Hadith for the World
ගනුදෙනු පිළිබඳ ආගමික නීති

දිවුරුම් හා භාරහාර

3 hadiths

3 hadiths

ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ භාරහාර තැබීමෙන් වැළැක්වූහ. එමෙන්ම මෙසේ ද පැවසූහ: “සැබැවින්ම එය යහපතක් ගෙන දෙන්නේ නැත. එය සිදු වන්නේ මසුරෙකුගෙනි”متفق عليه
සාබිත් ඉබ්නු අල්-ලහ්හාක් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම ඔහු ගස යට සිට අල්ලාහ්ගේ දූතයාණන්හට ප්රතිඥා දුන්නේය. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පැවසූහ. “ඉස්ලාම් නොවන පිළිවෙතක් සම්බන්ධ දිවුරුමක් මත ව්යාජ ලෙස උවමනාවෙන්ම දිවුරා සිටින්නේ ද ඔහු පවසා සිටි පරිදිම විය. කවරෙකු යම් දෙයකින් සිය දිවි නසා ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ අයුරින් දඬුවම් කරනු ලබනු ඇත. තමන්ට අයිති නොවන දෙයක භාරහාර තැබිම පුද්ගලයකුට සුදුසු නොවනු ඇත.” තවත් වාර්තාවක: “දේවත්වය විශ්වාස කළ අයට දොස් නැගීම ඔහුව ඝාතනය කළාක් මෙනි.” තවත් වාර්තාවක, ‘කවරෙකු බොරු වාදයක් තුළින් අධික කර ගැනීම උදෙසා තර්ක කළේ ද ගෞරවනීය අල්ලාහ් පහත් බව මිස වෙනකක් ඔහුට වර්ධනය කරන්නේ නැත.”බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ نَذَرَ أَنْ يُطِيعَ اللَّهَ فَلْيُطِعْهُ، وَمَنْ نَذَرَ أَنْ يَعْصِيَهُ فَلاَ يَعْصِهِ».رواه البخاري