Hadith for the World
ප්රතිපත්තිය

කීර්තිමත් උත්තරීතර අල්ලාහ් පිළිබඳ විශ්වාසය

44 hadiths

44 hadiths

අබ්දුල්ලාහ් ඉබ්නු අකීම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු යමක් සම්බන්ධ කළේ ද ඒ වෙත ඔහු පවරනු ලැබේ.”ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසා තාරික් බින් අෂීම් අල් අෂ්ජඊ (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පවසා අල්ලාහ් හැර නැමදුම් ලබන අනෙකුත් දෑ ප්‍රතික්ෂේප කළේ ද, ඔහුගේ ධනය සහ ඔහුගේ ජීවිතය (අහිමි කිරීම) තහනම් වන්නේය. ඔහුගේ විනිශ්චය අල්ලාහ් මත පවතිනු ඇත.”رواه مسلم
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු අල්ලාහ් හමුවීමට ප්රිය කරන්නේ ද අල්ලාහ් ද ඔහු හමුවීමට ප්රිය කරයි. කවරෙකු අල්ලාහ් හමුවීමට පිළිකුල් කරන්නේ ද අල්ලාහ් ද ඔහුව හමුවීමට පිළිකුල් කරයි.“ එවිට මම, “අල්ලාහ්ගේ දූතයාණනි, එය මරණය පිළිකුල් කිරීම ද? එසේ නම් අපි සියලු දෙනා මරණය පිළිකුල් කරන්නෙමු ද යැයි පැවසුවෙමි. එවිට එතුමා, “එය එසේ නොවේ. නමුත් දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අයකු අල්ලාහ්ගේ කරුණාව, ඔහුගේ තෘප්තිය, ඔහුගේ ස්වර්ගය පිළිබඳ සුභාරංචි දන්වනු ලැබූ විට අල්ලාහ්ව හමුවීමට ඔහු ප්රිය කරනු ඇත. එවිට අල්ලාහ් ද ඔහුව හමුවීමට ප්රිය කරයි. දෙවියන් ප්රතික්ෂේප කරන අයකුට අල්ලාහ්ගේ දඬුවම ඔහුගේ කෝපය ගැන දන්වනු ලැබූ විට ඔහු අල්ලාහ්ව හමුවීම පිළිකුල් කරයි. අල්ලාහ් ද ඔහු හමුවීමට පිළිකුල් කරයි.“ යනුවෙන් පැවසුහ.ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කරුණාවන්තයෝ වනාහි, රහ්මාන් ඔවුනට කරුණා කරනු ඇත. මිහිකතේ වැසියනට නුඹලා කරුණා කරනු. අහස්හි සිටින්නන් නුඹලාට කරුණා කරනු ඇත.”رواه أبو داود والترمذي وأحمد
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට, أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය මුහුණින් ද, ඔහුගේ බලවත් අධිකාරියෙන් ද, මම ආරක්ෂාව පතමි.) යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. ඔහු: ‘මෙය පමණක් දැ?’යි විමසීය. එවිට මම ‘එසේය’ යැයි පැවසුවෙමි. එතුමා: ඔහු එය පැවසූ විට, ෂෙයිතාන්: 'අද දින ඉතිරිව ඇති කාලය තුළ ඔහු මගෙන් ආරක්ෂාව ලැබීය.' යැයි පවසයි.رواه أبو داود
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම කීර්තිමත් උත්තරීතර අල්ලාහ් ස්වර්ග වාසීන් දෙස බලා මෙසේ පවසයි. “අහෝ ස්වර්ග වැසියනි! එවිට ඔවුහු: (එසේය,) අපගේ පරමාධිපතියාණනි! ඔබ සමීපයට පැමිණ ඔබෙන් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය.” යැයි පවසයි. එවිට ඔහු නුඹලා තෘප්තිමත් වූයෙහු ද? යැයි විමසයි. එවිට ඔවුහු: “අපගේ පරමාධිපතියාණනි! ඔබේ මැවීම් කිසිවකුට ඔබ නොදුන් දෑ සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත.” යැයි පවසති. එවිට ඔහු: “මීට වඩා උතුම් දෙයක් මම නුඹලාට පිරිනමමි.” යැයි පවසයි. ඔවුහු: “අහෝ පරමාධිපතියාණනි! මීටත් වඩා උතුම් වනුයේ කුමන කරුණක් ද?” යැයි විමසති. එවිට ඔහු. “මාගේ තෘප්තිය නුඹලාට නියම විය. එහෙයින් මින්පසු මම කිසිවිටෙක නුඹලා කෙරෙහි කෝප නොවෙමි.” යැයි පවසයි.متفق عليه
