Hadith for the World
Topic

ආගමික නීති හා එහි මූලධර්ම

288 hadiths

288 hadiths

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "දේවත්වය විශ්වාස කරන්නන් අතරින් විශ්වාසයෙන් වඩාත් පුර්ණවත් තැනැත්තා ඔවුන් අතර සදාචාරයෙන් වඩාත් යහපත් තැනැත්තාය. නුඹලා අතරින් වඩාත් ශ්‍රේෂ්ඨ තැනැත්තා නුඹලා අතර තම බිරියන් හට ශ්‍රේෂ්ඨ තැනැත්තාය."رواه أبو داود والترمذي وأحمد
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මෙලොව භුක්ති විඳින්නකි. මෙලොව භුක්ති විඳින දැයින් වඩාත් උතුම් වනුයේ ධාර්මික කාන්තාවය."رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ් මෙසේ පැවසීය: අහෝ ආදම්ගේ පුතුනි! ඔබ වියදම් කරන්න. ඔබ වෙනුවෙන් වියදම් කරනු ලැබේ."متفق عليه
عن أبي موسى الأشعري رضي الله عنه مرفوعاً: «على كل مسلم صدقة» قال: أرأيت إن لم يجد؟ قال: «يعمل بيديه فينفع نفسه ويتصدق» قال: أرأيت إن لم يستطع؟ قال: «يُعِينُ ذا الحاجة المَلْهُوفَ» قال: أرأيت إن لم يستطع، قال: «يأمر بالمعروف أو الخير». قال: أرأيت إن لم يفعل؟ قال: «يُمسك عن الشر، فإنها صدقة».متفق عليه
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ඉමාම් ආමීන් යැයි පැවසූ විට නුඹලා ද ආමීන් පවසනු. හේතුව කවරෙකුගේ ආමීන් පැවසීම මලක්වරුන්ගේ ආමීන් පැවසීමට සැසදෙන්නේ ද ඔහු පෙර කළ පාපයන්ට ඔහුට සමාව දෙනු ලබන්නේය.“බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා විසින් වාර්තා කරන ලදී. ඇය සමග කාන්තාවක් සිටියදී එතුමා එය වෙත පැමිණ, මැය කවුරුන්දැයි විමසා සිටියහ. ඇයගේ සලාතය පිළිබඳ සිහිපත් කරමින් ඇය මැය වේ යැයි පවසා සිටියහ. එතුමණෝ, “ඉවත් වනු, ඔබට ශක්තිය ඇති දෑ ඔබ පිළිපදිනු. එහෙයින් අල්ලාහ් මත දිවුරා සිටිමි. නුඹලා විඩාවට පත්වන තෙක් අල්ලාහ් විඩාවට පත් නොවෙයි. ඔහු වෙත දහමෙහි වඩාත් ප්රියමනාප වනුයේ එය ඉටු කරන්නා එහි අඛණ්ඩව රැඳී සිටීමය.“ යැයි පැවසූහ.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කාන්තාවන් අතරට පිවිසීම ගැන මම නුඹලාට අවවාද කරමි" යැයි පැවසූහ. එවිට අන්සාර්වරුන් අතුරින් වූ මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණනි, "හම්වූ පිළිබඳ ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි විමසුවේය. (එවිට) ‘හම්වු මරණය වේ" යැයි එතුමා පැවසුවේය.متفق عليه
عن أبي هريرة رضي الله عنه مرفوعًا: «تُعْرَضُ الأعمالُ يومَ الاثنين والخميس، فَأُحِبُّ أَنْ يُعْرَضَ عَملي وأنا صائم». وفي رواية: «تُفْتَحُ أبوابُ الجَنَّةِ يومَ الاثنين والخميس، فَيُغْفَرُ لكلِّ عبد لا يُشْرِكُ بالله شيئا، إِلا رجلا كان بينه وبين أخيه شَحْنَاءُ، فَيُقَالُ: أَنظِروا هذيْن حتى يَصْطَلِحَا، أنظروا هذين حتى يصطلحا». وفي رواية: «تُعْرَضُ الأَعْمَالُ في كلِّ اثْنَيْنِ وَخَميسٍ، فَيَغْفِرُ اللهُ لِكُلِّ امْرِئٍ لا يُشْرِكُ بالله شيئاً، إِلاَّ امْرَءاً كانت بينه وبين أخِيهِ شَحْنَاءُ، فيقول: اتْرُكُوا هذَيْنِ حتى يَصْطَلِحَا».حديث أبي هريرة الأول رواه الترمذي. والحديثان الآخران هما حديث واحد، رواه مسلم، وكرر لفظة: "أنظروا هذين حتى يصطلحا" ثلاثاً
