Hadith for the World
ප්රතිපත්තිය

අවසාන දිනය පිළිබඳ විශ්වාසය

26 hadiths

26 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තීන්දු දෙනු ලබන පළමු කරුණ වනුයේ ලේ වැගිරීම සම්බන්ධයෙනි .”متفق عليه
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘අවසන් හෝරාව කවදා දැ?‘යි විමසා සිටියේය. එතුමාණෝ: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘ යි ඔහුගෙන් විමසුහ. ඔහු: ‘අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට මා ආදරය කිරීම හැර වෙනත් කිසිවක් නැත' යැයි පවසා සිටියේය. එතුමා: “ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි පැවසූහ. අනස් තුමා මෙසේ පැවසීය: "ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයෙන් අපි සතුටු වූ තරමට වෙනත් කිසිවකින් අපි සතුටු වූයේ නැත. තවදුරටත් අනස් තුමා මෙසේ පැවසීය. "එහෙයින් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් අබූ බක්ර් හා උමර් තුමාණන්ලා හටත් ආදරය කරමි. ඔවුන් කළ ඔවුන්ගේ ක්‍රියාවන් හා සමානව මා ක්‍රියා කර නො තිබුණ ද ඔවුන් කෙරෙහි මා ආදරය කර ඔවුන් සමග මාද වන්නට මම ප්‍රිය කරමි."متفق عليه
عن مرداس الأسلمي رضي الله عنه قَالَ: قَالَ النَّبِيُّ -صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ-: «يذهب الصالحون الأول فالأول، ويبقى حُثَالَةٌ كَحُثَالَةِ الشعير أو التمر لا يُبَالِيهُم الله بَالَةً».رواه البخاري
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බියට පත්වූ අයකු සේ තමන් වෙත පිවිස මෙසේ පවසා සිටි බව සෙයිනබ් බින්ත් ජහ්ෂ් (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේ. යඃජූජ් මඃජූජ් හිර කර ඇති බාධකය මේ ප්‍රමාණයට විවෘත වී ඇත.” යැයි එතුමා තම මහපට ඇඟිල්ල හා ඊට පරව ඇති ඇඟිල්ල රවුම් කොට පෙන්වුහ. එවිට මම: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතර දැහැමියන් සිටියදී අප විනාශ කරනු ලබන්නෙමු ද?" යැයි විමසා සිටියෙමි යැයි ඇය පැවසුවාය. එතුමා: “ඔව්, නපුර අධික වූ විට” යැයි එතුමා පැවසූහ.متفق عليه
عن معاذ بن أنس رضي الله عنه مرفوعًا: «مَن كَظَمَ غَيظًا، وَهُو قادر على أن يُنفِذَه، دَعَاه الله سبحانه وتعالى على رؤوس الخَلاَئِق يوم القيامة حتَّى يُخَيِّره من الحُور العَين مَا شَاء».رواه أبو داود والترمذي وابن ماجه وأحمد
عن أبي هريرة رضي الله عنه مرفوعًا: «إِنَّ الله تَعَالى يَقُول يَوْمَ القِيَامَة: أَيْنَ المُتَحَابُّونَ بِجَلاَلِي؟ اليَوم أُظِلُّهُم فِي ظِلِّي يَوْمَ لاَ ظِلَّ إِلاَّ ظِلِّي».رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උබාදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත; සැබැවින්ම මුහම්මද් තුමා ඔහුගේ ගැත්තකු හා දූතයකි; ඊසා නොහොත් ජේසු තුමා අල්ලාහ්ගේ ගැත්තෙකි. ඔහුගේ දූතයෙකි. එතුමා මර්යම් වෙත හෙළූ ඔහුගේ වදනය. ඔහුගෙන් වූ ප්‍රාණයය; ස්වර්ගය සැබෑවකි; නිරය සැබෑවකි යන වගට කවරෙකු සාක්ෂි දැරුවේ ද, ඔහු කවර ක්‍රියාවෙන් පිහිටිය ද ඒ අනුව අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරන්නේය."متفق عليه
عن معاذ بن جبل رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم أنه قال: «قَالَ اللهُ -عَزَّ وجَلَّ-: المُتَحَابُّون فِي جَلاَلِي، لَهُم مَنَابِرُ مِن نُورٍ يَغْبِطُهُم النَبِيُّونَ والشُهَدَاء».رواه الترمذي وأحمد
