Hadith for the World
Topic

මහිමයන් සහ ආචාරධර්ම

288 hadiths

288 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “දේවත්වය විශ්වාස කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නිය ඔහු හෝ ඇය මත, පාපයක් නොපිහිටන තත්ත්වයක අල්ලාහ්ව මුණ ගැසෙන තෙක්, තමන් තුළ ද තම දරුවන් තුළ ද තම සම්පත් තුළ ද පරීක්ෂාවට ලක්වෙමින්ම සිටියි."رواه الترمذي وأحمد
عن عائشة رضي الله عنها أَنَّها سَأَلَت رسول الله صلى الله عليه وسلم عن الطَّاعُون، فَأَخبَرَها أَنَّه كَان عَذَابًا يَبعَثُه الله تعالى على من يشاء، فَجَعَلَه الله تعالى رحمَة للمؤمنين، فليس من عبدٍ يقع في الطَّاعُون فَيَمكُث فِي بَلَدِه صَابِرًا مُحتَسِبًا يعلَم أَنَّه لايُصِيبُه إِلاَّ مَا كتَب الله له إلا كان له مِثلُ أجرِ الشَّهيدِ.رواه البخاري
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: විශ්වාස කරන මාගේ ගැත්තෙකුහට මෙලෝවාසීන් අතරින් ඔහු ආදරය කරන තැනැත්තෙකු මා අත්පත් කර ගත් විටෙක පසුව ඔහු එය ඉවසා දරා ගත්තේ නම් මා අබියස ස්වර්ගය මිස වෙනත් කිසිවක් නොවනු ඇත.”ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
عن أبي هريرة رضي الله عنه مرفوعاً: «أتدرون من المفلس؟» قالوا: المُفْلِس فينا من لا دِرهَمَ له ولا مَتَاع، فقال: «إن المفلس من أمتي من يأتي يوم القيامة بصلاة وصيام وزكاة، ويأتي وقد شَتَمَ هذا، وقذف هذا، وأكل مال هذا، وسَفَكَ دم هذا، وضرب هذا، فيعطى هذا من حسناته، وهذا من حسناته، فإن فنيت حسناته قبل أن يُقْضَى ما عليه، أخذ من خطاياهم فَطُرِحتْ عليه، ثم طُرِحَ في النار».رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව උම්මු දර්දා සහ අබූ දර්දා (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් වාර්තා කරන ලදී. “මුස්ලිම් පුද්ගලයකු, තම සහෝදරයා වෙනුවෙන් ඔහු නැති අවස්ථාවක කරන ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නකි. නියම කරන ලද මලක්වරයකු ඔහුගේ හිස අසළ සිට තම සහෝදරයා වෙනුවෙන් යහපත පතන සෑම කලකම එසේ පත් කරන ලද මලක්වරයා ඒ වෙනුවෙන්, ‘ආමීන්. (පිළිගනිත්වා) ඔබට ද එසේම වේවා‘ යැයි පවසනු ඇත.“رواه مسلم
ජාබිර් බින් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “ඔබට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. ඔබේ දරුවන්ට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. ඔබේ වස්තුවට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. අල්ලාහ්ගෙන් වූ හෝරාවක් අනුගත වී එහි යම් පිරිනැමීමක් ඉල්ලා සිටින්නේ නම් එයට නුඹලාට පිළිතුරු දෙනු ලබනවා මිස නැත.”ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“ ඔබ අතරින් කෙනෙකු, සැබැවින්ම මම පැතුවෙමි. නමුත් මට පිළිතුරු දෙනු නොලැබීය යැයි පවසා ඉක්මන් නොවන තාක්කල් පිළිතුරු දෙනු ලබනු ඇත.“ මුස්ලිම් හි සඳහන් තවත් වාර්තාවක “පාපයකට හෝ ඥාතී සම්බන්ධකම් බිඳ වැටීමට හෝ ප්රාර්ථනා නොකර, (ප්රාර්ථනාවෙහි) ඉක්මන් නොවී සිටින තාක්කල් ගැත්තාට පිළිතුරු දෙනු ලබමින්ම පවතී. “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඉක්මන්වීම යනු කුමක් දැ?“යි එතුමාගෙන් විමසන ලදී. එතුමා, “සැබැවින්ම මම පැතුවෙමි. සැබැවින්ම මම පැතුවෙමි. මට පිළිතුරු ලැබෙන බව නොදකිමි. එවිට ඔහු ඒ පිළිබඳ අවනිශ්චිතභාවයට පත්ව ප්රාර්ථනා කිරීම අතහැර දමයි.“ යැයි පැවසූහ.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අබූ උමාමා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දී ඇති බව පවසමින් අම්ර් ඉබ්නු අබසා (රළියල්ලාහු අන්හු) තුමා මට මෙසේ පවසා සිටියේය. "පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ රාත්‍රියේ අවසාන භාගයේදීය. එම හෝරා කාලයේ අල්ලාහ්ව මෙනෙහි කරන්නන් අතරින් ඔබ ද කෙනෙකු වීමට ඔබ හැකියාව දරන්නේ නම්, එසේ වනු."رواه أبو داود والترمذي والنسائي
