගලයාගේ පුත් මේ පුද්ගලයාගේ වංචාව මෙය වේ' යැයි පවසනු ලැබේ."متفق عليه
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සහභාගි වූ යුද්ධයකදී කාන්තාවක් ඝාතනය කර තිබීම දකින්නට විය. පසුව කාන්තාවන් හා දරුවන් මරා දැමීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හෙළා දුටුහ.”متفق عليه
عن عبد الله بن أبي أوفى رضي الله عنه أَنَّ رسول الله صلى الله عليه وسلم فِي بَعْض أَيَّامه التي لَقِي فيها العدو انتظر، حتى إذا مَالَتِ الشمس قام فِيهم، فقال: «أَيُّها الناس، لا تَتَمَنَّوْا لِقَاء الْعَدُوِّ، وَاسْأَلوا الله الْعافية فَإِذا لَقِيتموهم فَاصْبِرُوا، وَاعلموا أَنَّ الْجَنَّة تحت ظِلال السُّيوف ثُمَّ قَال النَّبِي صلى الله عليه وسلم: اللهمَّ مُنزِلَ الْكتاب، وَمُجْرِيَ السَّحاب، وَهازم الأَحْزاب: اهْزِمهم، وَانصُرنا علَيهم».متفق عليه
අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නිර්භීතව සටන් වදින, ප්‍රදර්ශන නිරීම සඳහා සටන් වදින සහ කුහක කමින් සටන් වදින මිනිසා පිළිබඳව සඳහන් කර, එයින් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැදීමක් වනුයේ කවර කරුණක් දැයි? අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් විමසන ලදී. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: "කවරෙකු අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ජිහාද් කරන්නේ ද ඔහුය අල්ලාහ්ගේ මාර්ගයේ සිටිනුයේ" යැයි පවසා සිටියහ.متفق عليه