Hadith for the World

All hadiths

The complete card collection, filter by chapter

655 hadiths

عن عمرو بن شعيب، عن أبيه، عن جده قال: قال رسول الله صلى الله عليه وسلم : «يَدُ المسلمين على مَن سِواهم، تَتَكافَأُ دِماؤهم وأموالُهم، ويُجِيرُ على المسلمين أدْناهم، ويَرُدُّ على المسلمين أَقْصَاهم».رواه أبو داود وابن ماجه وأحمد
عن عائشة رضي الله عنها : أنّ قومًا قالوا: يا رسول الله إنّ قومًا يأتوننا باللحم لا نَدري أَذَكروا اسمَ الله عليه أم لا، فقال رسول الله صلى الله عليه وسلم : «سَمُّوا الله عليه وكُلُوه».رواه البخاري
عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «إن لله تِسْعَةً، وتِسْعِينَ، اسْمًا، مِائَةً إلا واحدا مَنْ أَحْصَاهَا دخل الجنة».متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දිල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවකු හෝ යම් පිළිකුල් සහගත දෙයක් දුටුවේ නම්, ඔහු එය ඔහුගේ අතින් වැළැක්විය යුතුය. (එයට) ඔහු අපොහොසත් වූයේ නම්, එවිට ඔහුගේ දිවෙන් ද (එයට ද) ඔහු අපොහොසත් වූයේ නම්, ඔහුගේ හදවතින් ද විය යුතුය. එය ඊමාන් හෙවත් දේව විශ්වාසයේ අවමම නිලයයි."رواه مسلم
අබූ මාලික් අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ: පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව අතර ඇති දෑ පුරවාලයි. සලාතය ආලෝකයකි. දානය සාක්ෂියකි. ඉවසීම ප්‍රභාවකි. කුර්ආනය ඔබට පක්ෂව හෝ ඔබට විපක්ෂව පිහිටයි. සියලුම මිනිසුන් තම ආත්මය විකුණයි. ඔහු එය නිදහස් කර ගනිත්වා එසේ නැතහොත් විනාශ කර ගනිත්වා!"رواه مسلم
මුආද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "උෆෙයිර් නම් බූරුවකු මත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පසුපසින් මා වාඩි වී සිටියෙමි. එවිට එතුමාණෝ: අහෝ මුආද්, අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම හා ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම කුමක් දැයි ඔබ දන්නෙහි ද? යැයි විමසුහ. මම: 'අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඒ ගැන මැනවින් දන්නෝ වෙති' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම වනුයේ, ඔහුට නැමදුම් කිරීම හා කිසිවක් ඔහුට ආදේශ නොකිරීමය. ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට කිසිවක් ආදේශ නොකරන තැනැත්තන් හට දඬුවම් නොකිරීමය" යැයි පැවසූහ. එවිට මම: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මා මේ ගැන මිනිසුන්ට ශුභාරංචි දන්වා සිටිය යුතු නොවේ ද? යැයි විමසුවෙමි. එතුමාණෝ: ඔවුනට මේ ගැන ශුභාරංචි දන්වා නොසිටින්න. එවිට ඔවුහු එහිම එල්බගෙන සිටිනු ඇතැ"යි පවසා සිටියහ.متفق عليه
ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අනිවාර්යය කරවන කරුණු දෙක මොනවාදැ?"යි විමසා සිටියේය. එවිට එතුමාණෝ: "කවරෙකු අල්ලාහ්ට ආදේශ නොකර මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසෙයි. කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ කර මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිිසෙයි" යැයි පැවසූහ.رواه مسلم