عن أبي هريرة رضي الله عنه مرفوعاً: «إذا أَحَبَّ اللهُ تعالى العَبْدَ، نَادَى جِبْرِيلَ: إنَّ اللهَ تعالى يُحِبُّ فلاناً، فَأَحْبِبْهُ، فَيُحِبُّهُ جِبْرِيلُ، فَيُنَادِي في أَهْلِ السَّمَاءِ: إنَّ اللهَ يحِبُّ فلاناً، فَأَحِبُّوهُ، فَيُحِبُّهُ أَهْلُ السَّمَاءِ، ثُمَّ يُوضَعُ لَهُ القَبُولُ في الأرضِ». وفي رواية: قال رسول الله صلى الله عليه وسلم : «إنَّ اللهَ تعالى إذا أَحَبَّ عَبْدًا دَعَا جِبْرِيلَ، فقال: إني أُحِبُّ فلاناً فَأَحْبِبْهُ، فَيُحِبُّهُ جِبْرِيلُ، ثم ينادي في السَّمَاءِ، فيقول: إنَّ اللهَ يُحِبُّ فلاناً فَأَحِبُّوهُ، فَيُحِبُّهُ أَهْلُ السَّمَاءِ، ثُمَّ يُوضَعُ له القَبُولُ في الأرضِ، وإذا أَبْغَضَ عَبْدًا دَعَا جِبْرِيلَ، فيقول: إني أُبْغِضُ فلاناً فَأَبْغِضْهُ. فَيُبْغِضُهُ جِبْرِيلُ، ثُمَّ ينادي في أَهْلِ السَّمَاءِ: إنَّ اللهَ يُبْغِضُ فلاناً فَأَبْغِضُوهُ، ثُمَّ تُوضَعُ له البَغْضَاءُ في الأرضِ».متفق عليه. الرواية الأولى لفظ البخاري، والثانية لفظ مسلم
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: ගමනක දී මුආද් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පසුපසින් වාහනයේ යමින් සිටිය දී එතුමා මෙසේ පැවසීය: ‘අහෝ මුආද්!' ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. එතුමා නැවතත් ‘අහෝ මුආද්!’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. තුන්වන වරටත් ‘අහෝ මුආද්!’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. පසුව එතුමා මෙසේ පැවසූහ. “කවර හෝ ගැත්තකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්’ - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ දූතයා වේ - යැයි තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරන්නේ ද අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කරනු මිස වෙනෙකක් නොවනු ඇත. එවිට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජනතාවට සතුට ගෙන දෙනු පිණිස මෙය ඔවුනට මා දන්වා සිටිය යුතු නොවේ ද?' යැයි විමසා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා: ‘නැත! ඔවුන් ඒ මතම (පමණක්) සිටිනු ඇතැයි' පැවසූහ. පසු ව මුආද් (රළියල්ලාහු අන්හු) තුමා තම අවසන් කාලයේ, දැනුම සැගවීමේ පාපයට බියෙන් එය දන්වා සිටියේය.متفق عليه
