Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 48 languages
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ස්වර්ගයේ, සැබැවින්ම දේවත්වය විශ්වාස කරන්නාහට සමචතුරශ්‍ර හැඩයෙන් යුත් එකම පළිඟුවකින් නිමා කරන ලද සිදුරු සහිත කූඩාරමක් වෙයි. එහි උස සැතපුම් හැටකි. දේවත්වය විශ්වාස කරන්නාට ඔහු වැනි වෙනත් අය එහි වෙති. දේවත්වය විශ්වාස කරන එම තැනැත්තා ඔවුන් වටා සැරිසරයි. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙක්ව නොදකිනු ඇත.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

ස්වර්ගයේ ඇති ඇතැම් සුව පහසුකම් පිළිබඳව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. සැබැවින්ම දේවත්වය විශ්වාස කළ මුඃමින්වරයාට ස්වර්ගයේ සමචතුරශ්‍ර හැඩයෙන් යුත් එකම පළිඟුවකින් නිමා කරන ලද විශාල කූඩාරමක් සතු වේ. එහි පළල හා අහස දෙසට වූ එහි උස සැතපුම් හැටකි. සෑම පැතිකඩකම කොණකම කෙළවරකම භාර්යාවන් සිටිති. ඔවුන් එකිනෙකා අනෙකාව නොදකිනු ඇත. දේවත්වය විශ්වාස කරන්නා ඔවුන් වටා සැරිසරනු ඇත.

Source
متفق عليه
Download image

Saved at original quality