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඉබ්නු ජුද්ආන් (නම් කෙකේ) "ජාහිලිය්යා" නම් අඥාන කාලයේ ඥාති සම්බන්ධකම් රකිමින්, දුප්පතුන්ට ආහාර සපයමින් සිටියේය. එය ඔහුට ප්‍රයෝජනවත් වන්නේ ද?" යැයි මම විමසුවෙමි. එතුමාණෝ: "ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. සැබැවින්ම ඔහු කිසි දිනක 'මාගේ පරමාධිපතියාණනි, විනිශ්චය දිනයේ දී මාගේ වැරදි වලට මට සමාව දෙනු මැනව' යැයි පවසා සිටියේ නැත."رواه مسلم
සුෆ්යාන් ඉබ්නු අබ්දිල්ලාහ් අස්-සකෆී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබෙන් හැර වෙනත් කිසිවකුගෙන් මා අසා නැති ඉස්ලාමයේ ප්‍රකාශයක් මා හට පවසන්නැයි මම පවසා සිටියෙමි. එතුමාණෝ: "'මම අල්ලාහ්ව විශ්වාස කළෙමි' යැයි ඔබ පවසා පසු ව එහි ස්ථාවර ව සිටින්න" යැයි පැවසූහ.رواه مسلم وأحمد
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "හිරු බටහිරින් උදාවන තෙක් අවසන් හෝරාව උදා වන්නේ නැත. එසේ උදා වූ විට සියලු දෙනාම (දේවත්වය) විශ්වාස කරන මිනිසුන් දකිනු ඇත. එම මොහොත, "කිසිදු ආත්මයකට එහි විශ්වාසය ප්‍රයෝජනවත් නොවේ. මීට පෙර එය විශ්වාස කර සිටියේ නැත. එමෙන්ම එම විශ්වාසය තුළ කිසිදු යහපතක් උපයා ගත්තේ ද නැත." (අල්-අන්ආම්: 158) පුද්ගලයන් දෙදෙනෙකු ඇඳුමක් දිගු හැරිය ද එය ගනු දෙනු කිරීමට හෝ ඔවුන් එය නැවීමට හෝ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව (අනපේක්ෂිත ව) ක්‍රියාත්මක වනු ඇත. මිනිසෙක් තම ඔටුවාගෙන් කිරි දොවා රැගෙන ගිය ද එය පරිභෝජනය කළ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව (අනපේක්ෂිතව) ක්‍රියාත්මක වනු ඇත. තම තටාකයට වතුර පිරෙව්ව ද එහි ජලය සැපයීමට නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව සිදුවනු ඇත. ඔබ අතරින් කිසිවකු හෝ තම ආහාර මිටක් ඔසවා ඒවා අනුභව කළ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව උදා වනු ඇත."متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ සතු ගින්න අපා ගින්නෙන් හැත්තෑවෙන් එක් කොටසකි." එවිට "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එයම ප්‍රමාණවත් ය" යැයි ප්‍රකාශ කරන ලදී. එතුමා: "එය ඒවාට වඩා කොටස් හැට නවයකින් වැඩි කර ඇත. ඒවා සියල්ල එහි උෂ්ණත්වය හා සමාන වේ." යැයි පැවසුහ.متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "අහස් සහ මහපොළොව මැවීමට වසර පනස් දහසකට පෙර අල්ලාහ් මැවීම්වල ඉරණම (පෙර නියමයන්) නියම කළේය. එතුමා තවදුරටත් මෙසේ පැවසීය: ඔහුගේ දේවාසනය ජලය මත විය."رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "යමෙක් හිතාමතාම මා ගැන බොරු කියන්නේ නම්, ඔහු නිරයේ අසුන් ගත යුතුය."متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය කරන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසාන ස්ථානයයි."رواه أبو داود والترمذي والنسائي في الكبرى وأحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අහෝ අබූල් මුන්දිර්! අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" ඔහු: "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යැයි මම පැවසුවෙමි. "අහෝ අබුල් මුන්දිර්, අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" යැයි එතුමාණෝ නැවතත් විමසූහ. ඔහු: "මම (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසුවෙමි. එතුමාණෝ මාගේ පපුවට තට්ටු කර මෙසේ පැවසූහ: "අල්ලාහ් මත දිවුරා පවසමි. අබුල් මුන්දිර්, දැනුම ඔබට මිහිරි වෙත්වා! ."رواه مسلم
තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. "අදාන් පවසන මුඅද්දින් වරයාට ඔබ සවන් දුන් විට, ඔහු පවසන අයුරින්ම ඔබත් පවසන්න. පසුව මා වෙත (සලවාත්) ආශිර්වාද පවසන්න. හේතුව කවරෙකු මා වෙත සලවාත් පවසන්නේ ද අල්ලාහ් ඔහු වෙත දස වාරයක් සලාවාත් (ආශිර් වාද) පවසනු ඇත. පසුව මා වෙනුවෙන් අල්ලාහ්ගෙන් 'වසීලාව' පතන්න. සැබැවින්ම එය ස්වර්ගයේ ඇති නිලයකි. එය අල්ලාහ්ගේ ගැත්තන් අතරින් ගැත්තෙකුට හැර වෙනත් කිසිවකුට සුදුසු වන්නේ නැත. එය මා විය යුතු යැයි මම අපේක්ෂා කරමි. කවරෙකු මා වෙනුවෙන් 'වසීලාව' පතන්නේ ද ඔහුට මාගේ මැදිහත් වීම නියම වනු ඇත."رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. කවරෙකුට සලාතයක් අමතක වූයේ ද පසුව ඔහුට එය මතක් වූ විට ඔහු එය ඉටු කළ යුතුය. එයට එය හැර වෙනත් ප්‍රතිකර්මයක් නැත. "මා සිහිපත් කරනු පිණිස සලාතය ඉටු කරනු" (තාහා: 14)متفق عليه
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ කතාදා අස්-සලමී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසි විට, තමන් වාඩි වීමට පෙර රකආත් දෙකක් ඉටු කළ යුතු වේ."متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුමෙයිද් හෝ අබූ උසෙයිද් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවෙකු හෝ මස්ජිදයට පිවිසි විට, ඔහු "අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" යැයි පැවසිය යුතුය. ඔහු පිටත් වූ විට "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යැයි පැවසිය යුතුය."رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මිනිසෙකු හා දේවත්වයට ආදේශ කිරීම හා දේවත්වය ප්‍රතික්ෂේප කිරීම අතර වෙනස සලාතය අත්හැර දැමීමය." ‍رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මිනිසා අතරින් සොරකමින් ඉතා නපුරුම තැනැත්තා තම සලාතය සොරකම් කරන්නාය" ඔහු: තම සලාතය සොරකම් කරන්නේ කෙසේද? යැයි විමසීය. එතුමාණෝ: 'ඔහු එහි රුකූඋ හා එහි සුජූදය පූර්ණවත් නොකරයි."رواه ابن حبان
ඉබ්නු අබී අව්ෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රුකූඋහි සිට එතුමාණන්ගේ පිට ඔසවා ගත් විට "සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පවසා 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු මිල්අස් සමාවාති වමිල්අල් අර්ළි වමිල්අ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃද්" යැයි පවසයි.رواه مسلم
උස්මාන් ඉබ්නු අබුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම ෂෙයිතාන් මගේ යාච්ඤාවෙන් සහ මගේ පාරායනය කිරීමෙන් මාව වැළැක්වීය, එය මා ව්‍යාකූල කිරීමට හේතු විය.' යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්): "එය ' හිඃන්දබ්' නම් ෂෙයිතාන්ය. එහෙයින් ඔබට ඔහුව දැනෙන්නේ නම්, ඔහුගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන්න. ඔබේ වමතට තුන් වරක් කෙළ ගසන්න." යැයි පැවසූහ. ඔහු: 'මම එය සිදු කළෙමි. අල්ලාහ් ඔහුව මගෙන් පහ කළේය.' යැයි පැවසීය.رواه مسلم