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සව්බාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "පුද්ගලයකු වියදම් කරන විශිෂ්ටතම දීනාරය නම්, තම පවුලේ අය වෙනුවෙන් වියදම් කරන දීනාරය, අල්ලාහ්ගේ මාර්ගයේ සිටින තම ප්‍රවාහනික සත්වයා වෙනුවෙන් මිනිසා වියදම් කරන දීනාරය හා අල්ලාහ්ගේ මාර්ගයේ සිටින තම සගයින් වෙනුවෙන් වියදම් කරන දීනාරයයි" යැයි පැවසූහ. අබූ කිලාබා තුමා: "හෙතෙම තම පවුලෙන් ආරම්භ කර ඇති" බව පැවසීය. තවදුරටත් අබූ කිලාබා තුමා මෙසේ පැවසීය: ‘තම කුඩා පවුල වෙනුවෙන් වියදම් කරන මිනිසාට හිමි ප්‍රතිඵලයට වඩා උතුම් වනුයේ වෙනත් කවර මිනිසෙකුගේ ප්‍රතිඵල ද? අල්ලාහ් ඔහු තුළින් ඔවුන්ට පෝෂණය ලබා දී, ඔවුනට සෙත සලසා දෙයි. තවද ඔවුන් පොහොසත් කරයි."رواه مسلم
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මුස්ලිම් -හෝ මුඃමින්- ගැත්තා වුළූ ධෝවනය කරන විට, ඔහුගේ මුහුණ සෝදා හැරියේ නම් ඔහු තම ඇස් දෙකින් දුටු සෑම වරදක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ මුහුණින් පහව යනු ඇත. එසේම ඔහුගේ දෑත් සෝදා හැරියේ නම් ඔහුගේ අතින් කළ සෑම වරදක්ම එම ජලය සමග - හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ අත් දෙකින් පහව යනු ඇත. එසේම ඔහුගේ පාද සෝදා හැරියේ නම් ඔහුගේ පාද ගමන් කර, කළ සෑම වරදක්ම එම ජලය සමග - හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ පාද දෙකින් පහව යනු ඇත. අවසානයේ සියලු පාපයන්ගෙන් පිරිසිදු වූ අයකු සේ බැහැර වනු ඇත.رواه مسلم
عن معاذ بن أنس رضي الله عنه مرفوعًا: «مَن كَظَمَ غَيظًا، وَهُو قادر على أن يُنفِذَه، دَعَاه الله سبحانه وتعالى على رؤوس الخَلاَئِق يوم القيامة حتَّى يُخَيِّره من الحُور العَين مَا شَاء».رواه أبو داود والترمذي وابن ماجه وأحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සුහෙයිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ කරුණ පුදුම සහගතය. සැබැවින්ම ඔහුගේ කරුණු සියල්ලම ඔහුට යහපත් ය. එය දේවත්වය විශ්වාස කරන්නෙකුට මිස වෙනත් කිසිවකුට හිමි නොවන්නකි. ඔහුට සතුටුදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු කෘතවේදී වෙයි. එය ඔහුට යහපතක් වන්නේය. ඔහුට හානිදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු ඉවසා දරා ගනී. එය ද ඔහුට යහපත් වන්නේය.”رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "විනාශකාරී කරුණු හතකින් ඔබ වැළකෙන්න." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඒවා මොනවාද?" යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: "අල්ලාහ්ට ආදේශ තැබීම, මන්ත්‍ර ගුරුකම්වල නිරත වීම, යුක්තියෙන් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීම, පොළිය අනුභව කිරීම, අනාථයින්ගේ වස්තුව අනුභව කිරීම, යුදමය දිනයක යුද පිටියෙන් පලා යෑම, නිර්මල දේව විශ්වාසී නිහතමානී කාන්තාවන්ට අවලාද නැගීම ය."متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "මම හවුල්භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත වෙමි. කවරෙකු මා සමග, මා හැර වෙනත් අයකු හවුල් කරමින් යම් ක්‍රියාවක් කළේ ද මම ඔහු හා ඔහුගේ හවුල්භාවය අත්හැර දමමි."رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "නුඹලාගේ නිවෙස් මිනීවලවල් බවට පත්කර නො ගන්න. මාගේ මිනීවල සැමරුමක් බවට පත්කර නො ගන්න. මා වෙත නුඹලා සලවාත් (ආශිර්වාද) පවසන්න. හේතුව සැබැවින්ම නුඹලා පවසන සලවාතය නුඹලා කවර ස්ථානයක සිටිය ද මා වෙත ළඟා වනු ඇත."رواه أبو داود