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "සැබැවින්ම ස්වර්ගයේ තරාතිරම් සියයක් ඇත. එය අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන් වෙනුවෙන් අල්ලාහ් සූදානම් කර ඇත. තරාතිරම් දෙකක් අතර ප්රමාණය අහස හා පොළව අතර වූ ප්රමාණය මෙනි."ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු දුප්පත් ණයකරුහට කල් දෙන්නේ ද, එසේ නැතහොත් ඔහු වෙනුවෙන් ඔහුගේ (ණයබර) සැහැල්ලු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් හෙවණක් නොමැති දිනයේ, ඔහුගේ රාජ්‍යයේ හෙවණ යටතේ ඔහු ඔහුට හෙවණ සළසා දෙනු ඇත.”رواه الترمذي وأحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ බර්සා අල්-අස්ලමී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ගැත්තෙකුගෙන් තම ආයු කාලය ගැන, එය කවර කරුණක ඔහු ගත කළේ යැයි ද, ඔහුගේ දැනුම ගැන, එය කවර විෂයක ක්‍රියා කෙරෙව්වේ යැයි ද, ඔහුගේ ධනය ගැන, එය කොතැනක සිට ඉපැයුවේ ද, කවර විෂයක වියදම් කළේ යැයි ද ඔහුගේ ශරීරය ගැන, එය කවර විෂයක වැය කළේ යැයි ද විමසනු ලබන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ දෙපා ඉවත්ව නොයන්නේමය.”رواه الترمذي
عن أبي أمامة رضي الله عنه قال: سمعتُ رسولَ اللهِ صلى الله عليه وسلم يقولُ: «اقْرَؤُوا القرْآنَ؛ فَإنَّهُ يَأتِي يَوْمَ القِيَامَةِ شَفِيعًا لأَصْحَابِهِ».رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "සෑම ගැත්තෙක්ම ඔහු කවර තත්ත්වයක මිය ගියේ ද ඒ මතම ඔහු අවදිකරනු ලබනු ඇත."ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ සිටියෙමු. එවිට එතුමාණෝ පුන් සඳ රාත්‍රියක චන්ද්‍රයා දෙස බලා මෙසේ පැවසූහ. “ඔබ මේ චන්ද්‍රයා දකින සේ සැබැවින්ම ඔබේ පරමාධිපතිව ඔබ දකිනු ඇත. ඔහුව දැකීමේදී ඔබ වෙහෙසට පත් නොවනු ඇත. තවද හිරු උදාවීමට පෙර හා එය අවරට යාමට පෙර පවතින සලාතය අතපසු නොකිරීමට ඔබට හැකිනම් ඔබ ඉටු කරනු. යැයි පැවසූහ. පසුව 'හිරු උදාවීමට පෙර හා අවරට යෑමට පෙර ඔබේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ කරනු' යන (අර්ථය ඇතුළත්) පාඨය එතුමාණෝ පාරායනය කළහ.متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: කවරෙකු සූරා අල්-කහ්ෆ්හි ආරම්භ‌යේ තිබෙන පාඨ දහයක් කටපාඩම් කර ගත්තේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය. තවත් වාර්තාවක සූරා අල්-කහ්ෆ්හි අවසානයේ යැයි සඳහන් වී ඇත.رواه مسلم
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයේ හදීසයකි.“සයිහාන්, ජය්හාන්, ෆුරාත් හා නය්ල් යන මේ සියල්ල ස්වර්ග ගංගාවන් අතුරිනි.“ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබැවින්ම කාෆිර් හෙවත් දේව ප්රතික්ෂේපකයා යම් යහපතක් සිදු කළ විට, ඒ හේතුවෙන් මෙලොවෙහි ආහාරයක් ඔහුට ආහාර වශයෙන් පිරිනමනු ලැබේ. නමුත් මුඃමින් හෙවත් දේව විශ්වාසවන්තයා වනාහි, සැබැවින්ම අල්ලාහ් මතුලොවෙහි ඔහු වෙනුවෙන් ඔහුගේ යහපත් දෑ රැස්කර තබා ඇත. ඔහුට අවනත වූ බැවින් මෙලොවෙහිදී ද පෝෂණයක් ඔහුට පිරිනමනු ඇත.“තවත් වාර්තාවක, “නියත වශයෙන්ම (කළ) යහපතකට මුඃමින්වරයකුට අල්ලාහ් අසාධාරණයක් නොකරනු ඇත. ඒ සඳහා මෙලොවෙහි පිරිනමනු ලැබේ. මතුලොවෙහි ද ප්රතිඵල දෙනු ලැබේ. නමුත් දේව ප්රතික්ෂේපිත කාෆිර්වරයා වනාහි, අල්ලාහ් වෙනුවෙන් සිදු නොකළ යහපත් දෑ සඳහා මතුලොවට ඔහු සේන්දු වන තුරු මෙලොවෙහි පෝෂණය දෙනු ලැබේ. නමුත් ඔහු කළ කිසිදු යහපතකට එමගින් ප්රතිඵල දෙනු නොලබනු ඇත.“ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් මුආවියා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අදාන් පවසා සලාතයට ඇරයුම් කරන උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් අතර වඩාත් දිගු බෙලිවලින් යුක්ත අය වෙති."رواه مسلم
عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «على أَنْقَابِ المدينةِ ملائكةٌ لا يدخلُها الطَّاعونُ، ولا الدَّجَّالُ».متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: "කවරෙකු අදානය (සලාතය සඳහා වූ ඇරයුම)ට සවන්දුන් අවස්ථාවේ, اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلاَةِ القَائِمَةِ، آتِ مُحَمَّدًا الوَسِيلَةَ وَالفَضِيلَةَ، وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ ("අහෝ මෙම පරිපූර්ණ ඇරයුම හා ඉටු කරනු ලබන සලාතයේ හිමිපාණනි! වසීලාව හෙවත් මැදිහත්වීම හා ෆළීලා හෙවත් මහිමය පිරිනමනු මැනව! ඔබ පොරොන්දු දුන් ප්‍රශංසනීය ස්ථානයේ ඔහුව අවදි කරනු මැනව!) යැයි පවසා සිටියේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත් වීම ඔහුට වලංගු විය." යැයි කීහ.رواه البخاري
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ මිය ගිය විට, ඔහුගේ නවාතැන උදේ හා හවස ඔහුට නිරූපණය කරනු ලැබේ. ඔහු ස්වර්ගවාසීන් අතරින් කෙනෙකු වී නම් ඔහු ස්වර්ගවාසීන් අතරින් වනු ඇත. එමෙන්ම ඔහු අපා ගින්නේ වාසීන් අතරින් කෙනෙකු වී නම්, ඔහු අපා ගින්නේ වාසීන් අතරින් වනු ඇත. එවිට ඔහුට මෙසේ පවසනු ලැබේ: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔබව අවදි කරන තෙක් ඔබේ වාසස්ථානය මෙය වේ."متفق عليه
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "හිරු බටහිරින් උදාවන තෙක් අවසන් හෝරාව උදා වන්නේ නැත. එසේ උදා වූ විට සියලු දෙනාම (දේවත්වය) විශ්වාස කරන මිනිසුන් දකිනු ඇත. එම මොහොත, "කිසිදු ආත්මයකට එහි විශ්වාසය ප්‍රයෝජනවත් නොවේ. මීට පෙර එය විශ්වාස කර සිටියේ නැත. එමෙන්ම එම විශ්වාසය තුළ කිසිදු යහපතක් උපයා ගත්තේ ද නැත." (අල්-අන්ආම්: 158) පුද්ගලයන් දෙදෙනෙකු ඇඳුමක් දිගු හැරිය ද එය ගනු දෙනු කිරීමට හෝ ඔවුන් එය නැවීමට හෝ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව (අනපේක්ෂිත ව) ක්‍රියාත්මක වනු ඇත. මිනිසෙක් තම ඔටුවාගෙන් කිරි දොවා රැගෙන ගිය ද එය පරිභෝජනය කළ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව (අනපේක්ෂිතව) ක්‍රියාත්මක වනු ඇත. තම තටාකයට වතුර පිරෙව්ව ද එහි ජලය සැපයීමට නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව සිදුවනු ඇත. ඔබ අතරින් කිසිවකු හෝ තම ආහාර මිටක් ඔසවා ඒවා අනුභව කළ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව උදා වනු ඇත."متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ සතු ගින්න අපා ගින්නෙන් හැත්තෑවෙන් එක් කොටසකි." එවිට "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එයම ප්‍රමාණවත් ය" යැයි ප්‍රකාශ කරන ලදී. එතුමා: "එය ඒවාට වඩා කොටස් හැට නවයකින් වැඩි කර ඇත. ඒවා සියල්ල එහි උෂ්ණත්වය හා සමාන වේ." යැයි පැවසුහ.متفق عليه
තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. "අදාන් පවසන මුඅද්දින් වරයාට ඔබ සවන් දුන් විට, ඔහු පවසන අයුරින්ම ඔබත් පවසන්න. පසුව මා වෙත (සලවාත්) ආශිර්වාද පවසන්න. හේතුව කවරෙකු මා වෙත සලවාත් පවසන්නේ ද අල්ලාහ් ඔහු වෙත දස වාරයක් සලාවාත් (ආශිර් වාද) පවසනු ඇත. පසුව මා වෙනුවෙන් අල්ලාහ්ගෙන් 'වසීලාව' පතන්න. සැබැවින්ම එය ස්වර්ගයේ ඇති නිලයකි. එය අල්ලාහ්ගේ ගැත්තන් අතරින් ගැත්තෙකුට හැර වෙනත් කිසිවකුට සුදුසු වන්නේ නැත. එය මා විය යුතු යැයි මම අපේක්ෂා කරමි. කවරෙකු මා වෙනුවෙන් 'වසීලාව' පතන්නේ ද ඔහුට මාගේ මැදිහත් වීම නියම වනු ඇත."رواه مسلم