Hadith for the World
ආගමික නීති හා එහි මූලධර්ම

වත්පිළිවෙත් පිළිබඳ ආගමික නීති

231 hadiths

231 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “නුඹලා කද්ර් රාත්‍රිය රමළාන් මාසයේ අවසන් දින දහයේ ඔත්තේ දිනයන්හි සොයන්න"متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී, “රාත්රිය මෙහි සිට උදා වී දහවල මෙහි සිට බැස යන විට උපවාසය රකින්නා උපවාසයෙන් මිදුණි.”බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලා එය(මුල් සඳ) දුටු විට උපවාසයේ නිරත වන්න. එමෙන්ම නුඹලා එය දුටු විට උපවාසයෙන් මිදෙන්න. නමුත් එය නුඹලා වෙත වැහි වලාවෙන් වැසී ඇත්නම් ඒ සඳහා දින ගණන් බලන්න.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. සාමුහිකව මිනිසෙකු ඉටු කරන සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසි ගුණයකින් පමණ අධික වෙයි. එයට හේතුව යමෙකු වූළු ධෝවනය කළ විට වුළු ධෝවනය අලංකාරව සිදු කර, පසු ව මස්ජිදය වෙත පැමිණෙයි. ඔහු සලාතය මිස වෙනත් කිසිවක් අපේක්ෂා කළේ නැත. සලාතය මිස වෙනත් කිසිවක් ඔහු ව (නිවසින්) බැහැර කළේ ද නැත. ඔහු මස්ජිදයට පිවිසෙන තෙක් (ඔහු තබන සෑම) පියවරකින්ම ඔහුට තත්ත්වයක් උසස් කරනු ලැබීමෙන් හා ඔහුගෙන් පාපයක් මකා දමනු ලැබීමෙන් මිස ඔහු (කිසිදු) පියවරක් නොතබනු ඇත. තවද ඔහු මස්ජිදයට ඇතුළු වූ විට සලාතය ඔහුව රඳවා තබන තාක් කල් ඔහු සලාතයේම සිටිනු ඇත. සලාතය ඉටු කරන ස්ථානයේම රැඳී සිටින තාක්කල් මලක්වරුන් ආශිර් වාද කරමින් එහි කිසිදු වරදක් හෝ කිලිටක් හෝ ඇති නොවන තාක් කල් ('යා ! අල්ලාහ් ඔහුට කරුණා කරනු මැනව! ඔහුට සමාව දෙනු මැනව! ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු මැනව’ යැයි ප්‍රාර්ථනා කරමින් සිටියි.متفق عليه
عن أبي ذر رضي الله عنه قال: قال النبي صلى الله عليه وسلم :«عُرِضَتْ عَلَيَّ أعمالُ أُمتي، حَسَنُهَا وسَيِّئُهَا فَوَجَدتُ في مَحَاسِنِ أَعْمَالِهَا الأَذَى يُمَاطُ عَنِ الطَّرِيقِ، ووَجَدتُ في مَسَاوِئِ أَعْمَالِهَا النُّخَاعَةُ تَكُونُ في المَسْجِدِ لا تُدْفَنُ».رواه مسلم
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදි. “අල්ලාහ්ගේ දූතයාණන්හට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) යම් වේදනාවක් හෝ වෙනත් යම් හේතුවක් මත රාත්රී සලාතය අතපසු වූ විට එතුමා දහවල් කාලයේ රකආත් දොළහක් ඉටු කරන්නෙකු වූහ.”ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
عن عائشة رضي الله عنها والمغيرة بن شعبة رضي الله عنه : أن النبي صلى الله عليه وسلم كان يقوم من الليل حتى تَتَفَطَّرَ قَدَمَاهُ فقلت له: لم تَصْنَعُ هذا يا رسول الله، وقد غفر اللهُ لك ما تقدم من ذنبك وما تأخر؟ قال: «أَفَلَا أحب أن أكونَ عبدا شَكُورًا».حديث عائشة -رضي الله عنها-: متفق عليه. حديث المغيرة بن شعبة -رضي الله عنه-: متفق عليه
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථාන මුස්ලිම් දේවස්ථාන වන අතර ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම පිළිකුල් සහගත ස්ථාන වෙළඳපොළවල් වේ."رواه مسلم