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අදින විට ද වුළූ ධෝවනය කරන විට ද නුඹලාගේ දකුණු පැත්තෙන් ආරම්භ කරන්න.”ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු ගැහැණු දරුවන් දෙදෙනෙකු ඔවුන් වැඩිවියට පත්වන තුරු රැකබලා ගත්තේ ද, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මා හා ඔහු මෙසේ එනු ඇත' යැයි පවසා එතුමාණන්ගේ ඇගිළි ළං කර පෙන්වූහ."رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නුඹලා දේවත්වය විශ්වාස කරන තුරු ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා අතර ආදරය සෙනෙහස ඇතිවන තුරු නුඹලා දේවත්වය විශ්වාස කරන්නේ නැත. නුඹලා සිදු කළ විට නුඹලා අතර සෙනෙහස ඇතිකරවන කරුණක් මා නුඹලාට කියා දිය යුතු නොවේ ද? නුඹලා අතර සලාමය පතුරුවා හරින්න.”رواه مسلم
عن أبي هريرة رضي الله عنه مرفوعًا: «إِنَّ الله تَعَالى يَقُول يَوْمَ القِيَامَة: أَيْنَ المُتَحَابُّونَ بِجَلاَلِي؟ اليَوم أُظِلُّهُم فِي ظِلِّي يَوْمَ لاَ ظِلَّ إِلاَّ ظِلِّي».رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ජුන්ද් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මිනිසකු ‘අල්ලාහ් මත දිවුරා පවසමි. අල්ලාහ් පුද්ගලයකුට සමාව දෙන්නේ නැත’ යැයි පැවසීය. එවිට අල්ලාහ්: “මා පුද්ගලයකුට සමාව නොදෙන බවට මා මත දිවුරා පැවසිය හැක්කේ කා හටද? සැබැවින්ම මම ඔහුට සමාව දුනිමි. ඔබේ ක්රියාවන් නිෂ්ඵල කළෙමි.” යැයි පැවසීය. අබූ හුරෙයිරා වාර්තා කළ හදීසයක: ‘සැබැවින්ම එසේ පවසා සිටියේ ගැතිබර පුද්ගලයකි.’ අබූ හුරයිරා තුමා තවදුරටත්: “කළ කතාව ඔහුගේ මෙලොව හා මතුලොව විනාශ කර දැමීය.”ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උබාදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත; සැබැවින්ම මුහම්මද් තුමා ඔහුගේ ගැත්තකු හා දූතයකි; ඊසා නොහොත් ජේසු තුමා අල්ලාහ්ගේ ගැත්තෙකි. ඔහුගේ දූතයෙකි. එතුමා මර්යම් වෙත හෙළූ ඔහුගේ වදනය. ඔහුගෙන් වූ ප්‍රාණයය; ස්වර්ගය සැබෑවකි; නිරය සැබෑවකි යන වගට කවරෙකු සාක්ෂි දැරුවේ ද, ඔහු කවර ක්‍රියාවෙන් පිහිටිය ද ඒ අනුව අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරන්නේය."متفق عليه
عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «إذا عَطَسَ أَحَدُكُم فَلْيَقُل: الحَمْدُ للهِ، وَلْيَقُلْ لَهُ أَخُوهُ أو صاحبُهُ: يَرْحَمُكَ الله، فإذا قال له: يرحمك الله، فَلْيَقُلْ: يَهْدِيكُم الله ويُصْلِحُ بَالَكُم».رواه البخاري
عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «مَنْ عَادَ مَرِيضًا أَو زَارَ أَخًا لَهُ فِي الله، نَادَاهُ مُنَادٍ: بِأَنْ طِبْتَ، وَطَابَ مَمْشَاكَ، وَتَبَوَّأتَ مِنَ الجَنَّةِ مَنْزِلاً».رواه الترمذي وابن ماجه وأحمد
عن أنس بن مالك رضي الله عنه أَنَّ النَبيَّ -صلَّى الله عليه وسلَّم- كَان إِذَا تَكَلَّمَ بِكَلِمَةٍ أَعَادَهَا ثَلاَثًا حَتَّى تُفْهَمَ عَنْهُ، وَإِذَا أَتَى عَلَى قَوْمٍ فَسَلَّمَ عَلَيهِم سَلَّمَ عَلَيهِم ثَلاَثًا.رواه البخاري