عن أبي هريرة رضي الله عنه مرفوعاً: «بينما رجلٌ يمشي بطريقٍ اشتَدَّ عليه العَطَشُ، فوَجَدَ بِئْرًا فنزل فيها فَشَرِبَ، ثم خَرَجَ فإذا كَلْبٌ يَلْهَثُ يأكل الثَّرَى مِنَ العَطَشِ، فقال الرجلُ: لقد بَلَغَ هذا الكَلْبَ مِنَ العَطَشِ مِثْلَ الذِي كان قَدْ بَلَغَ مِنِّي، فنَزَلَ البِئْرَ، فَمَلَأَ خُفَّهُ ماءً ثم أَمْسَكَهُ بِفِيهِ حَتَّى رَقِيَ، فَسَقَى الكَلْبَ، فشَكَرَ اللهُ له، فَغَفَرَ لهُ» قالوا: يا رسول الله، إنَّ لَنَا في البَهَائِمِ أَجْرًا؟ فقال: «في كُلِّ كَبِدٍ رَطْبَةٍ أَجْرٌ». وفي رواية: «فشَكَرَ اللهُ له، فغَفَرَ له، فَأَدْخَلَهُ الجَنَّةَ». وفي رواية: «بَيْنَمَا كَلْبٌ يُطِيفُ بِرَكْيَةٍ قد كَادَ يَقْتُلُهُ العَطَشُ إذ رَأَتْهُ بَغِيٌّ مِنْ بَغَايَا بَنِي إِسْرَائِيلَ، فَنَزَعَتْ مُوقَهَا فَاسْتَقَتْ له بهِ فَسَقَتْهُ فَغُفِرَ لها بِهِ».الرواية الأولى: متفق عليها. الرواية الثانية: رواها البخاري. الرواية الثالثة: متفق عليها
عن ابن عباس رضي الله عنهما ، قال: كان النبيُّ صلى الله عليه وسلم يدعو: «ربِّ أَعِنِّي ولا تُعِن عليَّ، وانصرني ولا تنصر عليَّ، وامكر لي ولا تمكر عليَّ، واهدني ويسِّر هُدايَ إليَّ، وانصرني على مَن بغى عليَّ، اللهم اجعلني لك شاكرًا، لك ذاكرًا، لك راهبًا، لك مِطواعًا، إليك مُخْبِتًا، أو مُنِيبا، رب تقبَّل توبتي، واغسل حَوْبتي، وأجب دعوتي، وثبِّت حُجَّتي، واهدِ قلبي، وسدِّد لساني، واسْلُلْ سَخِيمةَ قلبي».رواه أبو داود والترمذي وابن ماجه وأحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “සෑම රාත්‍රියකම, රාත්‍රියේ තුනෙන් අවසාන කොටස පවතින විට, අපගේ පරමාධිපතියාණන් මෙලොව අහසට පහළ වී ‘කවරෙකු මා අමතන්නේ ද? මම ඔහුට පිළිතුරු දෙමි. කවරෙකු මගෙන් විමසන්නේ ද? මම ඔහුට පිරිනමමි. කවරෙකු මගෙන් සමාව අයදින්නේ ද? මම ඔහුට සමාව දෙමි.” යැයි පවසයි."متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව මර්සද් අල් ගනවිය්යි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලා මිනීවළවල් මත වාඩි නොවනු. ඒ දෙසට හැරී සලාත් ඉටු නොකරනු."رواه مسلم
عن أنس بن مالك رضي الله عنه أن النبي صلى الله عليه وسلم رأى نُخْامَة في القِبْلَة، فَشَقَّ ذلك عليه حتى رُئِي في وجْهِه، فقام فَحَكَّه بِيَده، فقال: «إن أحدكم إذا قام في صلاته فإنه يُنَاجِي رَبَّه، أو إن رَبَّه بينه وبين القِبْلَة، فلا يَبْزُقَنَّ أحدُكم قِبَل قِبْلتِه، ولكن عن يَسَاره أو تحت قَدَمَيه» ثم أخذ طَرف رِدَائِه، فَبَصَقَ فيه ثم ردَّ بَعْضَهُ على بعض، فقال: «أو يفعل هكذا».متفق عليه
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මේ වාර්තා කරන ලදී. සැබැවින්ම උම්මු සලමා තුමිය ඇබීසීනියානු දේශයේ දුටු මාරියා නම් පල්ලියක් පිළිබඳ මෙනෙහි කළාය. එහිදී ඇය දුටු පින්තූරු ගැන ද මතක් කර සිටියාය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළහ. “ඔවුන් ජන සමූහයකි. ඔවුන් අතර දැහැමි ගැත්තෙකු හෝ දැහැමි මිනිසකු හෝ මිය ගිය විට ඔහුගේ මිනිවළ මත ඔවුහු දේවස්ථාන ඉදි කළෝය. එහි එම පින්තූරු නිර්මාණය කළෝය. අල්ලාහ් අබියස වඩාත් නපුරුම ජනයා ඔවුහුය.”متفق عليه
عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «إن لله تِسْعَةً، وتِسْعِينَ، اسْمًا، مِائَةً إلا واحدا مَنْ أَحْصَاهَا دخل الجنة».متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දිල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”متفق عليه
මුආද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "උෆෙයිර් නම් බූරුවකු මත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පසුපසින් මා වාඩි වී සිටියෙමි. එවිට එතුමාණෝ: අහෝ මුආද්, අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම හා ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම කුමක් දැයි ඔබ දන්නෙහි ද? යැයි විමසුහ. මම: 'අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඒ ගැන මැනවින් දන්නෝ වෙති' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම වනුයේ, ඔහුට නැමදුම් කිරීම හා කිසිවක් ඔහුට ආදේශ නොකිරීමය. ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට කිසිවක් ආදේශ නොකරන තැනැත්තන් හට දඬුවම් නොකිරීමය" යැයි පැවසූහ. එවිට මම: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මා මේ ගැන මිනිසුන්ට ශුභාරංචි දන්වා සිටිය යුතු නොවේ ද? යැයි විමසුවෙමි. එතුමාණෝ: ඔවුනට මේ ගැන ශුභාරංචි දන්වා නොසිටින්න. එවිට ඔවුහු එහිම එල්බගෙන සිටිනු ඇතැ"යි පවසා සිටියහ.متفق عليه
ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අනිවාර්යය කරවන කරුණු දෙක මොනවාදැ?"යි විමසා සිටියේය. එවිට එතුමාණෝ: "කවරෙකු අල්ලාහ්ට ආදේශ නොකර මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසෙයි. කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ කර මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිිසෙයි" යැයි පැවසූහ.رواه مسلم
සුෆ්යාන් ඉබ්නු අබ්දිල්ලාහ් අස්-සකෆී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබෙන් හැර වෙනත් කිසිවකුගෙන් මා අසා නැති ඉස්ලාමයේ ප්‍රකාශයක් මා හට පවසන්නැයි මම පවසා සිටියෙමි. එතුමාණෝ: "'මම අල්ලාහ්ව විශ්වාස කළෙමි' යැයි ඔබ පවසා පසු ව එහි ස්ථාවර ව සිටින්න" යැයි පැවසූහ.رواه مسلم وأحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම අල්ලාහ් ඔබ වෙනුවෙන් කරුණු තුනක් සම්බන්ධයෙන් තෘප්තියට පත් වෙයි. එමෙන්ම ඔබ වෙනුවෙන් කරුණු තුනක් සම්බන්ධයෙන් ඔහු පිළිකුල් කරයි. එසේ ඔබ වෙනුවෙන් ඔහු තෘප්තියට පත් වනුයේ: ඔබ ඔහුට නැමදීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම හා ඔබ වෙන්ව නොයා සියලු දෙනා අල්ලාහ්ගේ රැහැණ තදින් අල්ලා ගැනීමය. ඔබ වෙනුවෙන් ඔහු පිළිකුල් කරනුයේ 'ඕපාදූප කීම, අධික ලෙස ප්‍රශ්න කිරිම හා ධනය නාස්ති කිරීම ය."رواه مسلم