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දින දහය ප්‍රවේශ වූ විට, රාත්‍රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ. කැපවීමෙන් කටයුතු කළහ. වේට්ටිය තදින් බැඳ ගත්හ.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දී අතැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “සැබැවින්ම ඔබ අතරින් කිසිවකුගේ දොරටුව අසළින් ගංගාවක් ගලා බසී. ඔහු එයින් සෑම දිනකම පස් වාරයක් ස්නානය කරයි. ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ ද? ඒ ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද?" යැයි විමසූහ. ඔවුහු: "ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ නැත." යැයි පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: “පස් වාර සලාත්හි උපමාවද එලෙසය. එමගින් අල්ලාහ් වැරදි මකා දමනු ඇත.”متفق عليه
عن عائشة رضي الله عنها قالت: « خَسَفَتِ الشمس على عهد رسول الله صلى الله عليه وسلم فصَلَّى رسول الله صلى الله عليه وسلم بالناس. فأطال القيام، ثم ركع، فأطال الركوع، ثم قام، فأطال القيام -وهو دون القيام الأول- ثم ركع، فأطال الركوع -وهو دون الركوع الأول- ثم رفع فأطال القيام -وهو دون القيام الأول- ثم سجد، فأطال السجود، ثم فعل في الركعة الأخرى مثل ما فَعَل في الرَّكعة الأولى، ثم انصرف، وقد تَجَلَّتْ الشمس، فخَطَب الناس، فحَمِد الله وأَثْنَى عليه، ثُمَّ قال: إِنَّ الشَّمس والقمَر آيَتَان مِن آيات الله، لا ينْخَسِفَانِ لموت أحد ولا لِحَيَاته، فَإِذا رَأَيتُم ذلك فَادْعُوا اللَّه وكَبِّرُوا ، وصَلُّوا وتَصَدَّقُوا. ثم قال: يا أُمَّة مُحمَّد، واللهِ ما من أحد أغْيَرُ من الله أن يَزْنِيَ عبده أو تَزْنِيَ أَمَتُهُ. يا أُمَّةَ محمد، والله لو تعلمون ما أعلم لَضَحِكْتُمْ قليلا ولَبَكَيْتم كثيرا». وفي لفظ: «فاسْتَكَمَل أَرْبَع رَكَعَاتٍ وَأَرْبَع سَجَدَاتٍ».متفق عليه
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “රාත්රිය ආරම්භයේ එහි මධ්යයේ මෙන්ම එහි අවසානයේ යන රාත්රියේ සෑම කොටසකම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විත්ර් ඉටු කර ඇත. එතුමාගේ විත්ර් සලාතය සහර් වේලාවේ අවසන් විය.”බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අම්ර් ඉබ්නු ෂුඅයිබ් තුමා විසින්, තම පියා විසින් ද පියා සීයා විසින් ද ලබා මෙසේ වාර්තා කරන ලදී. “ඔබේ දරුවන්ට, ඔවුන් හත් වන වියේ පසුවන දරුවන් වන විට සලාතය ඉටු කරන මෙන් නියෝග කරන්න. ඔවුන් දසවන වියේ පසුවන දරුවන් වන විට ඒ සඳහා ඔවුනට දඬුවම් කරන්න. නිදියහන්වලින් ඔවුන් වෙන් කරන්න.”رواه أبو داود
عن عبد الله بن زيد بن عَاصِم المازِنِي رضي الله عنه قال: «خرج النبي صلى الله عليه وسلم يَسْتَسْقِي، فتَوَجَّه إلى القبلة يدْعو، وحَوَّل رِدَاءه، ثم صلَّى ركعتين، جَهَرَ فيهما بالقِراءة». وفي لفظ «إلى الْمُصَلَّى».متفق عليه
عن عبد الله بن عمرو بن العاص رضي الله عنهما مرفوعاً: "كُلُوا، وَاشْرَبُوا، وَتَصَدَّقُوا، وَالْبَسُوا، غَيْرَ مَخِيلَة، وَلَا سَرَف".رواه ابن ماجه والإمام أحمد، وذكره البخاري في صحيحه تعليقًا مجزومًا به
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී: “මියගිය තැනැත්තන් හට දොස් නොකියනු. සැබැවින්ම ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙතට ඔවුන් ළඟා වී ඇත.”رواه البخاري