عن عائشة رضي الله عنها أنّ رسولَ اللهِ صلى الله عليه وسلم كانَ يقول في ركوعه وسجودِه: «سبُّوحٌ قُدُّوسٌ رَبُّ المَلاَئِكَةِ وَالرُّوحِ».رواه مسلم
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබැවින්ම ඉමාම් වරයකු (සලාතය මෙහෙයවන්නෙකු) පත් කරනු ලබනුයේ ඔහුව අනුගමනය කිරීම සඳහාය. එබැවින් ඔහුට විරුද්ධව වෙනස්ව කටයුතු නොකරනු. ඔහු තක්බීර් පැවසු විට නුඹලා ද තක්බීර් පවසනු. ඔහු රුකූඃ කළ විට නුඹලා ද රුකූඃ කරනු. ඔහු ‘සමිඅල්ලාහු ලිමන් හමිදහ්’ යැයි පැවසූ විට, නුඹලා රබ්බනා වලකල් හම්දු යැයි පවසනු. ඔහු සුජූද් කළ විට නුඹලාද සුජූද් කරනු. ඔහු වාඩි වී සලාතය කළ විට නුඹලා සියලු දෙනාද වාඩි වී සලාත් ඉටු කරනු.”බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අපගේ උපවාසය හා ආගම් ලත් සෙසු ජනයාගේ උපවාසය අතර වෙනස ‘සහර්’ (නම් අළුයම්) කාලයේ ආහාර ගැනීමය.”ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා)තුමා විසින් ප්‍රකාශ කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), ජනයා අතර වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. රමළාන් මාසයේ ජිබ්රීල් තුමා එතුමාණන්ව හමුවන අවස්ථාවේ වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. එතුමා රමළාන් මාසයේ සෑම රාත්‍රියකම එතුමාණන්ව මුණ ගැසී එතුමාණන්ට අල් කුර්ආනය උගන්වමින් පසුවූහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හමන සුළඟට වඩා යහපත කිරීමෙහි ඉමහත් පරිත්‍යාගශීලී අයකු වූහ.”متفق عليه
عن أنس بن مالك رضي الله عنه قال: كان رسولُ اللهِ صلى الله عليه وسلم يُفطِر قبْل أن يصلي على رُطَبات، فإن لم تكنْ رُطَباتٌ فَتُمَيْراتٌ، فإن لم تكنْ تُمَيْراتٌ، حَسَا حَسَواتٍ مِن ماء.رواه أبو داود والترمذي وأحمد
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “ෂඃබාන් මාසය තරම් වෙනත් කිසිදු මාසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අධික ලෙස උපවාසයේ නිරත නොවූහ. හේතුව සැබැවින්ම එතුමාණන් ෂඃබාන් මාසය මුළුල්ලේම උපවාසයේ නිරත වන්නෙකු වූ බැවිණි.” තවත් වාර්තාවක එතුමාණෝ ස්වල්පයක් හැර ෂඃබාන් මාසයේ උපවාසයේ නිරත වන්නෙකු වූහ.බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ සුහෙයිර් උමාරා ඉබ්නු රුඅයිබා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “හිරු උදාවීමට පෙර හා හිරු අවරට යෑමට පෙර සලාත් ඉටු කරන කිසිවකු නිරයට පිවිසෙන්නේම නැත."رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “එළැඹෙන වසර තෙක් මා සිටියේ නම් සැබැවින්ම මම නව වැනි දින ද උපවාසය රකිමි.”ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
අස්වද් ඉබ්නු යසීද් තුමා මෙසේ පවසයි: නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් එතුමාණන්ගේ නිවසේ සිදු කරමින් සිටියේ කුමක් දැ?යි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසන ලදී. ඇය: එතුමා තම නිවසේ කටයුතුවල නිරතවන්නෙකු වූහ. -එනම් නිවැසියන්ට වැඩපල කර දුන්හ) නමුත් සලාතයේ වේලාව පැමිණි විට සලාතය සඳහා පිටත්ව ගියහ.رواه البخاري
