Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

උක්බත් ඉබ්නු ආමිර් අල්-ජුහනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 42 languages
«උක්බත් ඉබ්නු ආමිර් අල්-ජුහනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "වේලාවන් තුනක් ඇත. අපි ඒවායෙහි සලාත් ඉටු කිරීම හෝ අප අතර මිය ගිය ඇත්තන් ඒවායෙහි වළ දෑමිම හෝ අල්ලාහ්ගේ දූතයාණෝ අපට තහනම් කළහ. එනම්, හිරු ඉහළට නැගෙන තුරු, එය මතුවෙමින් උදාවන අවස්ථාව, හිරු මුදුනින් අවරට යන තුරු එය මුදුනෙහි පවතින අවස්ථාව හා හිරු බැස යන තුරු බැස යාමට එය දුර්වල වෙමින් පවතින අවස්ථාවය."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

දහවල් කාලයේ වේලාවන් තුනක අතිරේක සලාත් ඉටු කිරීම හෝ ඒවායෙහි මියගිය ඇත්තන් වළ දැමීම හෝ නො කළ යුතු බව පවසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එය තහනම් කළහ. පළමු වේලාව: හිරු මතුවෙමින් උදාවන අවස්ථාව, එනම් හීයක ප්‍රමාණයක් ඉහළට එස වෙන තෙක් හිරු උදාවමින් පවතින ආරම්භ වේලාවය. සාමාන්‍යයෙන් පැය කාලක පමණ කාලයක් එය තක්සේරු කළ හැක. දෙවැන්න: අහස මධ්‍යයේ හිරු මුදුනට පැමිණෙන අවස්ථාව ය. එවිට අහස මධ්‍යයෙන් එය ඉවත් වන තුරු නැගෙනහිර දිශාවට හෝ බටහිර දිශාවට හෝ කිසිදු හෙවණක් නො පවතිනු ඇත. ළුහර් සලාතය ආරම්භ වන විට, නැගෙනහිර දිශාවෙන් හෙවණැලි මතු වනු ඇත. සාමාන්‍යයෙන් ඒ සඳහා ගත වන්නේ විනාඩි පහක් පමණ කෙටි කාලයකි. තුන්වැන්න: හිරු බැස යන තුරු බැස යාමට එය නැඹුරුවෙමින් පවතින අවස්ථාවය.

Source
رواه مسلم
Download image

Saved at original quality