අබ්දුර් රහ්මාන් ඉබ්නු අබූ ලයිලා විසින් වාර්තා කරන ලදී. "කඃබ් ඉබ්නු උජ්රා තුමා මා මුණ ගැසී මම ඔබට ත්‍යාගයක් වශයෙන් යමක් පවසන්න ද?" යැයි විමසා සිටියේය. "සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අප වෙත පැමිණියේය. එවිට අපි අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට අප සලාම් කිව යුත්තේ කෙසේ දැ?යි අපි දනිමු. නමුත් ඔබ වෙත අපි සලවාත් (ආශිර්වාද) පැවසිය යුත්තේ කෙසේ ද?යැයි විමසුවෙමු. එවිට එතුමාණෝ නුඹලා “අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෙයිත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්, අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්.” (අහෝ දෙවියනි! ඉබ්රාහීම් තුමාගේ පවුලේ අය වෙත ඔබ ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා එතුමාණන්ගේ පවුලේ ඥාතීන්හට ආශිර්වාද කරත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාබීය. කීර්තිමත්ය. දෙවියනි, ඉබ්රාහීම් තුමාගේ පවුලේ උදවිය වෙත ඔබ සමෘද්ධිය ඇති කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා මුහම්මද් තුමාගේ පවුලේ ඥාතීන්හට සමෘද්ධිය ලබා දෙත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාබීය, කීර්තිමත්ය. යනුවෙන් පවසනු" යැයි පැවසූහ.متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අල් කුර්ආනයේ ආරම්භය (සූරා අල් ෆාතිහා) පාරායනා නොකළේ ද ඔහුට සලාතය වලංගු වන්නේ නැත.”متفق عليه
عن أَنَس بن مالك رضي الله عنه مرفوعاً: «ما صَلَّيْتُ خلف إمام قَطُّ أَخَفَّ صلاة، ولا أَتَمَّ صلاة من النبي صلى الله عليه وسلم ».متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු ජනාසා සලාත් ඉටු කරන තෙක්ම එයට සහභාගී වූයේ ද ඔහුට ‘කීරාත්’ (නම් කුසල් ප්රමාණයක්) හිමිය. කවරෙකු වල දමන තෙක් ඒ සඳහා සහභාගී වූයේ ද ඔහුට කීරාත් දෙකක් හිමිය. ‘කීරාත් දෙකක් යනු කුමක් දැ?යි විමසනු ලැබූ විට, ‘විශාල කඳු දෙකක් මෙන්’ යැයි එතුමා පැවසූහ. මුස්ලිම්හි සඳහන් හදීසයක. “ඒ දෙකින් වඩාත් කුඩාම ප්රමාණය වනුයේ උහද් කන්දේ ප්රමාණය මෙනි.” යනුවෙන් සඳහන්ව ඇත.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
عن جُنْدُب بن عَبْدِ الله البجَليِّ رضي الله عنه قال: «صلى النبي صلى الله عليه وسلم يوم النَّحر، ثم خطب، ثم ذبح، وقال: من ذبح قبل أن يُصَلِّيَ فَلْيَذْبَحْ أُخرى مكانها، ومن لم يذبح فَلْيَذْبَحْ باسم الله».متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජුන්ද් ඉබ්නු අබ්දුල්ලාහ් අල්-කසරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු සුබ්හ් සලාතය ඉටු කළේද ඔහු අල්ලාහ්ගේ වගකීම තුළ වෙයි. ඔහුගේ වගකීම තුළ පවතින කිසිවක් ගැන අල්ලාහ් ඔබෙන් ප්‍රශ්න කරන්නේ නැත. ඔහුගේ වගකීම තුළ පවතින යමක් සම්බන්ධයෙන් ඔහු කවරෙකුගෙන් ප්‍රශ්න කර සිටියේ ද ඔහු ඔහුව ග්‍රහණය කර මුණින් අත පෙරළා අපා ගින්නට ඇදගෙන යනු ඇත.”رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “කවරෙකු උදෑසන කාලයේ මස්ජිදය වෙත පිය නගන්නේ ද, එසේ නැතහොත් දහවල් කාලයේ පියනගන්නේ ද එසේ උදෑසන හෝ දහවල් කාලයේ පියනගන සෑම අවස්ථාවකම ස්වර්ග උයනේ සංග්‍රහයක් අල්ලාහ් ඔහුට සූදානම් කරනු ඇත.”متفق عليه
عن عمر بن الخطاب رضي الله عنه مرفوعًا: «مَنْ نَامَ عَنْ حِزْبِهِ مِنَ الليلِ، أو عَنْ شَيْءٍ مِنه، فَقَرَأَهُ ما بَيْنَ صَلَاةِ الفَجْرِ وَصَلَاةِ الظُّهْرِ، كُتِبَ لهُ كَأَنَّمَا قَرَأَهُ مِنَ الليلِ».رواه مسلم