Hadith for the World
ගනුදෙනු පිළිබඳ ආගමික නීති

සාම ගිවිසුම් සහ අසල්වැසි ප්රතිපාදන

2 hadiths

2 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම අසල්වැසියා උරුමක්කරුවකු වේ යැයි මා සිතන තරමට ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මට අසල්වැසියා සම්බන්ධයෙන් උපදෙස් දෙමින්ම සිටියහ.”متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ ෂුරෙයිහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් ‍මෙසේ වාර්තා කරන ලදී: "අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය." එසේ එතුමාණෝ පැවසූ විට "අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවරෙක් ද? යැයි විමසන ලදී. එතුමාණෝ: "තම අසල් වැසියා තම හිංසනයෙන් ආරක්ෂාව නොලබන තැනැත්තාය." යැයි පැවසූහ.رواه البخاري