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවර මුස්ලිම් පුද්ගලයකු හෝ වේවා ඔහුට අනිවාර් යය සලාතය ළඟා වී පසුව ඔහු ඒ සඳහා වන වුළූ ධෝවනය කර, බැතිමත්භාවය හා ඊට අදාළ මූලිකාංග නිසි අයුරින් සිදු කරන්නේ ද ඔහු මහා පාපයක් සිදු නොකරන තාක් කල් ඊට පෙර පැවති පාපකම් වලට එය ප්‍රතිකර්මයක් වනු ඇත. එය කාලය පුරාවටම පවතිනු ඇත.”رواه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමේදී අල්ලාහ්ට වඩාත් ප්‍රියා මනාප දිනයන් වනුයේ මෙම දිනයන් මිස වෙනත් නැත.” එනම් දින දහයයි. ඔවුහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමත් (ඊටත් වඩා ප්‍රිය මනාප) නොවන්නේ ද’ යැයි විමසා සිටියෝය. එතුමා: “අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම ද නැත. නමුත් තම ජීවිතය හා තම ධනය කැප කරමින් පිටත්ව ගොස්, ඒ කිසිවක් සමග නැවත හැරී නො එන මිනිසා හැර” යැයි පැවසූහ.رواه البخاري وأبو داود، واللفظ له
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව කඃබ් ඉබ්නු උජ්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සෑම අනිවාර්යය සලාතයකට පසුවම, මේවා පවසන්නාට හෝ මේවා සිදු කරන්නාට හෝ අලාභයක් ඇති නොවෙයි. එනම් තිස් තුන් වතාවක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පැවසීම, තිස් තුන් වතාවක් (අල් හම්දුලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පැවසීම හා තිස්හතර වතාවක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පැවසීමය."رواه مسلم
බුරයිදා ඉබ්නු අල් හසීබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අසර් සලාතය යුහුසුළුව ඉටු කරන්න. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ “කවරෙකු අසර් සලාතය මග හැරියේ ද සැබැවින්ම ඔහුගේ කටයුතු නිෂ්ඵල විය.”යැයි පැවසුහ.رواه البخاري
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු වුළූ ධෝවනය, විධිමත්ව ඉටු කරන්නේ ද ඔහුගේ ශරීරයෙන් මෙන්ම ඔහුගේ නියපොතු යටින් පවා ඔහුගේ පාපකම් ඉවත් ව යයි.”رواه مسلم
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව සෙයිද් බින් කාලිද් අල් ජුහනී (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී. “කවරෙකු උපවාසය රකින්නෙකුහට උපවාසය මිදෙන්නට සළස්වන්නේ ද ඔහුට හිමි ප්රතිඵලය මෙන් සමාන ප්රතිඵලයක් මොහුට ද හිමි වන්නේය. නමුත් උපවාසය රකින්නාගේ කුසලින් කිසිවක් අඩු කරනු ලබන්නේ නැත.”ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මුඅද්දින් (සලාතය සඳහා අරයුම් කරන්නා)ගේ ඇරයුමට සවන් දෙන අවස්ථාවේ කවරෙකු: "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ, ලා ෂරීක ලහූ, වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, රළීතු බිල්ලාහි රබ්බන්, වබිමුහම්මදින් රසූලන්, වබිල් ඉස්ලාමි දීනන්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තාය. ඔහුගේ දූතයාය. යැයි සාක්ෂි දරමි. අල්ලාහ් පරමාධිපති බවත්, මුහම්මද් දූතයාණන් බවත්, ඉස්ලාමය දහම බවත්, පිළිගතිමි). යනුවෙන් පවසන්නේ ද ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලබන්නේය."رواه مسلم