Hadith for the World
පිරිසිදුකම

පෙර සිට පැවත එන පිළිවෙත්

3 hadiths

3 hadiths

හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්‍රියේ අවදි වූ විට තම මුඛය මිස්වාක් දැහැටියෙන් හොඳින් මැද පිරිසිදු කර ගනියි.متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ෆිත්රා යන කරුණු පහකි: ලිංග චර්ම ඡේදනය, ලිංගාශ්‍රිත රෝම කැපීම, උඩු රැවුල කැපීම, නියපොතු කැපීම, කිහිලි රෝම ඉවත් කිරීම.”متفق عليه
ෂුරෙය්හි ඉබ්නු හානී තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් තම නිවසට පිවිසුනු විට හෙතෙම කවර කරුණකින් ආරම්භ කළේ ද? යැයි මම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසුවෙමි. එවිට ඇය: "දත් මැදීමෙනි" යැයි පැවසුවා ය.رواه مسلم